සිනහව තුළින් ඔබ

අගෝස්තු 21, 2020

පියකරු මුහුණක් ලස්සන මුහුණක් වඩාත් ලස්සන වන්නේ සුන්දර සිනහව මතය. සිනහවේ ප්‍රභේද රාශියක් ඇත. සමහරු දත් පාමින් මහ හඬ නඟමින් සිනහ වෙති. සමහරු කට කොණින් සිනහ වෙති. සමහරු සිනහවක විශ්මය රැඳී ඇත්තේය. සමහරක පුදුමය සමහරක සන්තෝෂය ගැබ් වන්නේය. 

පැරණි සාහිත්‍යයේ මේ සිනහව ගැන නොයෙක් තැන සඳහන් වේ. ලේඛකයා කවිය සිත්තරා සිය නිර්මාණයේ සිනහව විවිධ ලෙස දක්වති. “සිනහ නොමවෙන් දසන් දක්වා” යි දත් නොපා සිනා සෙන්නැයි කාව්‍ය ශේඛර කර්තෘ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියෝ උපදෙස් දෙති. එහිම 

ඇගෙ මඳ හසිනි දු ළ 

මද මද සිනහ යුත්, 

දත් කැකුªළු පාලා 

සුරතල් සිනා සීලා” 

යනාදි ලෙස සිනහවේ සුන්දරත්වය දැක්වෙයි. ලියනාඩෝ ඩාවින්ච් චිත්‍ර ශිල්පියාගේ මෝනාලිසා චිත්‍රයේ දැක්වෙන මන්දාස්මික සිනහවක අයුරුය. 

යමෙක් සිනහවන්නේ කට කොණිනි. යම්තමට ය. සිනහ වන විට එහි ගැබ්ව ඇත්තේ මහා කපටි බවක් බව කිව යුතුය. අවංක බවක් නිර්ව්‍යාජත්වයක් එහි ගැබ්ව නැත. මෙවැන්නෝ කිසිසේත් විශ්වාසට ගත හැකි නොවේ. එබඳු අය දුරුකරලීම ඔබට ඵලදායි වන්නේය. 

සමහර කාන්තාවන් සිනහ වන්නේ ඉතා සිහින් හඬිනි. දෙකොපුල් තුළ රැලි ස්වරූපයක් පෙන්වයි. අනුන් හට ආධාර උපකාර කිරීමේ මහත් පි‍්‍රයතාවයක් ඇති තැනැත්තියකි. තමන්ගේ ස්වාමියාට බෙහෙවින් ගෞරව කරන්නීය. පතිව්‍රතා ධර්මය මනාව සුරකින සාර්ථක විවාහ ජීවිතයක් ගෙවන මැය කා කෙරේත් කරුණා දයා අනුකම්පා පරවශ හැඟීමෙන් යුතුය.

සමහර කාන්තාවෝ සිනහවීමේදී තම මුඛය මුළුමණින්ම විවරකොට සිනහ වෙයි. එහිදී උගුර පවා පෙනෙන සුළුය .මෙබඳු චරිත අවිචාර ලෙස හැසිරෙන අයයි. ඉතා අවසනාවන්තය. විවාහ ජීවිතය කිසිසේත් සාර්ථක නොවේ. දීමෙහි ඉතා මැලිය. කෙනෙකු යමක් ඉල්ලුවහොත් ලැබේයයි සිතිය නොහේ. ඉතා පටු අදහස් ඇති මොවුහු ඉතා දුකෙන් නිතර කල් ගෙවති. 

ඇතැම් කාන්තාවන් සිනහවීමේදී දෙකොපුල් පිරුණු ස්වභාවයක් පෙනේ. මොවුන් තුළ ඇත්තේ කලාකාමි අදහස්ය. කවර කාරණයක් ගැන වුවද කලබල නොවෙයි. සංයමය මහත්ය. තැන්පත් නුවණින් යුතුය.

සමහර කාන්තාවන් සිනහවීමේදී දත් සියල්ලම පෙනෙන සුළුය. ශබ්ද නඟා සිනහව පිටවෙයි. මෙබඳු කාන්තාව අධික කාමාශාවෙන් පසුවෙයි. සැමියාට අරක ගෙනත් දෙන්න. මේක ගෙනත් දෙන්න ආදි ලෙස කරදර කරන ඒ වගේම මහා ඉහළින් ජීවත්වීමට සිතා සිටින් නියකි. තවත් සමහර කාන්තාවෝ තොල් විකාගෙන සිනහ වෙති. ඇයගේ චරිතයේ බොහෝ සැඟවුණ දෑ ඇත. කාටවත් නොකියන රහස් එමටය. මෙබඳු ස්ත්‍රිය තුළ කාන්තාවක තුළ තිබිය යුතු සංවරභාවය ද නැත. සැමියා සමඟ වසනුයේ වංචාකාරි ලෙසය. තමන් කරන ලද්දේ වරදක් බව පෙනෙතුදු එය වරදක් ලෙස පිළි නොගනියි. අන්‍යයින් පිට එම වරද පටවන අසාර්ථක යුගදිවියක් ගෙවන කාන්තාවකි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.