නිදියහන සුරවිමනක්, ජීවිතය මල් යහනක් කර ගන්නේ කෙසේද?

ඔක්තෝබර් 16, 2020

ඡායා ග්‍රහයන් දෙදෙනෙකු වන රාහු සහ කේතු විවාහ ජීවිතයට කෙළින්ම බලපාන ග්‍රහයන් දෙදෙනෙකි. රාහු විවාහයට තද බල ලෙස බලපාන ග්‍රහයකු වන අතර, කේතු විවාහයට සහයෝගය නොදක්වයි.

 

මනුෂ්‍යයන්ගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටා ඇති සමහර ග්‍රහයෝග අනුව එම ජන්මියාගේ අනාගතයේ සතුට, සැනසීම, වාසනාව හෝ අවාසනාව තීරණය වේ.

සමහර කාමය උද්දීපනය කරන ග්‍රහ පිහිටීම් නිසා පවුල් ජීවිතය අවුල් වියවුල් වන බව පෙනේ. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු වූ කාරණයකි. එබැවින් මේ සම්බන්ධයෙන් විමසා බලමු.

කුජ සිකුරු යෝගය

මෙම ග්‍රහයන් දෙදෙන බලවත්ව යහපත් ස්ථානයක සිටියොත් ඉතා හොඳ ප්‍රතිඵල ලැබේ. නමුත් මෙම යෝගය අධික කාමය උපදවන යෝගයක් නිසා දුර්වලව නරක ස්ථානයක පිහිටා තිබුණහොත් නරක ප්‍රතිඵල ඇතිවේ. එනම් මෙම යෝගය ඇති අය කාමයේ ඇලී ගැලී සිටියි. ඒවායින් තෘප්තියට පැමිණීම පිණිස දූෂණ මාර්ගද උපයෝගී කර ගනී. මෙය ශරීර ශක්තිය වැඩි කරන යෝගයකි. එබැවින් එක් ග්‍රහයකුට එක හත අයිති වුවොත් විවාහය අවුල් වේ.

ගුරු සිකුරු යෝගය

මෙම ග්‍රහයන් දෙදෙනා ද බලවත්ව යහපත් ස්ථානයක පිහිටියහොත් ඉතා හොඳ ප්‍රතිඵල ලැබේ. ඒ අනුව විවාහය යහපත් වන අතර, දරුවන් ද වාසනාවන්ත වේ. යෝගය නරකයට හිටියොත් සීමාව ඉක්මවා කටයුතු කිරීමෙන් නරක ප්‍රතිඵල ලැබෙන අතර, විවාහ ජීවිතය අපිරිසුදු වේ.

සඳු සිකුරු යෝගය

මෙයද යහපත්ව පිහිටියහොත් ශුභ ඵල දෙන යෝගයකි. යෝගය දුබලව නරකට පිහිටියහොත් ස්ත්‍රී සංගම් ඇති කර ගනී. පහත් අය ඇසුරට පත් වේ.දූෂිත රෝග සාදා ගනී.

සඳු කුජ යෝගය

මෙය ද බලවත්ව යහපත් ස්ථානයක පිහිටියහොත් ශුභ ඵල දෙන යෝගයකි. නරක ස්ථානයක දුබලව පිහිටියහොත් දූෂණ ක්‍රියාවලට යොමු වේ. නරක ප්‍රසිද්ධියක් ලැබේ. ලෙඩ රෝග සාදා ගනී. සංයෝගය පිහිටි ස්ථානයේ පල විනාශ වේ. ස්ත්‍රි කේන්ද්‍රයකට ඉතා නරකය.

රවි කුජ ගුරු යෝගය

මෙය අධි කාමුක යෝගයකි. අධික ශරීර ශක්තිය නිසා බොහෝ සේ අනාචාරයේ යෙදීමට සිත් වේ.

සඳු සිකුරු කුජ යෝගය

මෙම යෝගය ඇති අය කායික වශයෙන් තෘප්තිමත් කිරීම අපහසුය.

කුජ බුධ ශනි යෝගය

මේ යෝගය ඇති අයගේ ඉන්ද්‍රිය දුබලතාවක් ඇති විය හැකිය. එය විවාහයට තදින් බලපාන බැවින් විවාහය අවුල් සහගත වේ.

රවි බුධ ගුරු ශනි යෝගය

මෙම යෝගය ඇති අය ඉතා දුබල ලිංගිකත්වයක් ඇති සහ ලිංගික ආබාධ ඇති පුද්ගලයන්ය.

මෙම ඉහත දැක්වූ යෝගවලට පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිය වැටීමෙන් තත්වය තවත් බරපතළ වේ.

මෙම යෝග එක් කේන්ද්‍රයක යෙදී ඇත්නම් අනික් කේන්ද්‍රයේ ද මේ ආකාරයට යෙදී තිබිය යුතුය.

මෙම යෝගයක් කාම ආශාවන් හොඳින් උද්දීපනය කරන ග්‍රහ යෝග වේ.

කේන්ද්‍රයක 5 වන භාවයේ සිකුරුගේ දෘෂ්ටිය ලබා කුජ සිටින්නේ නම් එම තැනැත්තාගේ කාම ආශාව ඉතා ඉහළය. ලිංගික ආශ්වාදය දැඩි සේ පි‍්‍රය කරයි. එබැවින් මෙවන් අයට පස් වැන්නේ කුජගේ දෘෂ්ටිය ලැබූ සිකුරු සිටින කේන්ද්‍රයක් හිමි අයකු ඉතා හොඳින් ගැළපේ.

මෙවැනි දෙදෙනෙකු අතර විඳගන්නා ලිංගික ක්‍රියාවලියෙන් විඳගන්නේ අමා මිහිරකි. නිදියහන සුරවිමනක් වන්නේ මේ ආකාර ගැළපීම් මගිනි.

මෙවන් වාසනාවන්ත ග්‍රහ යෝග කීපයක් පහත දක්වා ඇත.

1.එක් කේන්දරයක චන්ද්‍රයා අනික් කේන්දරයේ රවි සිටින රාශියේ නම් ඉතා හොඳයි. වෙනස් නොවන විවාහයකි.

2.එක් කේන්දරයක චන්ද්‍රයා අනික් කේන්දරයේ රවි සිටින රාශියෙන් 3,5,9,11 රාශියක සිටී නම් විවාහය යහපත් ය.

3.එක් කේන්ද්‍රයක කුජ සිටින රාශියේ සිට අනික් කේන්ද්‍රයේ සිකුරු සිටින රාශියේ සිට 3,11 නම් ඉතා සුහදශීලි විවාහයකි.

ඡායා ග්‍රහයන් දෙදෙනෙකු වන රාහු සහ කේතු විවාහ ජීවිතයට කෙළින්ම බලපාන ග්‍රහයන් දෙදෙනෙකි.

රාහු විවාහයට තද බල ලෙස බලපාන ග්‍රහයකු වන අතර, කේතු විවාහයට සහයෝගය නොදක්වයි.

රාහු 1,2,7,8 යන ස්ථානයක සිටීමෙන් විවාහයට බලපෑම් ඇති කරයි. ඒ නිසා රාහු අශුභ ග්‍රහයකු සමඟ සංයෝගව සිටීම හෝ සිකුරු සමඟ සිටීම ලිංගිකත්වයට තදින් බලපෑම් ඇති කරයි.

මේ නිසා මෙවන් ග්‍රහ පිහිටීම් ඇති දෙදෙනෙකු සම්බන්ධ වුවහොත් ඒ අයගේ නිදියහන සුර විමනක් වනු ඇත. කේතු හත්වැන්නේ සිටීමෙන් ජන්මියාගේ ලිංගික ශක්තිය දුර්වල කරයි. මේ නිසා විවාහය නීරස වී විවාහය කඩාකප්පල් වේ. කේතු කේන්ද්‍රයක 6,7,8,9 සිටීමෙන් ඇතිවන විපාක නම්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.