මුහුණු සයක් හා අත්දොළසක් ඇතිව උපත ලද කදිර දෙවියෝ

ජූලි 17, 2020

පාර්වතී දේවිය මහ වනයට ගියේ ශිවදෙවියන්ගේ අයදීම නිසා ය. ශිව දෙවියන් පාර්වතී දේවිය අමතා කියා සිටියේ වනයේ උන්චිල්ලා පදිමින් සුන්දර ලලනාවියක් සිටින බවත් ඈ ළඟ දරුවන් දෙදෙනකු සිටින නිසා එහි යා යුතු බවත් ය. මුලින් එක් දරුවකු සිටි මුත් මේ වන විට දරුවන් දෙදෙනකු ඇතත් ඈ කෙරෙහි ඇතිවූ ආදරය අඩුනොවන බවත් ය. 

එහි ගොස් එය බලන ලෙස ශිව දෙවියන් පාර්වතී දේවියගෙන් නිතර නිතර ඉල්ලීම නිසාම පාර්වතී දේවිය සිය සැමියා සමඟ ශිවදෙවි සමඟ වනයට ගියේය. පුදුමයකි. ශිව දෙවි හා පාර්වතිදේවිය එහිදී දුටුවේ පුදුම සහගත දෙයකි. දරුවන් දෙදෙනකු සමඟ සිටි එම කාන්තාව දරුවන් හයදෙනකු සමඟ සිටිනා බවයි. එහිදී පාර්වතී දේවියට ඇතිවූ සත් ආදරබර කරුණාව නිසා ඉදිරියට ගොස් දරුවන් සය දෙනා දෙඅත් විහිදුවා බදාගත්තාය. පුදුමයකි. ක්ෂණයකින්ම දරුවන් සය දෙනා මුහුණු සයකින් යුත් අත්දොළසක් ඇති එක් දරුවකු බවට පත්විය. ඒ කදිර හෙවත් කතරගම දෙවියන්ගේ උපතක් පිළිබඳව පුරාවෘත්තවලින් පැවසෙන එක් කථාවකි. 

ශිවදෙවියන් යනු ඊශ්වර දෙවියෝය. 

නර්තනයට අධිපති දෙවියන් වූ ශිවදෙවියන්ට ඊශ්වර ,නටේෂ,නටරාජා,මහාදේව. පසුපති, මහේෂ්වර ආදී නම් මෙන්ම ඉසුරු පසුපති, රුදා, අග්නි ලෙසත් සඳහන් වේ. ඊශ්වර දෙවියන් නැකැත් ශාස්ත්‍රයට මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර වලටද අධිපති දෙවියාය. මේ අතර ශිව දෙවියන් සතුව මහා බලසම්පන්න ගිනිදැහැනක්ද තිබී ඇත. ඒ බැව් දැනසිටි අසුරයෙක් කෙසේ හෝ එය ලබාගනිමියි සිතා ශිව දෙවියන්ට යටත් පහත් බව පෙන්වමින් බැලමෙහෙවරකම් කරමින් සිටියේ ශිව දෙවියන්ගේ සිත දිනාගනිමිනි. අසුරයාගේ කල්කිරියාව ගැන පැහැදුණු ඊශ්වර දෙවියෝ අසුරයාට කියා සිටියේ තමා කැමතිවරයක් ඉල්ලා සිටින ලෙසයි. 

එහිදී තව තවත් බැගෑපත් වූ අසුරයා ඉල්ලා සිටියේ ශිවදෙවියන් සතුව පවතින ඒ දැහැනය. ඒ අන්කිසිවක් නොව ගිනිදැහැනය. තමා විසින් පොරොන්දු වූ පරිදි ගිනිදැහැන අත්ලට මතුරා අසුරයාට දීමට ශිව දෙවියන්ට සිදුවිය. මෙම දැහැනේ බලගතුකමවූයේ දැහැනෙන් අත්ලට මතුරා යමෙකු ගේ හිස මත අත්ල තැබුවහොත් ඔහු අළු බවට පත්වීමයි. තමාට දුන් ගිනිදැහැන ගැන අත්හදා බැලීමට සිතූ අසුරයා එයට සුදුසුම තැනැත්තා ශිව දෙවියන්යයි සිතා ශිව දෙවියන්ගේ හිස මත අත්ල තැබීමට උත්සාහ ගත්තේය. අත්ල තම හිස මත තැබුව තමා විනාශ බව දුටු ශිව දෙවියෝ වහාම එතැනින් නික්මයන්නට වුහ. එහෙත් ශිව දෙවියාට බේරීයාමට නොහැකිවනසේ අසුරයා ශිවදෙවියන් පසුපසින්ම දිව ගියේ ය. ශිව දෙවියන් විනාශකිරීමට එන අසුරයා ගැන දුටුවේ විෂ්ණු දෙවියන් ය. වහා ක්‍රියාත්මක වූ විෂ්ණු දෙවියන් දුටුවන් මන බඳන සුරූපී         ළඳකගේ රුවක් මවාගෙන ඔංචිල්ලාවක් මවාගෙන ඔංචිල්ලා පදින්නට විය. ශිව දෙවියන් පසුපස දිවගිය අසුරයා ඔංචිල්ලා පදින සුරූපී ළඳ දැක ශිව දෙවියන් පසුපස යෑම නවතා සුන්දර ලලනාවිය ළඟ නතර විය. කාන්තා වෙස් ගෙන සිටි විෂ්ණු දෙවියන් ළඟට ගිය අසුරයා කියා සිටියේ ඇයගේ සුන්දර සුකොමළභාවය තමා කැමැති බැවින් තමා එක්ව විසීමට එන ලෙසයි. එයට තම කැමැත්ත ප්‍රකාශ කළ කාන්තා වෙසින්ම සිටි විෂ්ණු දෙවියන් පවසා සිටියේ ඔබ මා වෙනුවෙන් දැක්වූ ආදර කරුණාව පිළිගන්නා බැවින් එක්ව විසීමට සූදානම් බවත් එහෙත් තමා හොඳින් මා රැක බලා ගන්නා බවට ඔබේම හිස මත අත තබා දිවුරන්නේ නම් පමණක් යෑමට එන බවත් ය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.