යහපත සලසා ගැනීම සඳහා බලගතු ගාථා රත්නයක්

ජූලි 24, 2020

ඔබ  සියලු දෙනාම නිතරම බලාපොරොත්තු වන්නේ අනාගත දියුණුව , ව්‍යාපාර කටයුතු, ලොතරැයි ජයග්‍රහණ, නීරෝගි සුවය ලැබීම, වාසනාවන්ත විවාහය, වාසනාවන්ත දරුඵල , ඉහළ ම විභාග ජයග්‍රහණ, විදේශගතවීම්, උසස් රැකියාවක්, වාසනාවන්ත ගෘහයක අයිතිය ආදී කී නොකී සියලු දෙයින් සතුටට පත්වීම නොවේද? 

කොපමණ දේ ලැබුණත් තවත් ලැබිය යුතු අනන්තවත් දේ ගැන නැවත නැවත බලාපොරාත්තු තබා ගන්නේ නැති ද? මෙය ඔබට පමණක් සීමා වූ දෙයක් නොව සියලුම මනුෂ්‍යයන්ට පොදු ධර්මතාවය වෙයි.

මේ කුමන හෝ බලාපොරොත්තුවක් හෝ කීපයක් පසුපස ඔබ සෑහෙන කලක සිට ලුහුබැඳීමෙන් සිටිනවාද ඇත. ඉන් කොතරම් ප්‍රමාණයක් සාර්ථක වූවාද නැද්ද යන්නත්, ඒ වෙනුවෙන් වූ වියදම් , වෙහෙස මහන්සිය යන කාලය ගැනත් දන්නේද ඔබ පමණි.ඒ බලාපොරාත්තු ඉටු කරගන්නට කරන ලද පිළියම් ඔබගේ පැත්තෙන් හෝ කරන ලද තැනැත්තාගේ පැත්තෙන් යම්කිසි වැරදීමක් වූවාද කියාවත් ඔබට සිතෙනවා ද ඇත. 

අපට වසර 18 ක පළපුරුද්ද හා අත්දැකීම් ඇති මෙම මහානුභාවසම්පන්න අන්තරාය නිවාරණ පිරිත් දේශනාව සහ දුටුගැමුණු මහ රජතුමා විසින් භාවිත කරනු ලැබූ ගාථා පාඨයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එම බලාපොරොත්තු සියල්ල ජය ගන්නට ඔබට ද හැකියාව ලැබෙනු ඇතැයි සිතනා නිසයි. 

අපට වසර 18 කට පෙර පටන් අන්තරාය නිවාරණ පිරිත් දේශනාව දිනකට 1600 වර බැගින් අප පළාතේ වෙහෙර විහාරස්ථාන ගණනාවක් පුරා දේශනා කරන ලද අතර, එලමලවල ශ්‍රී විනයවර්ධනාරාම විහාරස්ථානය, මාහිංගල මෙනේරිගම ශ්‍රී සාංඝිකාරාම විහාරස්ථානය ඉන් ප්‍රධාන වන අතර, එම පූජනීය භූමි තුළ මහත් වූ ජනකායක් මේ පින්කම් සඳහා උදේ 7.00 සිට රාත්‍රී 11.00 දක්වා ම එක දිගටම සහභාගී වූ බව ද කිව යුතුය. එම විහාරස්ථාන දෙකෙහි අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේලා වෙනුවෙන් මුල්ගල් තබා කොත පලඳවා අවසන් කරන තුරුම එම පිරිත් දේශනා නොකඩවා ලක්ෂ ගණනාවක් දේශනා කළෙමු. ඉන් ලැබූ සිද්ධිවීම තුළින් අප මෙතෙක් ලක්වාසී බොහෝ දෙනාට ඉටුකරදුන් ප්‍රාර්ථනාවන් බොහෝ වෙයි. එම පිරිත් දේශනාව අතරතුරේදී නිරන්තරයෙන් වරින්වර සිංහල තේරුම මඟින්ද සෙත් පතන්නට කටයුතු යොදන අතර. ඉන් ලැබූ පලය ද ඉතාම ඉහළයි. කිසිවෙකුටවත් මෙතෙක් කරන්නට බැරි වූ හාස්කම් කරන්නට අපට ඉඩකඩ ලැබුණ බව පහත උදාහරණ කීපය දෙස බැලූවිට පෙනේවි. 

හොරණ පදිංචි මවක් මීට වසර කීපයකට පෙර අප මුණගැසුනේ එම දියණිය ද සමඟයි. ඇයගේ ජන්ම පත්‍රය සමඟ කොතරම් ජන්ම පත්‍ර ගළපන්නට ගියත් දරුඵල නැති බව, දියුණුව අඩු බව ආදී නොයෙකුත් අභූත චෝදනා සහ සාවද්‍ය තොරතුරු තම එකම දියණියට වසර 20 සිට වසර 28 දක්වා කාලයක් ම විවාහය කල්පසු කර තිබුණි. 5 වැන්නේ ශනි සිටීම, 8 වැන්නේ ගුරු සිටීම, 6 වැන්නේ කුජ සිටීම ආදී බොහෝ ග්‍රහ පිහිටීම් ද රාක්ෂ ගණය වීම ද වැනි වැරදි ගැන කියා ප්‍රමාද කර තිබුණි. අපගේ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ පවා උපත ලබා ඇත්තේ විසා නැකතින් බවත් උන් වහන්සේටද බ්‍රාහ්මණයන් විසින් පිරිනමා තිබුණේ රාක්ෂ ගණය බවත් ඒ අයට පැහැදිලි කර දුන් අතර විවාහස්ථානය අධිපති ග්‍රහයා සෙනසුරුගේ නැකතක සිටීම විවාහය තරමක්, කල්පසු කරන ග්‍රහ චාරයක් නිසා ද ගුරු 8 ට අශුභ නිසා ගුරුගේ බලය වැඩි කර ගන්නට, ශුභ කරගන්නට, අන්තරාය නිවාරණ පිරිත් යන්ත්‍රය නිසි පිළිවෙත් ඉටු කර පලඳවන්නට යෙදුණි. ලග්නයෙන් සුබ ලග්නයක්, පුෂ්කර යෝගයක්,පක්ෂියා භෝජන හෝ රජ වීම, 22 වන දෙර්කාණය අධිපතියාගේ දිනය නොවීම, ලග්නය, නැකත, දිනය, තිථිය එකතු කර බලන විට එකතුව 9 න් බෙදා ඉතිරිය 0,3,5,7 යන අංකයක් පමණක් වීම, අමාවක ළඟම දින නොවීම, පසළොස්වක, අටවක නොවීම සහ තවත් කරුණු උපයෝගීකරගෙන එම යන්ත්‍රය පලඳවන්නට යෙදුණි. ඇය ඉතාම ටික දිනකින් විවාහ වී ඉතාලිය බලා පිටත්වූ අතර, වසරක් ඇතුළත වාසනාවන්ත පුත්රුවණක් බිහිකරන්නට යෙදුණි. 2019 වසරේ ජනවාරි 1 වන දින උදේ පාන්දර 00.00.10 ට නැවතත් දෙවන දරුවා බිහිකරවන්නට යෙදුණ අතර, එය 2019 වසරේ ලෝකයේ උපන් පළමු දරුවා ලෙස සලකන්නට බැරිනම්, ඉතාලියේ රෝම නගරයෙන් මෙපිට උපන් පළමු දරුවානම් වෙනවාමයි. දරුඵල ගැන සැක සංකා පහළ කළ ඇයට අප කළ ශාන්ති කර්මය ඉහළින්ම පලදුන්නා නොවේද? එම දියණියටත්, පුතණුවන්ටත් පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය පතන්නෙමු. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.