ඕසෝන් ස්ථරයට හානිවීම හා බලපාන ගෝලීය සෞඛ්‍යමය ගැටලු

ඔක්තෝබර් 9, 2020

මෙම සියලුම බෝවන රෝගවල ව්‍යාප්තිය ඕසෝන්  පටලයේ හීනවීමත් ඈත්වීම වළකාලිය නොහැකි වූත් පාරිසරික උණුසුම් බව මත වැඩෙන දිලීර, බැක්ටීරියාවන් ව්‍යාප්ත වීම වැඩිවීම නිසා ය. තවද මදුරු කීටයින් බහුල වීමද වැළැක්විය නොහැකි වෙනවා. පරිසරය රැකගැනීම තුළ අපට බොහෝ රෝගයයන්ගෙන් ආරක්ෂා විය හැකි ය. 

ඕසෝන් පටලය සිහින් වීමත්, කඩතොලුවීමත් සිදුවේ නම් එය මිනිසාට මෙන්ම සතා සිවුපාවාට, ගස්කොළන්වලට ද බලපානුයේ හානිකර වූ තත්ත්වයකි. මිනිසාගේ සුඛවිහරණ උදෙසා බොහෝ කොට පරිසරයට සිදුවන හානිය ගැන අප සිතනුයේ පරිසර පද්ධතීන් රාශියක් හා මුසුවීමෙනි. 

බොහෝ නිෂ්පාදන ක්‍රියාවලියන් හරහා පසු විමසුමේ පවතිනුයේ පරිසර දූෂණය පමණක්ම ය. ස්වභාවික පාරිසරික සංවර්ධන පද්ධතියන් හා ඒවායේ මූලයන් වන අහස, පොළොව, වනාන්තර, ගස්කොළන්, වැව්, ගංගා, තුරුලතා ආදීන්ගේ අනාරක්ෂිත භාවයද එදාට වඩා අද වැඩි වූයේ  අප නිසාම නිර්මාණය වන බොහෝ දියුණු සමාජීය ආර්ථීකය හරහා පමණක්ම ය. 

වායුගෝලයේ අපරිවර්තීය ගෝලය හෙවත් ඉහළ වායුගෝලීය කලාපයේ කි.මී. 20ක් පමණ සිට කිලෝමීටර් 55ක් පමණ දක්වා කලාපයේ මේ ඕසෝන් වායු සංකේන්ද්‍රණය පිහිටා ඇත. ඕසොන් අනු 3ක එකතුවෙන් සෑදෙන විෂ වායුවකි. එය පෘථිවිය හා පෘථිවිය මැදට ඇති පහළ වායුගෝලයට පලිහක් ලෙස ක්‍රියාත්මක වන්නකි. එනම් සූර්යයාගේ සිට පැමිණෙන ජීවීන්ට අහිතකර විකිරණ මෙම කලාපයේ දී අවශෝෂණය වේ. මේ නිසා ජීවලෝකය ආරක්ෂා වේ. 

සූර්යයාගෙන් විහිදී එන පාරජම්බුල කිරණ   (Ultra violet Rays) වැනි කෙටි තරංග ජීවිලෝකයට අහිතකර බලපෑම් ගෙනදීමට සමත් වේ. අධික තීව්රතාවයකින් යුතුව මේ කිරණ පෘථිවිතලයට පැමිණීමෙන් ජීවීන්ගෙ පටක වලට හානි පැමිණෛ්. ක්ලෝරින්, ප්ලුරේයින් සහ කාබන් අඩංගු කෘත්‍රිම සම්මිශ්‍රණ සහ   Freons  වැනි සංඝටක සියල්ල    holo carbons ලෙස හඳුන්වන අතර, මේවා එකතු වී ඇතිවන සංඝටක    Chlorefluoro carbon (CFC) ලෙස හඳුන්වයි. මේවා ඕසෝන් පටලය දුර්වල කිරීමට හේතුකාරක වේ. අප භාවිතා කරන ශීතකරණ, ඉසින යන්ත්‍ර සහ භාණ්ඩ ආශි‍්‍රතව අධිකව ක්ලෝරෝප්ලෝරෝ කාබන්   (CFC) ප්‍රමාණයක් වායුගත වී ඇත. ඉහළ වායුගෝලය දක්වා ඉහළට ගමන් කරනා මෙම  Halocarbons ඕසෝන් පටලය දුර්වල කරයි. අපවර්තීගෝලය තුළ ස්වභාවිකවම කෙටි තරංග සහ සාමාන්‍ය ඔක්සිජන් අනු  එකතුවීමෙන් ඕසෝන් වායුව නිර්මාණය වේ. එහෙත් ඉහළ වායුගෝලයට පැමිණෙන   CEF  වැනි වායු හා එක්වීමෙන් ඕසෝන් අනු දෙකඩ වී ඔක්සිජන් අනු බවට පත්වේ. 

CFC  වැනි වායු වර්ග වැඩිවන විට ඕසෝන් වායුව හීන වේ. මේ නිසා පාරජම්බුල කිරණ බාධාවකින් තොරව පෘථිවිතලයට පැමිණෙන අතර, මෙම කිරණ ඔක්සිජන් වායුව හා එක්වීමෙන් ඇතිවන ප්‍රතික්‍රියාකාරීත්වය නිසා නිර්මාණය වන ඕසෝන් වායුපටලය අපරිවර්තීය ගෝලය තුළ  බැක්ටීරියා නාශක පටියක් ලෙස ක්‍රියාත්මක වේ. වායුගත බැක්ටීරියා සහ දිලීර වර්ග විනාශ වන අතර, වායුගෝලය පිරිසුදු වේ. ඕසෝන් වායුව තුළ නොරැඳී පහළ වායුගෝලයට පැමිණෙන පාර ජම්බුල කිරණ බොහෝදුරට ජීවීන්ට අහිතකර වන අතර, විශේෂයෙන් මිනිසාට පිළිකා රෝග තත්ත්වය ඇති කරයි. ඒ අතර විශේෂයෙන් චර්ම පිළිකා Slin Cancer වැඩි වේ. 

1970 දශකයේදී ඕසෝන් පටලය සිදුරුවීම ගැන කරුණු දක්වද්දී මුලින්ම ඇන්ටාක්ටිකාවේත් පසුව ආක්ටික්වලත් මෙම හීනවීම සොයාගෙන ඇත. මෙම පාරජම්බුල කිරණ වැඩිවීම නිසා කිරි පට්ටි කර්මාන්තයට, ධීවර, ධාන්‍ය හා වෙනත් වගාවන්ට, කෘෂිකාර්මික අස්වැන්න අඩුවීයාම, මසුන් මියයාම, ධීවර කර්මාන්තයට, ගවයන්ට රෝග සෑදීම හේතුවෙන් අපගේ පෝෂණයට එය බලපෑම් කරයි. මිනිසුන්ගේ සමට, ඇසට හා පටලයන්ටත් බලපෑම් කරයි. චර්ම පිළිකා, ඇස්වල සුද ඒවා වෛරස ආසාධන ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් කිරීම. 

පාරජම්බුල කිරණ (UV) කිරණවල   ච්  විටමිනය තිබුණත් එය මද වශයෙන් ලැබීම අවැසි දෙයකි. අස්ථි වර්ධනයට ආදී බොහොමයකට එය අවශ්‍ය වන නමුත්, එය වැඩිපුර ලැබීම තුළ ලබන ප්‍රතිවිපාකයන්ද වැඩි වේ. එමඟින් බොහෝ කොට ඇසට හා සමට බලපෑම් ඇති කරනු ලබයි. එසේම සමේ ප්‍රතිශක්ති මූල ආශ්‍රයන් විනාශ වී යාමද සිදුවේ. එසේම අපට වඩා සුදු හම පවතින මිනිසුන්ට හා රටවලට චර්ම පිළිකා අවධානම ඉතාමත් වැඩි වේ. තවද සමට එකතුවන පාරජම්බුල කිරණ ප්‍රමාණය මත චර්ම පිළිකා තීරණය වේ. එය වයස හා නිරාවරණය වන කාලසීමාව අනුව තීරණය  ද ආදි සියල්ලන්ගේම බලපෑම මත හේතුවන බව විද්‍යාඥයින් පවසයි. වසරකට චර්ම රෝගීන් 2500ක් පමණද සුදු හම ඇති ජාතින් අතර මේ නිසා ඇතිවන බව දැනට සොයාගෙන ඇත. 1980 - 1993 කාලසීමාවන් තුළ බ්‍රිතාන්‍යයන් පමණක්ම සම ආශි‍්‍රත පිළිකා රැසකින් දෙගුණයක් වී ඇත. එසේම ඇස්වල කාචය කරනා බලපෑම වැඩිය. තද දෘෂ්ටි පටලයටද එය බලපෑම් කරයි.කරනා ලද පර්යේෂණ මත ලෝකයේ දසලක්ෂ 25 - 22 ක ප්‍රමාණයකට ඇස් අන්ධවීම, ඇසේ සුද ඇතිවීම බලපා ඇත. 

ශ්‍රී ලංකාවේ 1963 දී මැලේරියා රෝගීන් 17 ක් ලෙස වාර්තා වූ අතර, නැවත වසර කිහිපයකින් දසලක්ෂ ගණනකින් එම රෝගීන් වාර්තා වූහ. 1973 මුළුමනින්ම මැලේරියාවෙන් තොරව වූ පළාත්වල පසුගිය දශක දෙක තුළදී මදුරුවන් බහුල වූ අතර, එම ප්‍රදේශවල 2500ක් පමණ මැලේරියා රෝගීන් වාර්තා වූහ. මෙම සියලුම බෝවන රෝගවල ව්‍යාප්තිය ඕසෝන්  පටලයේ හීනවීමත් ඈත්වීම වළකාලිය නොහැකි වූත් පාරිසරික උණුසුම් බව මත වැඩෙන දිලීර, බැක්ටීරියාවන් ව්‍යාප්ත වීම වැඩිවීම නිසා ය. තවද මදුරු කීටයින් බහුල වීමද වැළැක්විය නොහැකි වෙනවා. පරිසරය රැකගැනීම තුළ අපට බොහෝ රෝගයයන්ගෙන් ආරක්ෂා විය හැකි ය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.