ගුණ යහපත් පුද්ගලයන් බිහි කරන ග්‍රහ පිහිටීම්

සැප්තැම්බර් 11, 2020

ඡ්‍යොතිෂයට අනුව ලග්න 12 කින් මිථුන,කන්‍යා, තුලා, ධනු වෙනි පෙර අර්ධය, කුම්භය යන රාශින් මනුෂ්‍යය රාශින් වෙති. එකී රැයකින් උපන් ජන්මියෙක් ගේ කේන්දරයක, ලග්නාධිපති , සඳු යන ග්‍රහයන් මනුෂ්‍ය රැසක් වූ කේන්ද්‍ර හෝ ත්‍රිකෝණභාවයකද රවි ග්‍රහයා කේන්ද්‍ර, ත්‍රිකෝණ හෝ 3,6,10,11 යන උපචයව භාවයක පතිතව ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ඨියෙන් හෝ සංයෝගයෙන් පෝෂිතව සිටියදී ඥානකාරක ග්‍රහයන් දෙදෙනෙක් වන බුධ සහ ගුරු නීච හෝ සතුරු නොවී කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක බලවත්ව සිටින කේන්දරය හිමියා විශ්වාස කළ හැකි ගුණ යහපත් කෙනෙකි.

මෑතකදී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් ලක්ෂයට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ජනමාධ්‍ය මගින් වාර්තා කෙරුණි. මීට වසරකට ඉහතදී ලංකාවේ මත්කුඩුවලට ඇබ්බැහි වූවන් හැට දහසක් ද, මත්පැන්වලට ඇබ්බැහි වූවන් ලක්ෂ හතරක්ද, ගංජා , කොකේන්, අයිස් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ලක්ෂ තුනක් පමණ පිරිසක් සිටින බවට පුවත්පතක පළවී තිබුණා මට මතකය. 

ඒ අනුව බලන කල ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 1/3කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට සහ හොර මැරකම්වලට සම්බන්ධ බව ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන මගින් නිගමනය කළ හැක. 

එහෙයින් වර්තමානයේ තම ව්‍යාපාරික කටයුතු සඳහා හෝ ව්‍යාපාරික ආයතනයේ සේවය කිරීමට හෝ වෙනයම් වැදගත් කටයුතු සඳහා පුද්ගලයින්, සම්බන්ධ කර ගන්නා විට ඒ අය කෙතරම් දුරට ගුණයහපත් විශ්වාසනීය අයද යන්න සොයා බැලිය යුතුය. මෙකී කාර්යය ඉටුකර ගැනීමට අපට ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය උපයෝගී කර ගත හැකිය. ඡ්‍යොතිෂයට අනුව ලග්න 12 කින් මිථුන,කන්‍යා, තුලා, ධනු වෙනි පෙර අර්ධය, කුම්භය යන රාශින් මනුෂ්‍යය රාශින් වෙති. එකී රැයකින් උපන් ජන්මියෙක් ගේ කේන්දරයක, ලග්නාධිපති , සඳු යන ග්‍රහයන් මනුෂ්‍ය රැසක් වූ කේන්ද්‍ර හෝ ත්‍රිකෝණභාවයකද රවි ග්‍රහයා කේන්ද්‍ර, ත්‍රිකෝණ හෝ 3,6,10,11 යන උපචයව භාවයක පතිතව ශුභ ග්‍රහයන්ගේ          දෘෂ්ඨියෙන් හෝ සංයෝගයෙන් පෝෂිතව සිටියදී ඥානකාරක ග්‍රහයන් දෙදෙනෙක් වන බුධ සහ ගුරු නීච හෝ සතුරු නොවී කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක බලවත්ව සිටින කේන්දරය හිමියා විශ්වාස කළ හැකි ගුණ යහපත් කෙනෙකි. යටකී ලග්නයන්ට අයත් නොවන මේෂ, වෘෂභ, කටක, සිංහ, වෘශ්චික, මකර, මීන යන ලග්නයකින් උපන් ජන්මීන්ගේ ලග්නාධිපති උච්ච, මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර යනාදී බලයකින් යෙදී පාප පීඩිත නොවි සිටියදී සඳු ග්‍රහයා මනුෂ්‍ය රැසක්වූ කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක පතිතව සිටියදී රවි ග්‍රහයාද කේන්ද්‍ර ත්‍රිකෝණ හෝ උපචය භාවයක බලවත් යෙදී ඇති විටකදී බුධ, ගුරු යන ඥාන කාරක ග්‍රහයන්ද ශුභ භාව ගත බලවත්ව ඇත්නම් ඔහු හෝ ඇය ගුණ යහපත් විශ්වාස කළ හැකි කෙනෙක් වන්නේය. යටකී ග්‍රහ පිහිටීම් සමඟ ගජකේෂරී යෝගයක්, ධර්ම කර්මාධිපති යෝගයක්, ලග්නාධි යෝගයක් හෝ චන්ද්‍රාදී යෝගයක් යෙදී ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියා, රට තොට බොහෝ දෙනා අතර ගුණයහපත් විශ්වාසවන්ත එමෙන්ම ධර්මිෂ්ට යැයි පිළිගත් පුද්ගලයෙක් වන්නේය. 

තත්කාල ශාස්ත්‍රයෙන්ද තමාගේ වැඩකටයුතුවලට සම්බන්ධ කර ගන්නා අය විශ්වාසවන්ත ගුණ යහපත් අය ද යන්න පිළිබඳව කරුණු විමසා බැලිය හැක. ඒ අනුව තමාගේ යම් කාර්යයක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයා මුලින්ම මුණ ගැසුණු වේලාව සටහන් කරගෙන එකී වේලාවට උදාවන තත්කාල ලග්නය නවාංශකය හෝරාව පංචම කාල හෝරාව ගණනය කර සටහන් කර ගත් කල්හි, උදාවූ තත්කාල ලග්නය සෞම්‍ය ග්‍රහයන් වන සඳු, බුධ, සිකුරු. ගුරු යන ග්‍රහයන්ට අයත් වෘෂභ, මිථුන , කටක, තුලා , ධනු, මීන තත්කාල ලග්නයක් වී එකී තත්කාල ලග්නයෙහි ලග්නාධිපතිත්, හත්වැන්නාධිපතිත් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවය පාප පීඩිත නොවී බලවත් සිටිමින් ඔවුනොවුන් දකියිද නැතිනම් එකී ශුභ භාවයක ලග්නාධිපති 7 අධිපති සංයෝගව සිටියිද, තත්කාල ලග්නයෙහි සඳු, බුධ, ගුරු යන ග්‍රහයන් පාප පීඩිත නොවී ශුභ භාව ගත සිටියිද අදාළ කටයුත්ත සඳහා සහභාගි කරගන්නා පුද්ගලයා ගුණ යහපත් විශ්වාස කළ හැකි අයෙක් වන්නේය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.