අමිල ස්ත්‍රී රාජ යෝග

ජූලි 24, 2020

අගනා ස්ත්‍රී රාජයෝග වශයෙන් විස්තර කරන්නේ යහපත් කාන්තාවක් වීමට පිහිටිය යුතු යෝග බව වෙසෙසින් මෙහිලා කිව යුතුය. 

නූතන සමාජයේ මෙම යෝග යෙදී ඇති කාන්තාවන් සොයා ගැනීම ඉතා දුෂ්කර කරුණකි. මෙම යෝග දුර්ලභ ප්‍රමාණයටම ගුණවත් කතුන්ගේ සංඛ්‍යාවද ඉතා අඩුවේ. 

ගිහි ජීවිතයක සෞභාග්‍ය රසාස්වාදය රඳා පවතින්නේ ස්ත්‍රිය මත බව අප කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා ගැහැනියට මිනිස් සමාජයේ හිමි වනුයේ මුල් තැනකි. අද පෙර මෙන් කතකගේ ජීවිතය කුස්සියට සීමා වූ අවදියක් නොවේ. වත්මන් කත මිනිසුන් සමඟ උරෙනුර ගැටී වැඩ කටයුතු කරන්නීය. සමාජයේ රැකියා, ආගමික කටයුතු කරන්නීය. එහෙත් ඒ හැම ලඳක් කෙරෙහිම මෙම සුබ යෝග ඇතිදැයි විමසා බැලීම වැදගත් වේ. 

මේෂ, වෘෂභ, මකර, ධනු, කටක යන පිටින් උදාවන රාශියක් ලග්නය වී එහි සෞම්‍ය ග්‍රහයින්ද , මනුෂ්‍ය රාශි සත්වන රාශිය වී එහි පාපයින් සිටිවිට ජන්ම ලාභය ලද කත මහත් යස ඉසුරුවලින් පිරිපුන් යහපත් ශාන්ත කාරුණික ගුණයන්ගෙන් හෙබි උතුම් ලඳක් වන්නීය. සිරිකත මෙන් සතුටින් සිටින ඇයට යහපත් පුතුන් ලැබීමේ වාසනාව ඇත. 

ලග්නය කන්‍යාව වී ගුරු , කටක රාශිගතව උපත ලද කත නාරි ලාලිත්‍යයෙන් යුත් සිව් දෙස පතල කීර්තිමත් කුලවමියක් වන බව කිව හැකිය. 

ගුරු කේන්ද්‍රගතව බලවත්ව යෙදී සිටියදී සඳු විසින් දකිනු ලැබේ නම් සිත්කළු පිරිපුන් අඟපසඟ ඇති සුකුමාල කුමරියක් බිහි කරවන වටිනා ග්‍රහ යෝගයකි. ඇය පළල් වූ උරතලයෙන් දැකුම්කලු සිහිනිගෙන් යුත් ධනයෙන් යහපත් පුතුන්ගෙන් යුත් වාසනාවන්ත රූපිකාවක් වන්නීය. එය පහත සඳහන් ශ්ලෝකයෙන් විස්තර  වේ. 

 “එකොපි ජීවො රසවර්ග ශුධඞ 

කෙනෙද්‍රා යදා චන්ද්‍ර නිරීක්ෂිනශව 

රාඥි භවෙත් ස්ත්‍රී සාධනා සපුත්‍රා 

රූපාන්විතාපීන නිතම්බ බිම්බා” 

කටක ලග්නයෙන් උපත ලබා මකර රාශිගත ව්‍රණ රවි – ගුරු විසින් දක්නා ලද්දේ නම් ස්ත්‍රී ලක්ෂණ අනූන දෙවඟනක් වැනි අඟනක් වන්නීය. 

බොහෝ සිප් සතරෙහි ප්‍රවීණ මේ වාසනාවන්තිය සතුරන් මැඬලීමට හොඳ බලයක් ඇති වාසනාවන්ත දරුවන් ලබන්නා වූ අගමෙහෙසියක් නැත්නම් ඒ හා සමාන කතක් වන්නීය. ග්‍රහයින් තිදෙනෙක් ෂඩ් වර්ගයේ බලවත්ව සිටි විට උපත ලද කත රජ බිසවක්ද, සිව් දෙනෙක් හෝ පස් දෙනෙක් ෂඩ් වර්ග බලයෙන් යුතුව සිටින විට දෙව් විමන් වැනි මහ මැදුරුවල ඇසුර ලබන අධිරාජයෙකුට අග මෙහෙසිය වන බව කිව යුතුය. පැරණි කාලයේ මේ යෝග විස්තර කර තිබෙන්නේ එසේය. එහෙත් මේවා නවීන සමාජයේ හැටියට තේරුම් ගත යුතුය. අද අප රටේ රජවරු නැත. කාලය අනුව සියල්ල වෙනස් වේ. රජවරු නැතත් ඒ හා සමාන ජනාධිපති, අගමැති ආදි බලගතු තනතුරු හා පුද්ගලයෝ සිටිති. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.