යුගදිවිය රසවත් කරන කාන්තාවෝ

ජූලි 17, 2020

මෙලොව උතුම් සම්පත යුගදිවියයි. යුගදිවිය අසාර්ථක වුවහොත් මුළු ජීවිතයම කඩා වැටේ. පීතෘ මූලික සමාජ යතාවර්ථකයක වුවත් සාර්ථක මිනිසෙකු පිටුපස වාසනාවන්ත දිරිය කාන්තාවක් (ගැහැනියක්) සිටී යන කියමනක් තිබේ. 

ඇත්ත වශයෙන්ම අති දක්ෂ උපායශීලි කාන්තාවන් සමාජයේ ඉහළම තැනක සිටින බැව් නොරහසකි. 

අවිවාහක සමහර පිරිමි අය ජීවිතයේ ඇද වැටී තිබේ. නමුත් ගැහැනිය කිසිදිනක ඇද නොවැටේ. 

දැනට හැට හැවිරිදි එක් සුරූපී කාන්තාවක් විවාහ වී වසර පහකින් දික්කසාද වූවාය. සිය එකම පුතා හදා වඩා උසස් ඉගෙනුමක් ලබාදී දැනට ඉහළ තනතුරක් දරමින් විශාල වැටුපක් ලබන්නේය. දැවැන්ත නිවසක් හා වටිනා වාහන කීපයකද හිමිකරුය. 

මකර ලග්නයෙන් උපන් ඇගේ හතර කේන්දරය පාළුය. 11 වැන්නේ රවි බලවත්ව ඇති අතර පූර්ව ආත්මයන්හි මහා පින්කම් කර ඇති බැව්ද පැහැදිලිය. ඇය දිරිය කතකි. 

මේ ලිපියෙන් අද ඔබට පැවසීමට සූදානම් වන්නේ යුගදිවිය රසවත් කරන කාන්තාවන් ගැනයි. 

මවක්ද, මිතුරියක්ද, ගුරුවරියක්ද උපදේශිකාවියක්ද බිරිඳක් ලෙස ද ජීවිතයේ හැසිරිය යුතුයි. ස්ත්‍රී ශයනෙ වෛශ්‍යානාම් යහනේදී වෙසඟනක් විය යුතුම ය. යුගදිවිය සාමයෙන්, සමගියෙන් රසවත්ව රසවිඳීමට හැකිනම් එය මෙලොව ලබන උතුම්ම සම්පතයි. 

එවැනි වාසනාවන්ත කාන්තාවන් හඳුනාගැනීමට ඡ්‍යොතිෂයෙන් හැකිවේ. ජන්මපත්‍රය තුළ විවිධ ග්‍රහයෝග සහ ග්‍රහ හැසිරීම් රටාව ප්‍රබල විය යුතුම ය. පාපීන්ගෙන් තොරව සිටීම වැදගත් ය. ලග්නය දෙවැන්න, හත්වැන්න බලවත් අතර ඒ භාවයන්ට වැටෙන ග්‍රහ දෘෂ්ටි ඉතාම ප්‍රබල විය යුතුයි. හත්වැන්නේ බුද,ශුක්‍ර ,පුරපස නවවක ,දශවක, පසළොස්වක තිථියකින් උපත ලැබීම හරහා වාසනාවන්ත යුගදිවියක් ගත කළ හැක. බුධ සමඟ සඳු එක්ව ශුභයින්ගෙන් පෝෂණය ලබා ගැනීමෙන් සැමියාගේ ආදරය දිනාගෙන රසවත් විවාහ ජීවිතයක් ගෙන යන්නීය. 

ශුභයින් ලග්නගතව සිට ශනි හෝ රාහු කුජ පාපීන් නොදැක ශුභ පෙනීම් ඇතිනම් ඇය සම්පත් ලබමින් රසවත් යුගදිවියක් ගත කරනු ලැබේ. 

සැමියාගේ ආදර ගෞරවය ලැබීමට වාසනාව ඇත්තේය. උපතේදී චන්ද්‍ර – බුධ – ගුරු ශුක්‍ර බලවත්ව 1 හෝ 7 සිටීමෙන්ද ඉතාම ශ්‍රේෂ්ඨ කාන්තාවක් වී යුගදිවියද රසවත්ව ගෙන යනු ඇත. 

උපතේදී 11 වැන්නේ සඳු සිට 7 වැන්නේ බුධ ශුක්‍ර සංයෝගයෙන් ගුරුගේ පෙනීම ලැබුවේ නම් ඇයගේ යුගදිවිය සාර්ථක වන්නේය. 

තවද ලග්නයේ සියලුම ශුභ ග්‍රහයින් පිහිටියේ නම් ඇයට යුගදිවියේ භාග්‍යය ලැබේ. තවද 7-8 පාපීන් සිටීම ශුභ නැත.  සඳු ශුක්‍ර 7 වැන්නේ බලවත් නම් යුගදිවිය සාරවත් වේ. 7 වැන්නාධිපතියා ලග්නයේ එම ලග්නාධිපති සමඟ එක්වී ශුක්‍රගේ පෙනීම ඇතිවූ විට ඇගේ යුගදිවිය ඉතාම සාර්ථක වේ. 

ලග්නාධිපතියා 7 අධිපතියා සමඟ යෝගව 7 වැන්නේ සිටියදී ගුරු හෝ චන්ද්‍රයාට පෙනීම ඇත්නම් ඇය හරිම වාසනාවන්තියකි. යුගදිවිය නිතැතින්ම රසවත් වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.