වියපත් වන වැඩිහිටියන්ට ඇතිවන රෝගාබාධ හා ශාරීරික මානසික තත්ත්වය

ඔක්තෝබර් 9, 2020

ශ්‍රී ලංකාව වියපත් වන ජනගහණය ශීඝ්‍රයෙන් ඉහළ යන රටක් ලෙස ප්‍රකාශ වී ඇත. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ වියපත් වන ජනතාව අතර බෙහෙවින් පැවතිය හැකි රෝගාබාධ හා මානසිකත්වය පිළිබඳව අප වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතුය. වයස්ගත වීමත් සමඟ පුද්ගලයා වයසින් වයෝවෘද්ධවීමත් සමඟ සාමාජීය වශයෙන් හුදෙකලා වීම මානසිකත්වයට බෙහෙවින් බලපාන කරුණක් වී ඇත. එමෙන්ම යම් යම් රෝගාබාධවලට ලක්වීම ද වැළැක්විය නොහැකිය.

එසේ කියා එනම් වයසට යන විට රෝගාබාධවලට හේතුවනවා කියා නිහඬව සිටීම නොව වයස්ගත වීමේදී ඇතිවන රෝග හා ආබාධ හඳුනාගෙන ඒවාට නිසි ප්‍රතිකාර ලබා දිය යුතුව අත. වැඩිහිටියන්ට ඇතිවන රෝගාබාධ ශාරීරික හා මානසික වශයෙන් පිළිබඳව කරුණු කීපයක් මෙසේ පෙන්වාදිය හැකිය. 

අධිරුධිර පීඩනය, දියවැඩියාව, අංශභාගය , ආඝාතය, ශ්වසන ආබාධ ,ඇදුම රෝගය ,පීනස, වකුගඩු රෝග , පිළිකා , ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමාව , කන් ඇසීමේ දුර්වලතාව, මුත්‍රා අඩස්සිය , මුත්‍රාපිට කිරීමේ අපහසුතාවය, ශරීරයේ සමබරතාවය නොමැති වීමෙන් වැටීම්, හන්දිපත් වේදනාව, අස්ථි දුර්වල වීම ,ඔස්ටියෝපොරෝසිස් රෝගය, නින්ද නොයාමෙන් මතුවන, රෝගී තත්ත්වයන්, ලිංගික ක්‍රියාවලියේ ප්‍රශ්න, ස්නායු හා මොළය සම්බන්ධ රෝගී තත්ත්වයන්, පාකින්සන් රෝගය, හිරිවැටීම, ස්නායු දුර්වලත්වය ,අපස්මාරය, මන්දපෝෂණය, මානසික, අවපාතය ,මතක ශක්තිය දුර්වලවීමෙන් ඇතිවන රෝගාබාධ, අංග චලන අපහසුතා ද වේ. 

අධිරුධිර පීඩනය , දියවැඩියාව යන රෝග වැලදීමේ ප්‍රවණතාවය වියපත්වීමත් සමඟ ඇතිවේ. එබැවින් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියකු වුව ද තම රුධිර පීඩනය හා රුධිර සීනි තත්ත්වය පරික්ෂාකරවා ගැනීම සිදු කළ ගත යුතුය. එයට හේතුවන්නේ ඉහත බෝනොවන රෝග රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වා රෝගය වැලදී තිබිය හැකි බැවිනි.වයසට යෑමත් සමඟ පෙනීම අඩුවෙයි. ඇසේ සුද ඇතිවීම ග්ලුකෝමා තත්ත්වය හා පෙනීම අපහැදිලිවීම, ඇසේ සුද මතුවීමේදී, යමක් දෙස බැලීමේදී බොඳ වූ ලෙස පෙනීම, ග්ලූකෝමා තත්ත්වයේදී අධික හිස කැක්කුම , ඇස්වල වේදනාව , ඇස් රතුවීම ද ඇතිවේ. වයස් ගතවීමේදී බෙහෙවින් කන් ඇසීම අඩුවේ. මේ නිසා යමක් ඇසීමේදී හා පිළිතුරු දීමේදි වේගවත් බවක් ඇතිවේ. මුත්‍රාබාධ බෙහෙවින් පවතී. හිටි අඩියේ මුත්‍රා පහවීම මෙන්ම මුත්‍රා අඩස්සිය ද ඇතිවේ. වියපත් වීමත් සමඟ කාන්තාවන්ට මුත්‍රා අඩස්සිය බෙහෙවින් පවතී. පුරස්ථ ග්‍රන්ථියේ ප්‍රමාණය ලොකුවීමක් ද ඇතිවේ. 

සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වීමෙන් හා හිතුවක්කාර ලෙස ඇවිදීමට යෑම නිසා වැටීම් වලට ලක් වේ. බොහෝ විට වැඩීම්වලට ලක් වන්නේ හිතුමතේට උදව් උපකාර ප්‍රතිකේෂ්ප කරමින් කටයුතු කිරීමෙනි. වයස්ගත වීමේදී හන්දිපත් වේදනාව ඇති වීම් තුනටියේ අතපයේ කැක්කුම් වේදනා බෙහෙවින් සිදු වේ. අස්ථි තුනී වීම හා දුර්වල වීම හේතුවෙන් වැටීමකදී වුවද අස්ථි බිඳීයාමේ තත්ත්වයක් ඇතිවිය හැකිය. වයසට යෑමේදී ශාරීරික මානසික ගැටලු ඇතිවේ. ඔවුන් නිතරම සිතන්නේ හුදෙකලා වූ බවයි.තනිවීමෙන් කිසිවකුගේ පිළිසරණක් නොලැබී යා හැකි බවයි. එමෙන්ම මතක ශක්තිය දුර්වල වේ. තමන් ගත් යමක් තිබූ තැන අමතක වීමෙන් කේන්ති ගොස් බැණ වැදිය හැකිය. නොකෑවත් කෑවා බීවා බව කියයි.අසුරු කරන්නන් සැක කරමින් කතා කරයි. පවතින හා දැකගන්නට ලැබෙන කරුණු කෙරෙහි දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම හැම දෙනාගේම වගකීමක් වේ.

වැඩිහිටියන්ට ආදරය, කරුණාව දක්වමින් කටයුතු කිරීම හා නිසි පෝෂණයක් දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. අස්ථි කැඩුම් බිඳුම් සහ අස්ථි දුර්වලතා ඇති වීම වැළැක්වීම සඳහා ආහාරයට කඩල, පරිප්පු, සෝයා, පළාවර්ග , කිරිආහාර ගැනීම ද ව්‍යායාමය ද අවශ්‍යය. දුම්බීම, මධ්‍යසාර හා කෝපි බීමෙන් වැළකී සිටීම ද මළබද්ධයෙන් වැළකී සිටීමට කෙඳි සහිත ආහාර ද, කුරුට්ට සහිත ධාන්‍යය ද පලතුරු, එළවළු , පළා වර්ග ද ගත යුතු අතර, ජලය වැඩිපුර පානය කිරීම ද කළ යුතුය. මේද සහිත ආහාර අඩුවෙන් ගත යුතු අතර, විටමින් සී සහ විටමින් ඊ අඩංගු ආහාර වැඩිපුර ගත යුතුය. විටමින් සී කහපාට අලුත් එළවළු, පලතුරු ද, පළාවර්ග වැඩිපුර ගත යුතු අතර, විටමින් ඊ බහුලව පවතින මුංඇට, තල, සෝයා හෝ තිරිඟු තෙල් මිශ්‍ර ව්‍යංජන ද සුදුසු වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.