වීර්යයට හා ශක්තියට අධිපති දුර්ගා දේවිය ප්‍රධාන කොට සියලු ශාස්ත්‍රයන්ට අධිපති දේවීන් වෙනුවෙන් පවත්වන නව රාත්‍රී පූජාව

ඔක්තෝබර් 9, 2020

පළමු දෙවන හා තුන්වන දිනයන් දුර්ගා දේවියටත් ඊළඟ දින තුන ලක්ෂ්මී දේවියටත් අවසන් දින තුන සරස්වතී දේවියටත් පුද පූජා පවත්වමින් දින නවය සම්පූර්ණ  කෙරේ. 

කන්‍යා රවියේ පුරහඳ මුල්කරගෙන පවත්වනු ලබන නව රාත්‍රී පූජාව හෙවත් අඝාඩ නව රාත්‍රී පූජාවේදී ශක්ති දෙවඟන වූ දුර්ගා දේවිය ප්‍රධාන කොට සියලු පුද පූජා නො අඩුව තබමින් පවත්වනු ලබන මෙම පූජාවේදී ඊශ්වර දෙවියන් හෙවත් ශිව දෙවියන්ගේ පි‍්‍රය භාර්යාව වූ දුර්ගා දේවිය නොහොත් පාර්වතී. ශක්ති අම්මාන් යන නම්වලින් හඳුන්වනු ලබන දුර්ගා දේවිය ප්‍රධාන කොට දින නවයක් පුරා පවත්වනු ලබන විශේෂ පූජාවකි. 

මෙම පූජාවේදී සියලු ශාස්ත්‍රයන්ට අධිපති සරස්වතී දේවියටත්, සම්පතට හා යස ඉසුරට අධිපති ලක්ෂ්මී දේවියටත්, වීර්යයට හා ශක්තියට අධිපති දුර්ගා දේවියටත් වෙන් වෙන් වශයෙන් දින වෙන් කොට පුද පූජා පවත්වන ඇත. 

පළමු දෙවන හා තුන්වන දිනයන් දුර්ගා දේවියටත් ඊළඟ දින තුන ලක්ෂ්මී දේවියටත් අවසන් දින තුන සරස්වතී දේවියටත් පුද පූජා පවත්වමින් දින නවය සම්පූර්ණ  කෙරේ. හින්දු බැතිමතුන්ගේ විශේෂ පූජාවක් වූ නව රාත්‍රී පූජාව අඝාඩ පූජාව ලෙසින් ද හඳුන්වති. අඝාඩ නව රාත්‍රී පූජාව සඳහා දුර්ගා දේවිය සරසනු ලබන්නේ රතු සහ කහ වර්ණයෙනි. රතු මල් මාලයක්, පලතුරු, බුලත්, හබල පෙති, කිරිබත්, පොල්, කට්ටකුමජ්ජල් ආදී පූජා භාණ්ඩ ගනු ලබන අතර, සියලු සම්පතට අධිපති ලක්ෂ්මි දේවියට හාල් පිටි ධාන්‍ය වර්ග නවයක්, වී, මුංඇට , උඳු, කවුපි, කඩල, තල ,කොල්ලු , මෑකරල්, (තුවර) ආදි පූජාවන්ද සියලු ශාස්ත්‍රයන්ට අධිපති සරස්වතී දේවියට මී පැණි, සූකිරි , රටඉඳි, පලතුරු , බුලත්, පොල්, කපුරු මල්, සුවඳ දුම් ආදී පූජා භාණ්ඩ ගනී. 

ලක්ෂ්මි දේවිය වෙනුවෙන් පවත්වන පූජාවේදී පිරිසුදු සෙම්බුවක් ගෙන පෙරාගත් පිරිසුදු ජලයෙන් එම සෙම්බුව පුරවා ඒ තුළට එනසාල්, කරාබුනැටි, කපුරු දමා සූදානම් කරගෙන සකස්කරගත් අසුනක හෝ කෝවිලකට ගොස් හෝ ලක්ෂ්මී දේවියගේ පිළිරුවක් හෝ ඡායාරූපයක් ඉදිරියේ තබා සුවඳ කට්ටකුමජ්ජල්වලින් දුම්දී සෙම්බුවට කහදියර ඉස නාවා ඒ තුළට තඹ, රිදී වැනි පඬුරු දමති. 

ගණ දෙවියන්ගේ ඡායාරූපයක් ද ඒ අසල තබා පූජාවන් සඳහා පිරිසුදු හකුරු, පැණි සහල්, පස්ගෝරස , කහ, සඳුන් බුලත්, පලතුරු ද තබා සාම්බ්‍රාණිවලින් දුම් අල්ලති. එයට හකුරු, මිශ්‍ර කිරිබතක් ද පාෂායම් ද තබා ගාථා කියමින් පූජාව පවත්වති. සියලු ශාස්ත්‍රයන්ට අධිපති (නුවණට) දෙවඟන වූ සරස්වතී දේවිය සඳහා තබන පූජාවට මී පැණි , සූකිරි ,රටඉදි, හා පලතුරු පස් වර්ගයක්ද බුලත්, සුවඳැති මල් හා මල් මාලයක් ද තබා ඒ අසල ද ගණ දෙවි රුවක් හෝ ඡායාරූපයක් ද තබා සුදු සකුරු, සහල්, පස්ගෝරස, සඳුන් බුලත් ,රන් රිදී ද, හකුරු මිශ්‍ර කිරිබතක්ද තබා සුවඳ දුම් දී පූජාව තබයි. නව රාත්‍රී පූජාව සමහර බැතිමතුන් තම නිවෙස්වල හා කෝවිල්වල වෙනස් ක්‍රමයන් අනුගමනය කරමින් ද පවත්වති. සුවඳ හමන මල්වලින්, සාදාගත් මල් මාලා, නෙළුම් මල්, කැවිලි වර්ග පස් වර්ගයක් හෝ කැවිලි වර්ග නවයක් පලතුරුද නව වර්ගයක්, අඹ, දොඩම්,අන්නාසි, කෝලිකුට්ටු ඇතුළු කෙසෙල් වර්ග මෙන්ම කඩල, පොරි,උලුඳුවඩේ මෙන්ම පැණිවලින් සෑදු කිරිබතක් ද තැඹිලි ගෙඩියක්, පොල්ගෙඩියක්, බුලත් සමඟ පඬුරුද තබා දුර්ගා දේවියට එලෙස පුද පූජා පැවැත්වේ.

නව රාත්‍රී පූජාව පිළිබඳව දේව කථා කීපයක්ම ඇත. ඉන් එක් දේව කථාවක සඳහන් වන්නේ එක් යුගයක ඉන්දියාවේ මයිෂ නම් එඩිතර පුද්ගලයකු සිටි බවත්, ඔහු ඊශ්වර දෙවියන්ගෙන් කිසිවකුට තමා මැරීමට නොහැකි වන සේ වරයක් ඉල්ලා ඇති බවත්ය. එහිදී ඊශ්වර දෙවියන් ඔහුට කියා සිටියේ එම වරය ලබාදීමට නම් නව වසරක් පූරා තමන්ට මෙහෙවරකම් කළ යුතු බවයි. එයට කැමැති වූ මහීෂ නම් මෙම පුද්ගලයා නව වසරක් පුරාම ඊශ්වර දෙවියන්ට බැල මෙහෙවරකම් කරමින් ඉතා යටත්ව විසීය. 

එසේ සිට නව වසර සම්පූර්ණ වූ විගසම ඔහු ඊශ්වර දෙවියන්ට අයැද සිටියේ තමාට එම වරය ලබා දෙන ලෙසයි.එහිදී තමා දුන් පොරොන්දුව ඉටු කළ යුතු යැයි නිගමනය කළ ඊශ්වර දෙවියෝ මහීෂගේ හිසට අත තබා වරය ලබා දුන්නේය. එසේ වරය ලබාගත් මහීෂ කිසිවකුට කරදරයක්, හිරිහැරයක් නොවන අයුරින් සෑම දෙනාගේම ආදරය ගෞරවය ලබා ගනිමින් ජීවත් විය. එසේ කලක් ගත වන වට මහීෂගේ සියලු යහගුණ ක්‍රමක්‍රමයෙන් අඩුවෙන්නට විය. දූෂණ මැරකම්වලින් සොරකම් කරමින් ජීවත් වන්නට විය. මේ තත්වයෙන් මුදාගෙන මහීෂ හොඳ පුද්ගලයකු කිරීමට ගත් උත්සාහයන්  නිෂ්ඵල වූහ. 

මෙසේ අකටයුතුකම් කරමින් කටයුතු කළ මහීෂ ඉන් බේරා ගැනීමට නොහැකි වූයේ ඊශ්වර දෙවියන් ලබාදී තිබූ වරයේ බලගතුකම හේතුවෙනි. මොහු විසින් කරනු ලබන මෙම අධර්මිෂ්ට ක්‍රියාවන් ගැන දෙවිවරුන් පවා කනස්සල්ලට පත්ව සිටියේය. ඒ දුටු ඊශ්වර දෙවියෝ මහීෂගේ මේ ක්‍රියා කලාපය ගැන දැඩිව විමසිලිමත් වූහ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.