වසංගත රෝග පරදවන පිළිවෙත

ජූලි 10, 2020

වසර සියයකට වරක් වසංගත රෝග පැතිරෙයි. මෙය ලෝක ඉතිහාසය සාක්ෂි දරන්නකි. ඉන් “වයිරස් රෝග වෙන්කර හඳුනාගත යුතුය. සමහර වයිරස් උදෙසා ස්ථීර සාර ඖෂධ නොමැත. එවැනි වයිරස් රෝග මර්දනය කරනුයේ පුද්ගල ප්‍රතිශක්ති කරණයෙනි.

සමහර වයිරස් වර්ග වෙනස් වෙමින් (පරිනාමය) පැතිරෙයි මෙය ඖෂධ නිෂ්පදනයට අභියෝගයකි. “කෝවිඩ් -19’ එලෙස පසුවන්නක් වේ. මේ නිසා තවමත් නිශ්චිත ඖෂධයක් නොමැත. සමස්ත ලෝකය නිශ්චිත ප්‍රතිකාරයකට පර්යේෂණ සිදු කරයි.

“කෝවිඩ් - 19” වයිරසයට සුවිශේෂී හැඩයක් පවතී. වෛරස් කවචය උල් සහිත කෙඳිවලින් නිර්මිතය. ඇතුල් වන ශරීරය තුළ පහසුවෙන් දැවටෙයි. පුද්ගලයන් පහසුවෙන් රෝගීන් බවට පත්වේ.

වෛරස් වලට එරෙහිව ස්වභාවික ශරීරය ක්‍රියා කරයි. ශරීරය සතු මේ බලය ප්‍රතිශක්තිය ලෙස හඳුන්වනු ලැබේ. “කෝවිඩ් – 19” වයිරසයට එරෙහිව ප්‍රතිශක්ති ක්‍රියාවලිය බලවත් වේ. එම වෙහෙසේ ඵලයක් ලෙස පෙනහළු සෙම්වලින් පිරෙයි. ඉන් ඇතිවෙන නියුමෝනියාව හේතු කොට ගෙන රෝගීන් මිය යනු ලැබේ. ලක්ෂ ගණනක් රෝගීන් මිය ගියේ මෙයාකාරවය.

වයිරස් රෝග වලින් මිදීමට අනුගමනය කරන පිළිවෙත් රැසකි. අනාදිමත් කාලයක සිට අනුගමනය කළ සිරිත් විරිත් රැසක් වේ. ඒවා පාරම්පරික හෙල වෙද වත් පිළිවෙත් ය. කඩුල්ලේ කොහොඹ අතු එල්ලා පැමිණීම තහංචි කෙරීය. උළු අස්සේ අඹ අතු එල්ලා නිවසට ඇතුල්වීම වලකන ලදී. බඳුනක ජලයේ කහ ,දෙහි බහා අවශ්‍යම පැමිණීමකට පවිත්‍රතා ක්‍රම ඇති කෙරීය. ඇතුල් වීමේදී හා පිටවීමේදී සිය ඖෂධ ජලයෙන් වයිරස් හරනය කරගත යුතුය. නිවැසියන් වාචිකව අන් අයට නොයන ලෙස දැනුවත් කරයි. රෝගියාගෙන් ඈත්ව නිවැසියන් ගිලන් උපස්ථාන කරනු ලැබේ. පෙරුම්කායම්. කහ, කොහොඹ, සස්සඳ මුල්,ගඳපාන, වයිරසයෙන් වැළකීමට පැළඳවූහ. හල්දුම්මල, පැඟිිරිකොළ,කුරුඳු කොළ, සල්පත්, ගඳපාන එකක් හෝ කීපයක් ගෙන දුම් අල්ලනු ලැබේ. ඉන් වායුවේ හෝ අවට තිබෙන වයිරසයේ කවචය විනාශ වේ. මෙයින් වයිරස් ව්‍යාප්තිය වළක්වනු ලැබීය. පුද්ගල දුරස්ථභාවයද මනාව පවත්වා ගන්නා ලදී. මෙම පාරම්පරික පිළිවෙත් කෝවිඩ් –19 පැතිරීම වැළැක්වීමට ප්‍රත්‍යක්ෂය.

“සමාජ දුරස්ථ භාවය” යන්න සංකල්පයට භාවිත නොකළ යුත්තකි. සමාජ විද්‍යාව හා ගම්‍ය නොවන්නක් වේ. මෙය “පුද්ගල දුරස්ථභාවය” යන්නෙන් සංස්කරණය විය යුත්තකි. එවැන්න රෝග බෝවීම වළක්වා ගැනීමට අවශ්‍ය වන්නක් වේ. ඉන් මානසික ආතතිය ඇතිවන බවද අවබෝධ කර ගත යුතුය. තත්වය එසේනම් සමාජ දුරස්ථතාවය සිදුවුවහොත් වන විනාශය බරපතල වේ. පුද්ගල දුරස්ථභාවය තුළ සත්කාරක සමාජ සම්බන්ධතා අරක්ෂා කරගත යුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ආචාර්ය පණ්ඩිත වෛද්‍ය
ලක්ෂ්මන් වසන්ත රුක්මාල්
ගොරකපිටිය පිළියන්දල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.