සර්ප උවදුරින් මිදීමට කෝවිල් දානය

ජූලි 24, 2020

සතා සර්පයාගෙන් බේරීමට අප කවුරුත් විවිධ ක්‍රියාවලියන් උපයෝගි කර ගන්නා බව පෙනේ. ඒ ඒ කටයුතු වලින් ප්‍රයෝජනය ලැබෙන බවට විශ්වාසය ද පවතී. 

සර්පයාට ඇති බියත්, විෂ හා කැත ස්වභාවය නිසා ඔවුන් ඈත් කර තබා ගනී. කළ උපයෝගී ක්‍රියාවලියන් ගෙන් සතුටට හා අසතුටට ද පත්වෙයි. මර උගුල්, ජප මන්ත්‍ර, ආරක්ෂා කටයුතු, පොල් ගැසීම, අතු කඩා එල්ලීම, ආදියට බල ශක්තිය පිහිටුවා අදාළ කටයුතු වලට යොමු කරගනී. 

ගොවිතැන් කටයුතු වලදී සතා සර්පයාගෙන් ඇතිවන උපද්‍රවයන් සරුසාර අස්වැන්නත්, සොර සතුරු උපද්‍රවයක් මඟහරවා ගැනීමට උතුරු මැද පළාත් වාසීන්ගෙන් මෙවැන්නක් දැක ගෙන ඔබට ද දැන ගැනීමට ඉදිරිපත් කරමි. මෙය භාරහාර කටයුත්තක් මෙන්ම දේව දානයක් ද වෙයි. 

තම කුඹුරේ වැඩ ආරම්භ කිරීමට ශුභ දිනයක ශුභ වේලාවට ගිය අවස්ථාවේදී කරන කටයුතු මහත් ගෞරවයෙන් ඉටුකරනු ලබයි. වැඩ ආරම්භ කිරීමට ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති බව මෙහි විශේෂත්වයකි. විශේෂත්වය වන්නේ කාලයත්, දේශගුණයත්, වර්ෂාවත් පමණි. 

වැඩ ආරම්භ කිරීමට “ශත හයක් ගෙන” පඬුරක් බඳියි. මෙම පඬුර වෙන් කරන්න “මඩු මෑණියන්” හෙවත් සෝම මෑණියන්”වෙතටයි. වෙන් කරන ලද පඬුර ළඟ ඇති ගසක බඳියි. නැත්නම් ගෙදර ගෙනවිත් සුරක්ෂිතව තබයි. ඉන්පසු සුපුරුදු පරිදි බිම් කොටා වී වපුරයි. නැතිනම් ගොයම් සිටුවයි. ගොයමට වල් නෙලා හෝ වල් නාශක යොදා පොහොර යොදා දිය බැඳ ආරක්ෂා කර ගනී. මීයන්, පක්ෂීන්, මොනරුන් ආදීන් ගෙන් උපද්‍රවද තරමක් උවදුරු වූවාට එතරම්ම බලවත් නොවන බව ද පෙනේ. උපද්‍රව නැත්තේ ද නොවේ. ඒ අතර එළවළු, පලතුරු තැනින් තැන සිටුවයි. 

පළමු අස්වැන්න කපා සකස් ගත් වී වලින් ඇති ප්‍රමාණයට වී බුසලක් දෙකක් අයින් කරයි. ඒවා නොයිඳුල්ව ආරක්ෂාකාරිව තබයි. ගම්වාසීන් සියලු දෙනාම ඉටු කරන හෙයින් සුදුසු දින වෙන්කර කටයුත්ත ඉටු කරගනී. අස්වැන්න තුළින් කරන පූජාව නිසා තවත් අය ද එකතුකර ගනී. 

වී කැකුලින් කොටා සහල් වෙන් කර ඇති ප්‍රමාණයට රැගෙන සෝදා ලිප තබා බත පිළියෙල කර ගනී. මෙම දානයට විශේෂ ව්‍යාංජනයක් වන්නේ ගස්ලබුය. ගෙඩි කීපයක් කපා තුනපහ, කිරි දමා මිරිස් කඩා තෙලට රසවත් , සුවඳවත්ව පිළියෙල කරගනී. මෙම ගස් ලබු ව්‍යාංජනය සෑම කෙනෙකුගේ දානයට මුල්වන අතර අවශ්‍යම ව්‍යාංජනයයි. එළවලු දානය මුල්වන අතර, වට්ටක්කා කොළ මැල්ලුම්, තිබ්බටු සමඟ තම්පලා ආදිය මිශ්‍ර හැඳි ගාගත් ඇඹුල පරිප්පු, මුං වැනි ව්‍යාංජනයන් වෙති.

උදය වරුවෙන් සාදා ගන්නා දානයට පෙර දිනයේ හෝ එදින උදේ අසල්වැසි ගෙවල් 9 කට  පිඟාන බැගින් ගෙනත් දෙන ලෙස ආරාධනය කරයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>   

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.