ග්‍රහ අපලවලින් මිදීමට ශාන්තිකර්ම

ජූලි 3, 2020

ධර්මානුරූපව  උපත ලබන මිනිසා කර්මානුරූපව සැප – දුක් විඳියි. මිනිසාට නිරන්තරව මුහුණ පෑමට සිදුවන අටලෝ දහමේ සුබ පැත්ත සපල කාලය වන අතර අසුබ පැත්ත අපල කාලය වේ.අපල කාලය යනු දුක් කරදරවලින් පිරි අසහනකාරී අවස්ථාවකි. මෙම අපල කාල තමා විසින් පෙර ආත්මවලදී කරන ලද අකුසල කර්ම විපාක ලැබෙන කාලය වේ. එබැවින් අපල සඳහා කළ යුතු එකම ශාන්ති කර්මය වන්නේ පින්දහම් කරමින් සදාචාර සම්පන්නව ජීවත් වීමයි. 

සියල්ලම පෙර කර්මයට පවරාදිය නොහැකි අතර වර්තමානයේ අප සිදු කරන ක්‍රියාද බොහෝ අපල ,අනතුරු, රෝගාබාධ ආදිය සඳහා බලපායි. කර්ම විපාක වශයෙන් ඇතිවන ඇතැම් රෝග පීඩා ද, උපක්‍රමශීලිව වළක්වා ගත හැකි බව බුදුදහමේ දැක්වේ. මේ අනුව පැහැදිලි වන්නේද බුද්ධිමත්ව, සදාචාරවත්ව ක්‍රියා කිරීමෙන් බොහෝ අපල උපද්‍රව දුරුකර ගත හැකි බවයි. එසේ වුවත් දේව පූජා, බෝධි පූජා ආදී ශාන්ති කර්ම ද ප්‍රතික්ෂේප කර නැත. 

 “දිවාජ රත්තෝච හරන්ති යෙ බලිං 

තස්මාහි නෙ රක්ඛථ අප්පමන්තා” යනුවෙන් රතන සූත්‍රයේදී බුදුන් වහන්සේද වදාරා ඇත්තේ යම් මනුෂ්‍ය කෙනෙක් අමනුෂ්‍යයන්ට දිවා රාත්‍රී දෙකෙහි පූජා පවත්වන්නේ නම් (පින්පෙත් පමුණුවන්නේ) ඔවුන් අප්‍රමාදව ආරක්ෂා කළ යුතු බවයි. 

වර්ෂ දහස් ගණනක් පැරණි අතිශයින් විද්‍යාත්මක පදනමක් මත පිහිටි ඡ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ මිනිසාට මුහුණපෑමට සිදුවන නොයෙක් අපල උපද්‍රව වලදී, ඒවා කල් ඇතිව හඳුනා ගෙන ඒවායින් වැළකීමට වත් පිළිවෙත් රැසක්ද පෙන්වා දී ඇත. 

රවිගේ අපල සඳහා

ඉරිදා දිනවලදී අන්ධ පුද්ගලයන්ට උක් හකුරු සහිත කිරිබතක් දන් දීම. 

රතු නෙළුම්,රතු කොඩි. උක් හකුරු සහිත කිරිබතක් උදේ කාලයේ බෝධියට පූජා කර මංගල සූත්‍රය ගායනා කිරීම 

සූර්ය මණ්ඩලය හෝ අඝෝර යන්ත්‍රය පැළඳීම පද්මරාග මැණිකක් සහිත මුද්දක් පැළඳීම 

ඊශ්වර දෙවියන්ට පූජාවක් තබා යාතිකා කර භාරවීම ඉඹුල් ගසකට සාත්තු සප්පායම් කිරීම සෙත් කවි කියවීම 

සඳුගේ අපල සඳහා 

සවස් කාලයේදී පිච්ච මල් හෝ සුදුමල්, සුදු කොඩි, පලතුරු යුෂ මිශ්‍ර ගිලන්පස ආදිය සමඟ සඳුන් මිශ්‍ර තැඹිලි තෙල් පහන් 07 ක් දල්වා බෝධීන් වහන්සේ අභියස පූජාව තබා තුන් සූත්‍රය තුන්වරක් කියන්න. දිළිඳු කාන්තාවන්ට පලතුරු සහිත ආහාර දෙන්න. සමන් දෙවියන්ට හා පත්තිනි මෑණියන්ට පූජා තබා යාතිකා කර බාර වෙන්න. චන්ද්‍ර මණ්ඩල හෝ රතන යන්ත්‍රය පළඳින්න. මුතු පළඳින්න දිවුල් වෘක්ෂයට සාත්තු සප්පායම් කරන්න. සෙත් කවි කියවන්න 

කුජගේ අපල සඳහා

රතු මල් ඇතුළු පූජා ද්‍රව්‍ය බෝධීන් වහන්සේට පූජා කර කරණීයමෙත්ත සූත්‍රය හා ජිනපඤ්චරය ගායනා කිරීම අංග විකල අයට රසකැවිලි සහිත ආහාර දීම කතරගම දෙවියන්ට පූජාවක් තබා යාතිකා කර බාර වීම කොරල් ගලක් ඇල්ලූ මුදුවක් පැළඳීම කන්දකුමාර හෝ මණ්ඩල සිලම්බර යන්ත්‍රය පැළඳීම කොළොන් ගසකට සාත්තු සප්පායම් කිරීම සෙත් කවි කියවීම

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.