උපත පැවැත්ම හා විනාශය

ජූලි 24, 2020

පුද්ගලයෙකුගේ උපත පැවැත්ම හා මරණය පෙර කරන ලද පව් පින් අනුව නැතහොත් කර්මය අනුව සිදුවන බව බුදුන් වහන්සේ වදාළ සේක. එමෙන්ම ඡ්‍යොතිෂය පෙන්වා දෙන්නේද මෙයමය.

 මහාමායා දේවිය දුටු සිහිනය විග්‍රහ කළ බමුණන් පැවසූයේ පින්වත් කුමරෙකු පිළිසිඳගෙන ඇති බවය. එමෙන්ම සිදුහත් කුමරු ඉපදුන විට කොණ්ඩඤ්ඤ නමැති බමුණා පැවසුවේ මෙම කුමරු ඒකාන්තයෙන්ම බුදුබවට පත්ව ලෝ සතුන් සසර දුකින් මුදවන බවය. දරුවෙකුගේ උපතේ ග්‍රහ පිහිටීම් අනුව ඔහු කුමන ලෝකයක සිට මනුලොවට ආවාදැයි සිතා ගත හැකිය. 

ජන්මියෙකුගේ කේන්ද්‍රයේ මේෂ රාශියේ රවි හා කුජද, වෘෂභ රාශියේ සඳු හා සිකුරුද මකර රාශියේ ශනි හා කුජද, කන්‍යා රාශියේ බුධ හා රාහුද, කටක රාශියේ සඳු හා ගුරුද, මීන රාශියේ ගුරු හා සිකුරුද වශයෙන් ග්‍රහ පිහිටීම් ඇත්නම් එම ජන්මියා ධනවත් වී ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන බව සඳහන් වේ. පස්වැන්නේ බුධ බලවත්ව සිටීමෙන් සහ එහි ගුරු වැනි ග්‍රහයෙකු සිටීමෙන් පුද්ගලයා උගත් බුද්ධිමතෙකු වේ. 

එමෙන්ම ලග්නාධිපති ලග්නයේම තැන්පත්ව සිටීමෙන් උසස් පෞරුෂත්වයෙන් හෙබි පුද්ගලයෙකුද බිහිවේ. සිව්වැන්න බලවත් වීමෙන් යාන වාහන, ඉඩකඩම් ගේ දොර ආදිය ලබන බවත්, සත්වැන්නාධිපති එහි බලවත්වීමෙන් උසස් යුගදිවියකට හිමිකම් ලබන බව හා දසවැන්නාධිපති එහි බලවත් වීමෙන් උසස් රැකියාවක් ලබන බවක් දැක්වේ. මෙම ස්ථානවල ගුරු හා සිකුරු වැනි ශුභයන් සිටීම හෝ දෘෂ්ඨිය වැටීම යහපත් බවද සඳහන් වේ. රවි එකොළොස් වැන්නේ වීමෙන් කෝටියක් දෝශ භංගවන බව සඳහන් වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.