නැණ නුවණ වඩන ඝණේෂ්වර දෙවියන් පුදමු

සැප්තැම්බර් 4, 2020

ඥාණේශ්වර ලම්බෝධර කර්ණ විලම්භීතං 

සත්්‍යාධර මූෂබ මූෂික වාහන නිත්්‍යං 

හස්ති චක්‍ර සාධර මත ස්වේත ධන්ත භින්නං 

පුෂ්පාසන ග්‍රාම නේත්‍ර ශ්‍රී ඝනේෂ දිව්‍යං

ශනේෂ්වර දෙවියෝ

සක්වල ගලේ ගල මුදුනේ     සිටින්නේ 

දික්කල අතින් ලේ බිල්ලක්     දරන්නේ 

කෙම්මුර දිනවලට එබිකම්     කරන්නේ 

සක්වල ගලෙන් බැස යකුනේ     වරෙන්නේ”

මෙහෙම කිව්වට යකෙකුට කළ ආරාධනාවක් නොවේ. සෙනසුරු ග්‍රහයව පදනම් කරගෙන ග්‍රහ පිදීම කරන කොට බස්නාහිර දිශාව බලාගෙන ගයන නැත්නම් ස්තෝත්‍ර කරන ග්‍රහ කවියක් මේ.

 මොකද සෙනසුරා අවතාරයක් ලෙසින් මනුෂ්‍ය ලෝකයට එබිකම් කරන්නෙ බස්නාහිර දිශාවේ ඉදලා කියල තමයි ගුප්ත විද්‍යාවේ ග්‍රහ වදන්වල සඳහන් කළේ. ඡ්‍යොතිෂයේ සඳහන් වන්නේ සෙනසුරාදා දිනවලට පැයෙන් පැයට ග්‍රහ කාලය මනින කොට ශ්ලෝකයෙන් මෙහෙම මතක තබා ගත්තම පහසුයි කියලා. එනම් “ශනේෂ්වරඞ - මන්ත්‍රි,මහේෂූතඞ, අර්කඞ ශුකෙක්‍රා , බුධඞ – චන්ද්‍රාඞ යනුවෙන් මේකම සිංහල අපි දන්න භාෂාවෙන් කිව්වොත් සෙනසුරු ,ගුරු, අඟහරු, රවි, සිකුරු, බුධ, සඳු මේ එක එක ග්‍රහයට අයත් වන්නෙ දවසේ සූර්ය උදාවේ සිට එක පැයක නැත්නම් විනාඩි 60 ක කාලයක්. උදාහරණයක් වශයෙන් සෙනසුරාදා ඉර උදාවේ සිට එක පැයක් සෙනසුරුට අයිතියි. ඔය විදියට ඒ ඒ දවසේ නාමයට මුල් පැය අහුවෙනවා. මේ පැයත් පහට බෙදුවාම විනාඩි 12 ක කාලය එම ග්‍රහයාටමයි. ඒකට අපි සූක්ෂ්ම කාලය කියල හඟවනවා. 

මේ එක පැයක කාලයක් තුළ කිසිම ග්‍රහයෙකුට රාහු කාලය නොඑන බවත් දැනගන්නට ඕනි. ඒ රාහු අසුරේන්ද්‍රයා හැම ග්‍රහයෙකුටම එක ලෙස කළ ප්‍රදානයක් කියලත් හිතෙනවා. “රාහු” කිව්වාම නැති කරනවා කියන අදහසකුත් හිතට එනවා. එහෙනම් කිසිම ග්‍රහයෙකුගේ ස්වකීය මුල් පැයේදී කිසිම නැතිකිරීමක් රාහු නොකරන බව පැහැදිලියි. 

ශනේෂ්වර කිව්වේ රවිගේ නෛසර්ගික හතුරා සෙනසුරු ට තවත් නමක් විතරයි. අර මම කලින් කියූ කවිය ග්‍රහ පූජාවලදි සෙනසුරාගේ අපල වලට ගයන කවියක් කිව්වනේ. ඒ වගේම හැම ග්‍රහයෙකුටම මේ වගේ කවි, ස්තෝත්‍ර ගායනා කරන්න තිබෙනවා. විශේෂයෙන්ම සෙනසුරු සහ බස්නාහිර දිශාව ගැන ලියන්න හිතුනෙ බොහොම දෙනා සෙනසුරුටත් ,බස්නාහිර දිශාවටත් ටිකක් බයයි. ඒ වගේම සුබ ක්‍රියා වලදී මේ දිශාව අමතක කරනවා. සෙනසුරා කිව්වේ ග්‍රහ වළල්ලේ එක ග්‍රහයෙක් පමණයි. බස්නාහිර කිව්වේ දිශාවන් වලින් එක දිශාවක් පමණයි. එහෙනම් මේ දෙපොලට මිනිසුන් මෙච්චර පිලිකුල ඇයි. මේවා ගැමි මතාන්තර නැවත හිත්වලින් නොයන විදියට හිතට ධාරණය වෙලා. මේ දෙපාර්ශ්වයටම මනුෂ්‍යයාට පිහිට වන හැටි ඔබ දන්නෙ නැහැ. මේ දෙපාර්ශ්වයේම යහපත් ගති ලක්ෂණ පවතිනවා. ඒක ඔබ නොදන්න නිසා වන්න ඇති බය හා පිලිකුල. මං හිතන්නෙ බටහිර කිව්වේ ඉර බැස යන මල හිරු නැගෙන නිසාත්, සෙනසුරා       ඒරාෂ්ඨක දෙන නිසත් වන්න ඇති. වටහා ගැනීමේදි කරුණු ටිකක් අඩු වුණාම එහෙම වනවා. ඔබ හිතන්න සෙනසුරු ග්‍රහයා තරම් වස්තු, භවභෝග, ඉඩකඩම්, සහකරු සහකාරි ලබාදෙන ග්‍රහයෙක් මේ තරු වලල්ලේ තවත් නැහැ. ඔබ එපා කිව්වත් බලෙන් ලබා දෙනවා. ඒ වගේම රෝග හදන කොටු කලින් අනතුරු හඟවන ග්‍රහයෙක් තමයි සෙනසුරු. ඒවා අද ඉඳලා දැනගන්න කෝ. මේ සුබසෙත හැමදාමත් නිවැරදි දේ තමයි ඔබට දෙන්නේ. අපේ ශරීරය කොටස් වලට බෙදුවාම ඒ ඒ ග්‍රහයන්ට කිසියම් කොටසක් අයත් වනවා. ඒ අතින් බලනකොට සෙනසුරාට අයිති වන්නේ මනුෂ්‍ය ශරීරයේ යටිබඩ . මේ ස්ථානය සිට හානි කරන්න පටන් ගන්නවා. සෙනසුරා සාමාන්‍යයෙන් පාපි ග්‍රහයනගෙන් එක් අයෙක් කියල ඡ්‍යොතිෂයේ හඟවනවා. වැඩිපුරම වාසස්ථානය නුග ගස්වල. අවතාරය ඉදිඹුවා. වාහනය කලු කපුටා. ඒ බව දන්නවනේ. ඒක නිසානේ කෙම්මුර දිනවලට කපුටන්ට ගිතෙල් පහන් දල්වලා කිරිබත් කන්න දෙන්නේ. සෙනසුරාට ඒරාෂ්ඨක තුනයි ලග්න ඒරාෂ්ඨකය, චන්ද්‍ර ඒරාෂ්ඨකය සහ අෂ්ටම ඒරාෂ්ඨකයයි. මේ ඒරාෂ්ඨක කාලයට කිසියම් කෙනෙකුගේ යටිබඩ සවසට පිපෙනව නම් ඒ කිව්වේ බඩට අනවශ්‍ය හුලං පිරෙනව නම්, කන්ට රුචියක් නැතිව හුස්ම ගන්න අමාරු නම්, බඩට තට්ටු කළාම නිකං බොල් හඬක් එනවා. එතකොට බොහොම දෙනා කරන්නෙ සෝඩා බෝතලයක් පානය කරනවා. එතකොට අර අමාරුව සුවවනවා. තාවකාලිකව නැවත හෙටත් ඒ වගේම පිපෙනවා. එවිට අර කලින් කළා වගේම සෝඩා ටිකක් බොනවා. එතකොටත් පෙරදින වගේම සුවවනවා. මතක තබාගන්න කිසියම් හෝ දෙයකින් ඒ බඩ පිපීම තාවකාලිකව සුවවනවා නම් ඕක තමයි සෙනසුරු ඒරාෂ්ඨකයේ ප්‍රථම සංඥාව. එසේ සුව වන හැම වරකම මේ සෙනසුරු ග්‍රහයා ක්‍රමයෙන් අක්මාව දෙසට ගමන් කර සතියකින් හෝ දෙකකින් අක්මාව හිරකරනවා. හදිසියෙන් රෝහලට ගියාම වෛද්‍යවරයා කියන්නේ “හදිසි හෘද හිර කිරීමක්” කියලා. ඉතින් රෝගියාගේ ජීවිත හානිය සිදුවීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. අර කලින් කල ලක්ෂණ හදුනාගත්තා නම් අදත් රෝගියා ජීවතුන් අතර. එනිසා ඔය විදියට සෙනසුරා කලින් සංඥා කළාම ටිකක් විපරම් කර බලන්න. පිරිමි කෙනෙකුට එසේ වූවා සේ ගැහැනු කෙනෙකුට නම් මාසික ශුද්ධිය දින ප්‍රමාද කරනවා. වෙනස් කරනවා. ඒ විදියට සෙනසුරා සංඥා කරනවා. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.