රෑ නිදියහනේ ඔබ දුටු සිහිනේ

ජුනි 19, 2020

රන්මාලයක් සිහිනෙන් දැකීම – ඉතා සුබ සිහිනයක්. විවාහවීමට බලාපොරොත්තුවන අයට මංගල යෝජනා එන සුබ කාලයකි. රැකියා බලාපොරොත්තු අයටද සතුටුදායක සුබ ආරංචි ලැබේ. 

පහන් පත්තු කිරීම දැකීම– සිද්ධස්ථානයකදී පහන් පත්තු කිරීම සිහිනෙන් දැකීමෙන් පෙන්නුම් කරන්නේ තමාගේ පැතුම් ඉටුවන කාලයක් බවයි. හදිසි ධන ලාභ ලැබීමේ පෙරනිමිත්තකි. නිවාස සෑදීමට වාසනාව පෑදේ. 

පරවියන් සිහිනෙන් දැකීම – 

ඉතා වාසනාවන්ත කාලයක් උදාවේ. අවිවාහක අයට මංගල යෝජනා උදාවී ඉටුවේ. විදේශ රැකියා බලාපොරොත්තු අයට විදෙස් රැකියා ලැබේ. දරුවන් බලාපොරොත්තු තැනැත්තියන්ට (ගැබිණි මව්වරුන්ට) වාසනාවන්ත දරුවන් ලැබේ. 

මල් සහිත ගසකින් මල් නෙලීම සිහිනෙන් දැකීම – 

මෙතෙක් ඉටු නොවුණු බලාපොරොත්තුවක් ඉටුවේ. ව්‍යාපාර ඇරඹුම සුබයි. ධනය ලැබේ. විදේශ ගමන් යෙදේ. රැකියා ලබයි. 

මල් දැකීම – රෝගියෙකු මෙම සිහිනය දුටුවේ නම් රෝගියා ඉක්මනින් සුවපත් වේ. රැකියා මාරුවක් උසස්වීම් සමඟ ලැබේ. සම්පත් ලැබේ. රුව ලස්සන වේ. අවිවාහකන අය විවාහ වේ. 

මුහුද – මුහුද සිහිනෙන් දැකීම නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් උසස් සාර්ථක ප්‍රතිඵල ලබාගනී. පෙම්වතුන් පෙම්වතියන් මෙම සිහිනය දුටුවේනම් විවාහය සිදුවේ. 

මළ මිනිස් හිසක් – මෙයත් ඉතා අශුභ සිහිනයකි. පදිංචි වත්තට අකුණු සැර වැදීමට ඉඩ ඇත. කෙනෙක් (තරහා කාරයෙක්) භූමියේ භූමිපාලු වලටද, නිවැසියන්ගේ සමගියට හානි පමුණුවයි. ව්‍යාපාර ඇනහිටී. වටිනා ඉඩම් ඉතා අඩු මිලට විකුණා දමයි. ඒ මුදල්ද නිකරුනේ වියදම් වේ. 

රථ සිහිනෙන් දැකීම – මෙය සුබ සිහිනයකි. සැප සම්පත් ලැබේ. දරුවන් අධ්‍යාපනය කටයුතුවලට විදේශ ගතවීමට ශිෂ්‍යත්ව ලබාගනී. අලුත් නිවාස සාදාගනී. රථවාහන ලාභ ලැබේ. ඉඩම් මිලදී ගෙන දරුවන්ට නිවාස සාදා දෙයි. 

යතුරක් දැකීම – හීනෙන් යතුරක් දැකීම ඉතා සුබයි. තම බලාපොරොත්තු ඉටුවේ. ව්‍යාපාර කරන කෙනෙකුට නම් ව්‍යාපාරය වසර කීපයකින් ඉහළම තැනට දියුණු වේ. වාහන කිහිපයක හිමිකරුවෙකි. පින් අතේ වැඩ කරයි. දුගියන්ට උපකාර කරයි. දුගී සිඟනුන්ට වාසයට නිවාසයක් ආරම්භ කරයි. 

යතුර නැතිවෙනවා දැකීම – මෙය අශුභ සිහිනයකි. පෙම්වතෙකු මෙම සිහිනය දුටුවොත් පෙම්වතිය ඔබට පිටුපා යයි. හිත්තැවුල් ඇතිවේ. පෙම්වතියක් නම් පෙම්වතා ඇයව අතහැර යයි. ධන ධාන්‍ය භෝග විනාශ වේ. 

යක්ෂයෙකු දැකීම – ඉතා අවාසනාවන්ත කාලයක් උදාවේ. සියලු දේපල විනාශ වේ. ව්‍යාපාර අසාර්ථක වේ. විවාහ ජීවිත අවසන් වේ. දරුවන් හිතුවක්කාරිව විවාහ කටයුතු කරගෙන ඒවාත් අතහැර ගනී. 

පිරිසුදු වස්ත්‍ර දැකීම – මෙය සුබඵල උදාකරන සිහිනයකි. විදේශ ගමන් යෙදේ. විභාග ගන්නා සිසුවෙක් සිසුවියක් නම් විභාගවලින් උසස් ලෙස සමත් වේ. 

මංගල උත්සවයක් සිහිනෙන් දැකීම – මෙය විවාහයකින් දැකීම ඉතා අසුබයි. දෙදෙනා අතර විරසක වීම් ඇතිවේ. බිරිඳ සැමියාටත්, සැමියා බිරිඳටත් එකිනෙකා වෛර කර ගුටුබැට ඇනගනී. බැරිම තැන බිරිඳ දරුවන්ද දමා තමාගේ ගෙදරට යයි 

මඟුල් කපුවන් දැකීම – බලාගෙනයි. අවිවාහක තරුණියක් නම් වංචනිකයෙකුට රැවටී නැවත විවාහයට යන්නට බැරි තැනට කටයුතු යෙදේ. රැවටීම්වලට හසුවී මංමුලාවේ හිත කලකිරේ. 

මෝරා – සිහිනෙන් මෝරකු දුටු විවාහක ස්ත්‍රියකට නම් ධනලාභ ලැබේ. දුක්බරව ගෙවුණු ජීවිතය සාර්ථක වේ. දියුණු වේ. පින්වත් දරුවන් ලබයි. සැමියා කරන රැකියාව හෝ ව්‍යාපාර දියුණු වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.