යුග දිවියේ රස සොයා යමු

ජූලි 3, 2020

ස්ත්‍රී , පුරුෂ දෙදෙනෙකු විවාහ ගිවිස ගන්නා මොහොතේදී සැමියා තම බිරිඳ අමතන්නේ මගේ ජීවිතයේ සැප, සතුට පිණිස මම ඔබේ අත ගනිමි. එබැවින් ඔබ මා සමඟ මගේ ජීවිතයේ අවසන් මොහොත දක්වා සහයෝගයෙන් , ආදරයෙන් සිටින්න යනුවෙනි.  මිනිසෙකුට ලෞකික වශයෙන් ලැබිය හැකි පරම සැපත, සතුට වන්නේ විලිබිය ඇති පිරිසුදු,ගුණවත් ලස්සන කීකරු බිරිඳක් සහ රටට වැඩදායක උගත්, බුද්ධිමත් දරුවන් හදාගෙන සමාජයට යැවීමත් ය.  අප සමාජයේ බොහෝ දෙනෙකු මෙවැනි වාසනාවන්ත ජීවිත ගත කරන්නන් යයි සිතිය හැකිය.  එහෙත් සමහරුන්ගේ විවාහ ජීවිත එකම ගිනි ගොඩක් හෙවත් කොටි වල්ගය අල්ලා ගැනීමක් හෝ උරචක්‍ර මාලයක් පලඳවා ගැනීමක් හෝ විය හැකිය. 

උගතකු , බුද්ධිමතකු , රූමතකු,බලවතකු හෝ කලාකරුවකු මේ සෑම අංශයකින්ම පිරිපුන් කෙනෙකු හෝ ලෙස සිතන ඇතැම් අය විවාහ ජීවිතයද ඒ නිසාම සාර්ථක එකක් වනු ඇතැයි සිහින මවනවා ඇත. කෙනෙකු ඒ අයුරින් සිතීම මුළාවකි. වරදින්නේ එවිටය. මේ සම්බන්ධ ලෝක ඉතිහාසයේ උදාහරණ බොහෝ ඇත. 

ගී‍්‍රක දාර්ශනික සොක්‍රටීස්, විශිෂ්ටතම කලාකරු ලියෝ ටොල්ස්ටෝයි අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකුවූ ඒබ්‍රහම් ලින්කන් එංගලන්තයේ විසූ සුප්‍රසිද්ධ කවියකුවු මිල්ටන් බ්‍රිතාන්‍යයේ කිරුල හිමි චාල්ස් කුමරු. 

මේ අයගේ සෑම කරුණක්ම ඉතාම සාර්ථකව ඉටුකරගත් නමුත් විවාහ ජීවිතය ඉමහත් ලෙස අසාර්ථක බවට පත්වූයේය. 

එදා මෙන්ම අදත්  පුරුෂයකු කාන්තාවකගේ අත ගන්නේ සැපය සොයා බව රහසක් නොවේ. එසේ නම් ඒ සඳහා උපකාර ලබා ගැනීමට විශිෂ්ටතම මාර්ග උපදේශකවරයා වශයෙන් ඡ්‍යොතිෂයට හිමිවන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානයකි. 

ඡ්‍යොතිෂයේ පිහිට පතන්නේ නිවට මෝඩයන් නොවේ. ජීවිත ගැටලුවලට ආත්ම විශ්වාසයක් ඇතිව මුහුණ දී ජයග්‍රහණය කරා පිය නැගීමට ඡ්‍යොතිෂය ප්‍රදීපයක් කර ගත යුතුයි. 

පින්බර පෙම්බර රූමත් කෙල්ලක පවුල් දිවිය සඳහා තෝරා ගන්නට නම් ඊට පෙර ඡ්‍යොතිෂ්‍ය ඍෂිවරයන්ගේ අවවාදයන් පිළිබඳ සැලකිල්ලක් දැක්වුවහොත් මනුලොව සුරපුරයක් කරගත හැකිය. 

ස්ත්‍රීන්ගේ කේන්ද්‍රයේ හත්වැන්නෙන් සෞභාග්‍ය පිළිබඳවද ලග්නයෙන් සහ චන්ද්‍රයාගෙන් ශරීරයේ ස්වභාවයද අටවැන්නෙන් විනාශයද පස්වැන්නෙන් දරුඵලද කිව යුතු බව පැවසේ. 

පලාඵල කීමේදී ඡ්‍යොතිෂවේදයට බලවත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවේ. එබැවින් තීක්ෂණ බුද්ධියෙන් විමසා බලා පලාඵල කිව යුතුය. එසේ නොවුණහොත් වරදිනු ඇත. 

උදාහරණ වශයෙන් ස්ත්‍රී කේන්ද්‍රයක ලග්නය කටක යයි සිතමු. එහි කුජ සිටී.එම කුජ සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වේ. සම රාශියක් නිසා ගැහැනු ළමයා හොඳ විය යුතුයි. නමුත් කුජ නීච වී සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වීම නිසා ඇය ගණිකාවකි. 

මෙයට වෙනස් කාන්තාවන්ගේ ග්‍රහ පිහිටීම් කීපයක් ගැන විමසා බලමු. 

සෞම්‍ය ග්‍රහයන් දෙදෙනෙකු සමඟ හෝ සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වූ හෝ සතුරු ග්‍රහයා හත්වැන්නේ සිටි විට ඒ කාන්තාව රාජ බිසවකට සමාන වේ. නැතහොත් ඒ හා සමාන සැප සම්පත් ලබන කෙනෙකු වෙයි. ශ්‍රේෂ්ඨ නායකයකුගේ බිරිඳක් වේ.  

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.