ලක්දිව ඇසළ සිරියෙන් පිබිදී චාරිත්‍ර වාරිත්‍ර ඉටු කෙරෙන ඇසළ සමය

ජූලි 3, 2020

බුදුදහමේ උතුම්ම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්  පෙරහරවල් පැවැත්වීම දෙවියන්ට භාරහාර වෙමින් කප් සිටුවීම ගම්මඩු , ගිනිමඩු, යාතිකා, පිරිත් දෙසුම් පවත්වමින් රෝබිය දුක්බිය තුරන්කිරීම සඳහා ශාන්ති කර්ම, බෝධිපූජා පවත්වමින් සෙතශාන්තිය උදාකිරීම සඳහා අයැද සිටින්නේ ඇසළ මාස යේදී ය. 

වෙසක් පොසොන් මාස ගෙවී ඊසාන දෙසින් හමා එන මෝසමත් සමඟ ගස්වැල් මලින් බරවී ගොවිතැන් සශ්‍රීක වී උදාවන ඇසළ සමය බුදුදහමේ උතුම්ම මාසය වන්නේ බෝසතුන් මව් කුස පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්මීම, බුදුරජාණන් වහන්සේ බරණැසදී පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම,  යමා මහ ප්‍රාතිහාර්ය පාමින් තීර්ථකයින් දමනය කිරීම, තව්තිසා දෙව්ලොවදී දෙවියන්ට ධර්මය දේශනා කිරීම, බුදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ප්‍රථම සංගායනාව පැවැත්වීම ආදී සිදුවීම් රැසක්ම සිදුවූයේ ඇසළ පුන් පොහෝ දිනකදීය. 

ඇසළ මාසයේදී දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල උත්සව සැණකෙළි, පී‍්‍රති උත්සව පැවැත්වීම බොහෝ කලක සිටම පවත්වති. පුරාතණයේදී මේවා ඇසළ කෙළි නමිනුත් දෙව් කෙළි නමිනුත් පැවැති බව ඉතිහාසගතව ඇත. දිවයින පුරාම නොයෙකුත් ප්‍රදේශවල ඇසළ සමයේදී දෙවි දේවතාවුන්, ප්‍රධාන කොට ඇසළ පෙරහැරවල් පවත්වති. ගොවිතැන්වල සශ්‍රීකත්වය මෙන්ම නිසි කලට වැසි ලබාගැනීම වසංගත රෝග උපද්‍රවවලින් ආරක්ෂාව ලබාගැනීම සඳහාත් පුද පූජා මෙන්ම ඇසළ පෙරහර පවත්වති. ආගමික හෝ වේවා ජාතික හෝ වේවා පවත්වනු ලබන උත්සව අප රටේ සංස්කෘතික ලක්ෂණ විදහාපාන මතු පරපුරට ආදර්ශයක්  ගෙන දෙන ඒවාය. වෙසක් පොහොය හා පොහෝ දිනය බෞද්ධ ඉතිහාසයේ වැදගත්ම දිනයන් ද වේ. එහෙත් මේ ආගමික උත්සව දෙකටම වඩා ඇසළ උත්සවය ඓතිහාසික පසුබිමක් ගෙන හැර පායි. 

ඇසළ පෙරහර සඳහා දෙවියන්ගෙන් අවසර ලබා ගැනීම මෙන්ම රටේ සශ්‍රීකත්වය සඳහා අයැද සිටිමින් කප් සිටුවීම සිදුකරන්නේද පුද පූජා පවත්වමිනි. ඉතිහාසගතව ඇති පරිදි සුරා සුර සංග්‍රාමයේදී සුරයින් ජයග්‍රහණය කිරීමේ සතුටට දළදා පෙරහැර පවත්වා ඇති බවයි. තවද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව පත්තිනිදේවියගේ සළඹ රැගෙන ගජබා රජු ක්‍රි.ව. 174-196 ලක්දිවට පැමිණියෙන් ඒ සඳහා පෙරහර පවත්වා ඇති බවයි. 

ඇසළ සමයේදී දළදා වහන්සේට කරන පූජා අතර දළදා පෙරහැර මූලිකත්වයට පත්ව ඇත. දළදා පෙරහැර ශ්‍රී මේඝවර්ණ රජ සමයේ සිටම පැවත එන්නකි. දෙවිනුවර (දේවනගරයේ) ඇසළ පෙරහර, ශ්‍රී විෂ්ණු දේවාලයේ ඇසළ පෙරහර ආරම්භ කොට ඇත්තේ භාරයක් ඔප්පු කිරීමේ අරමුණ ඇතිවය. දඹදෙණිය රාජධානියේ පරාක්‍රමබාහු මහ රජතුමා චන්ද්‍රභාණු නම් රජකුගෙන් රට බේරාගැනීම සඳහා දෙවිනුවර උපුල්වන් දෙවිඳුන්ට වූ භාරයක් ඔප්පු කිරීම සඳහා දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ඇසළ මහා පෙරහර ආරම්භ කොට ඇත. 

  

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ

 

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.පී. රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.