මල්වර මතිමතාන්තර

ජුනි 12, 2020

“මැද පළාත තුළ සිදුවන චාරිත්‍රය අනුව“ රෙදි නැන්දා කෙනෙකු සහභාගි කර ගැනීමට නොහැකි වූවහොත්, මෙයට සහභාගි කරවා ගන්නේ ඇවැස්ස නැන්දාය. ඇවැස්ස නැන්දා කෙනෙකුද සොයා ගැනීමට නොහැකි වුවහොත් සමීප නැන්දා කෙනෙකු සහභාගි කරවා ගනී. එසේත් නොමැති නම් තම ආදරණීය මවට හිස දිය හැලීමේ කාර්යය හිමි වෙයි.

වනිතා ලොවට සුවිශේෂී අවස්ථාවක් වන ප්‍රථම ආර්ථවය හෙවත් මල්වරය, තම දියණියගේ සිදුවීම අනුව හැකි අයුරින් දන්නා හෝ, නොදන්නා පමණින් සළකාගෙන, චාරිත්‍ර කටයුතු කිරීමට මව්පියන් සමත් වෙති. මෙම සිදුවීම පිළිගැනීමක නොමැතිව කටයුතු කිරීමෙන් පසුවට සිදුවන පලවිපාකයට මුහුණ දීමට දෙන්නේ තම දියණියමයි. මේ පිළිබඳව ඇති වන පල විපාකයන් රාශියක් මීට පෙර ලිපියක දක්වා ඇත.

සාරාවලිය, දෛවඥකාම දෙනුව, වශිෂ්ඨ, ශ්‍රී ධර, හෝරාභරණය, කාල මෘතය, නාරද භෘගු, වෘහජ්ජාතක, ලඝු ජාතකය, භාරද්වාජ සංහිතා මනු සමෘති, ආදීන් එම ග්‍රන්ථවලින් දක්වා ඇත්තේ ඔවුන්ගේ නිපුතතාවය දැක්වීමට නොව මතු පරපුරට ප්‍රයෝජනයට ගැනීමටත්, සිදුවන නානා විධ ගැටලුවලින් ඇතිවන ගැටලු බාධක වලින් මිදීමටය.

මල්වරය සිදුවීම වූ විට, දැන ගැනීමට ලක් වූ විට, පළමුවෙන්ම එම බාලිකාව, වෙන්කර, නිවසේ ඉඩ ප්‍රමාණය අනුව සුදුසු ස්ථානයක තැබීමයි. තනිකම රැකීමටත් අවශ්‍ය කටයුතු කර දීමට එම වයසට සුදුසු ගැහැනු ළමයෙකු හෝ වැඩිහිටි තැනැත්තියක් ළඟ සිටුවීමයි. එම තැනැත්තියද වට පිටාව ගැන තේරුමක් ඇති ගුණ ගරුක යහපත් චරිතයක් ඇති මෙන්ම විශ්වාස තැනැත්තියක් වීම සුදුසු බවට ඇතැම් තැන්වල දක්වා ඇත. තනිකම් දෝෂය ලෙස දක්වා ඇත්තේ මල්වරය සිදුවූ පසුව නොදැනුවතම නිවසින් පිටව යාම තුංමංසල පාළු ස්ථාන, සොහොන් බිම් අසලින් ගමන් කිරීම, නුසුදුසු ස්ථානවලදී, තෙල් බැඳුම් ආහාර ගැනීම හා තනිව ගමන් කිරීම අනුව, තනිකම් දෝෂ ඇතිවන බවට මතයයි.

ඡ්‍යොතිර්වේදියකු වෙත ගොස් ඔහුට දැන්වීම අනුව, ඔහු තත් කාලය, දූත ලක්ෂණ , වචනයේ අක්ෂර ආදිය උපයෝගී කරගනිමින්, ගතිගුණ හා චරිතය, ඉදිරිය දෙමාපියන්ට සුබ අසුබතාවය ආදී, පලාපල දක්වා සුබ දිනයක් හා සුදුසු වේලාවක් හා පැළඳීමට ඇඳුමක් ද නියම කරයි. යොදා ගන්නා දිනය පිළිබඳව සැඟවී ඇති පලාපලයක් ද මෙසේ වෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.