උසස් පෙළ ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත් වීමට ප්‍රබල සෙත්කවි පෙළක් මෙන්න

ඔක්තෝබර් 2, 2020

ඉහත විභාග ද්විත්වයටම පෙනී සිටින සියලු දුවා දරුවන් වෙනුවෙන් ඉතාමත් නිවැරදිව ගණ පිහිටුවා බල සම්පන්නව හා සරලව විෂ්ණු හා කතරගම යන දෙවියන් වහන්සේලා උදෙසා රචනා කර ඇති මෙම විශේෂ සෙත් කවියෙන් මෙම සැප්තැම්බර් මස අවසන් සතියේ සිට පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඉතාමත් ම යහපත් සුබ ප්‍රතිඵල උදාකර ගත හැකිය. ඔබට නිසක ජය අත්වනු ඇත.

මෙම සෙත් කවි පෙළ මස්, මාළු කිළි කුණු වලින් ඉවත් ව පුර පක්ෂයේ දින හතක් හත් වාරය බැගින් කියවා පිළිවෙත්හි සිට විශ්වාසය මත කටයුතු කිරීමෙන් අභිමතාර්ථය ඉටුකර ගත හැකිවේ. උදේ හෝ හවස 6.00 - 8.24 අතර කාලය සුදුසු වේ.

පළමුව බුදු රජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් පුදා පන්සිල් සමාදන්ව (සාමාන්‍ය පන්සිල් ගැනීමක අවසානයේ මෙන් දෙවියන්ට පින් නොදෙන්න) මෙම රත්නත්‍ර නමස්කාරයෙන් දේව පූජාව ආරම්භ කරන්න.

සග්ගේ කාමේච රූපෙ ගිරි සිඛර තඨෙ

චාන්තලික්ඛෙ විමානෙ

දීපෙ රට්ඨෙච ගාමෙ තරුවන ගහණෙ

ගෙහ වත්ථුමහි කෙත්හෙ

භුම්මා චායත්තු දේවා ජලතල විසමෙ

යක්ඛ ගන්ධ බහ නාගා

තිට්ඨංතං සන්ති ඛෙදං මුණිවර වචනං

සාධවො මෙ සුනන්තු

අප තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට ද

ශ්‍රී නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයට ද

අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නයට ද

ශීර්ෂ ප්‍රණාමය කරමි.

සර්ව සෞභාග්‍යය සැලසේවා !

පළමු දිනයේ පමණක් පිරිසිදු පලතුරු 5ක්, ස්වභාවික මල්, මල් මාලය (අදාල පාට වලින්) පහන් කපුරු හඳුන්කූරු සහිත පූජා වට්ටියක් බැගින් ඒ ඒ දෙවියන්ට තැබිය යුතුවේ. ඉන්පසු එම දෙවියන් ඉදිරියේ දේව කන්නලව්ව ද සෙත් කවිය ද ගායනා කරන්න. ඉන්පසු පින් දීම කරන්න.

1) ශ්‍රී විශ්ණු දෙවියන් වෙතට

වාසු දේව පරං බ්‍රහ්මඞ

තෘණ මූර්තිඞ පුරුෂඞ පරඞ

ස්ව්‍යකෂස්ත්‍ර ගුණේ ශාන්තඞ

ශ්‍රී විෂ්ණු නමෝ වරම්

සෙත් කවිය ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට

ලමින දිව නෙත තිලොව සනසන 

පතන බුදුබව දහම වඩමින

අතින සකඅවි දෙවිඳ සිරිපති මහරු 

බලයෙන සසුන සුරකින

තිබෙන ග්‍රහ ගති සියලු අණ වින දරුව 

හට ඉවතටම යවමින

සරණ වනු මැන ලියන විභහගෙ 

ජයම ලැබුමට ඉහළ ලකුණින.

ශ්‍රී විෂ්ණු දෙවිදුන්ට පින් දීම

සම්බුද්ධ ශාසන වරං යති පුඞගවඤා්ච

සම්පාලනාය පටිලද්ධ වරො මහිද්ධි

පුඤ්ඤානි මානි අනුමෝදිය වාසු දේවො

පාලෙතුමං සතත සාත හිතා වහන්තු.

2) කතරගම දෙවියන් වෙතට

විමල නිජ පදාබ්දං වෙද වේදාන්ත වෛද්‍යං

මම කුල ගුරු දෙහං වාද්‍ය ගාන ප්‍රමොහම්

රමණ සුගුණ ජාං රංග රට්භාගි නෙයා

කමල ජනිත පාදං කාර්තිකේයං භජාමි

සෙත් කවිය කතරගම දෙවිඳුන්ට

ලෙසට සඳ හිරු ලොවට සෙත දෙන 

පතන බුදුබව සසුන රකිමින

අතට ත්‍රිශූලවි රජිඳු සුරපති පවර 

බලයෙන ලොවෙහි ගරුවන

වෙතට පැමිණෙන අපල දුරු කර දරුව 

හට සැම සැපත සදමින

සිතට දිරි බල දෙමින විභහගෙ ජයම 

ලැබුමට පිහිට දෙනු මැන.

කතරගම දෙවිඳුන්ට පින්දීම

සම්බුද්ධ ශාසන වරං ඉධරොහණස්මිං

සම්හලනාය ජින දත්ත වරො මහිද්ධි

පුඤ්ඤානු මොදිය සලානන දෙව රාජා

පාලේතුමං සත්ත සාත හිතා වහන්තු

සියළු දෙවියන්ට පින් දීම

අස්මිං විහාර ඝර පබ්බත රුක්ඛගාමෙ

සබ්බේසුදීප නගරෙසු පිචක්ක වාලෙ

නාගාසුරා ගරුඬ රක්ඛස නාක්ඛා

රක්ඛන්තු මං සකනුභාව බලෙන නිත්‍යං

දෙවියන්ට මල්, පහන්, පලතුරු ආදිය මෙන්ම මල් පූජාවේදී ද

සුවඳ හමන මල්ම විය යුතුය. තෙල් වර්ගද විවිධ වේ.

විෂ්ණු දෙවියන්ට - නිල් නිලුපුල් පැහැයෙන් මල්, ගිතෙල්, තැඹිලි තෙල්

කතරගම දෙවියන්ට - රතු කහ පැහැයෙන් මල්, තල තෙල්, අබ තෙල්

පලතුරු පූජාවලට :- . . . . .  .

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.