සොබාව දහම හා එක්වීම නිරෝගී කමට රුකුලකි

ජූලි 31, 2020

සෑම ශාකයක්ම සෑදී ඇත්තේ පරිසරයට අනුකූලවය. පැවැත්ම සහ තම වර්ගයා බෝ කිරීම ඉතාම ක්‍රමානුකූලව පරිසරය හා බැ¼දී සිදු කළ ද ක්‍රමයෙන් එම තත්ත්වය මිනිසා විසින් වෙනස් කරමින් පවතී. ශාක තම වර්ගයා බෝ කිරීම සඳහා වාතය, ජලය, හිරු එළිය ක්‍රමානුකූලව පරිසරයෙන් ලබාගෙන නිසි ලෙස තම වර්ගයා බෝ කරමින් පරිසරය සමඟ බැඳී පරිසරයට යහපතක් සිදු කරයි. මේ කි‍්‍රයාවලිය මෙසේ සිදුවෙද්දී ඇළ දොළ ගංගා වැනි පරිසර සාධක වලට කිසිදු හානියක් සිදු නොකරයි. ඔබට නිශ්චලව මේ දෙස බලා සිටින විට හොඳීන් සිතා ගත හැක. නමුත් මේ ගංගාවල ඇළ දොළ වල ගමන් මාර්ග වෙනස් කරමින් වස විෂ එක් කරමින් අප කරන්නා වූ කාර්යය මනුෂ්‍යයා ඇතුළු සියලු සතුනට කොතරම් හානියක් සිදු වේද. මේ අනුව බලන කල නිරෝගීතාවයට උරදෙන සියලු සම්පත් අප රට තුළ තිබුණ ද ඒවා නිසි අයුරු ආරක්ෂා නොකර ඒවාට වස විෂ මුසු කරමින් ස්වභාධර්මය විසින් අපට උරුම කර ඇති සියලු සම්පත් විනාශ කරනමින් බොහෝදෙනකු නිරෝගී වීමට වෙර දරන බව නොරහසකි. 

අප රට තුළ බොහෝ ආහාරමය ශාක මෙන්ම ඖෂධමය ශාක ද ඇත. ආහාරමය ඖෂධයෙන් බොහෝය. මේවා නිසි අයුරු භාවිතා කර අපේ සියලු පද්ධතීන් නිරෝගීව තබා ගැනීමෙන් අප සිරුර තුළ ස්වභාවයෙන්ම ප්‍රතිශක්තිය කරණය වර්ධනය කරගත හැක. එනමුත් ඒ ගැන සිතන්නේ ඔබට රෝගයක් වැළඳුණු විට මෙන්ම රෝගී තත්ත්වයක් රට තුළ ව්‍යාප්ත වූ විට පමණි. කොරෝනා රෝගය වැළ¼දීමත් සමඟම අප රට තුළ කහ, වද කහ, පෙරුම්කායම් කොත්තමල්ලි විශාල හිඟයක් ඇති විය. ඒ මන්ද ඔබට වැටහෙනු ඇත. මේ පිළිබඳ බොහෝ දෙනකුගේ විශ්වාසයක් ඇත. එය එසේමය. නොරහසකි. 

අප උපන්දා සිට නිසි අයුරු කි‍්‍රයා කරන්නා වූ පද්ධතින් රාශියක් අප සිරුර තුළ ඇත. ඒවා නිසි අයුරින් කි‍්‍රයා කිරීමට අවශ්‍ය ආහාර පාන ගැනීම සහ නිසි ව්‍යායාම සිදු කිරීම අපේ නිරෝගීකමේ ප්‍රධානතම හේතුව වී ඇත. අද වන විට මේ සියල්ල අප තුළින් ගිලිහී ගොස් ඇත. ඒ හේතුවෙන් අප උපන් දා සිට කි‍්‍රයාත්මක වූ ඒ සියලු පද්ධති ක්‍රමයෙන් රෝගී විය. ඒ නිසා බොහෝ රෝගවලින් අපට පීඩාවි¼දීමට සිදුවිය. එයින් දුර්වල වූ සිරුර බොහෝ රෝග පීඩා වලට ඔරොත්තුදීමේ ශක්තිය හීන විය. එනිසා බෝවන රෝගවලට ද අප ලෙහෙසියෙන්ම අපව ගිල ගැනීමට හැකි විය. ඒ තබා අප අවට පරිසරයේ ජීවත්වන සතා සිවුපාවා ද අද අනවශ්‍ය ලෙස රෝගී වීමේ තර්ජනයට ලක්ව ඇත. මිනිසාගේ යම් යම් නොමනා කි‍්‍රයාකාරකම් ද මෙයට හේතු වී ඇත. අප විසින් අනවශ්‍ය ලෙස මහපොළොව මත දමන්නා වූ නොයෙක් කෘමිනාශක වල්නාශක වැනි දේවල් නිසා ක්‍රමයෙන් අපේ භූගත ජලය විනාශ විය. ඇළ දොළ ගංගාවල ජීවත් වූ අපට හිතකාරී මසුන් පවා වඳ වී ගිය අතර මනුෂ්‍යයාට ඉතාම වටිනා සේවයක් කළ කපුටා, ඇටිකුබ්බා, තලගොයා, ගැඩවිලා යන සතුන් මේ මහ පොළොව මතින් ක්‍රමයෙන් තුරන් වී ය. එසේම පරිසරයට විශාල සේවයක් සිදු කළ මීමැස්සා සමනලයා පවා අප පරිසරයෙන් කර්මයෙන් වඳ විය. අප ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් මෙන්ම අප අවට බොහෝ අහිතකර ඇසට පෙනෙන්නා වූ ඩෙංගු වැනි කෘමීන් ද ක්‍රමයෙන් ව්‍යාප්ත වූ අතර වගා පාළු කරන්නා වූ නානාප්‍රකාර කෘමි වර්ග අප රට තුළ බෙහෙවින් ව්‍යාප්ත විය. මෙසේ අපට හිතකර වූ බොහෝ සතුන් අප පරිසරයෙන් දුරස් විය. එය අපට විඳ දරාගත නොහැක්කක් මෙන්ම නැවත ඒ සම්පත් ඇති කර ගතගත හැක්කේ කෙසේ දැයි සිතීමට පවා නොහැක.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.