ළමා කල සිටම හැකියාවට රැකියාව ලබා දෙමු

ඔක්තෝබර් 23, 2020

දක්ෂයා තෝරා ගැනීම ඡ්‍යොතිෂයේ දැක්වෙන බලවත් ග්‍රහයා මෙන්ම දක්ෂයෙකු බවද ඡ්‍යොතිෂයෙන්ම සොයාගෙන මෙවැනි කාර්යයන් ඉටුකිරීමට හැකිවීම ඡ්‍යොතිෂයේ මහත් ප්‍රාතිහාර්යක් බව පසක් වේ.

 

මිනිසෙකු සතුව පවතින රැකියාව මෙන්ම හැකියාව නැතිනම් වෙනත් දක්ෂතා දැන හඳුනා ගැනීමට ඡ්‍යොතිෂය අපට පිහිට වෙයි. මේ තුළින් අපට ලබාගත හැකි විවිධ කරුණු දැන හැඳින ගැනීමෙන් ගමත්, රටත්, ශ්‍රමය තුළින් දියුණු කර ගැනීමටද හැකි වේ.

රැකියාව පිළිබඳ දැන ගැනීමට ඡ්‍යොතිෂයේ දක්නට ලැබෙන ක්‍රියාදාමයන් බොහෝය. එවැනි අංග කිහිපයක්ම දක්නට ලැබේ.

කේන්දරය දහවැන්න මේ සඳහා විශාල මෙහෙයක් ඉටුකරයි. එමෙන්ම දසවැන්න අධිපතියා නවාංශකය, වැඩියෙන්ම බලවත්ව පිහිටි කේන්ද්‍රයේ අනෙකුත් ග්‍රහයන්ද රැකියාව දැන ගැනීමේදී ඉතා වැදගත් වේ.

ප්‍රථමයෙන්ම කේන්දරයේ බලවත් ග්‍රහයා හැඳිනගත යුතුවේ. සියලුම ග්‍රහයන්ගේ උච්ච, මූල, ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර ආදිය කෙසේදැයි විමසිය යුතු වේ.

මෙලෙස බැලීමේදි ඒ ඒ ග්‍රහයින්ට නිසි විෂය නැත්නම් රැකියාවට ගැලපෙන විෂය දැනගත හැකි වේ. ඒ අනුව රැකියාව මෙන්ම විවිධ දක්ෂතාවයන් පෙන්වන ග්‍රහචාරය මෙසේය. එය ග්‍රහයාගේ බලවත් වීම නිසා සිදුවන්නකි.

රවි ග්‍රහයා උච්ච වීමෙන් රජයේ රැකියා ලැබෙන අතර එය වෛද්‍ය අංශය , වෙළඳාම, රන් රිදී ව්‍යාපාර ආදියේ රැකියා ලැබිය හැකිය. මේ සමඟම අධ්‍යාපනයේ දක්ෂතාවයද මේ සමඟම ලැබිය යුතුය. ග්‍රහයා බලවත් වීම නිසා රැකියාවේ පෙන්වීම සමඟම අධ්‍යාපනය පළපුරුදු ආදියද තිබිය යුතුය. ග්‍රහයා බලවත් වීම නිසා අදාළ රැකියාව ලැබෙනවා යැයි සිතා සිටියොත් රැකියාව නොලැබෙයි.

චන්ද්‍රයා බලවත් කෙනෙකුට නාවික, හෙදි, බැංකු අංශයේ රැකියා ලැබේ.

කුජ ග්‍රහයාගේ බලවත්කම නිසා වෛද්‍ය අංශයේ රැකියාව, කාර්මික අංශය, හමුදා සේවය ලැබේ.

බුධ ග්‍රහයා බලවත් නම් ලේඛන කලාව, ගණිතය , ගුරු වෘත්තිය , ගුවන්විදුලි , කාර්මික, ගෘහ නිර්මාණ ශිල්පියට හිමි රැකියාව ලැබේ.

ගුරු ග්‍රහයා බලවත් නම් නීති අංශය ,බ්‍රෝකර් වැඩ, කොන්ත්‍රාත් වැඩ මෙන්ම අන්‍යයන්ට යටත් නැති වෙනත් අදාළ විෂයට ගැලපෙන රැකියා ලැබිය හැකිය.

ශුක්‍ර (කිවි) සංගීතය , චිත්‍ර, කලාව, සංචාරක සේවය, රෙදිපිළි ආශි‍්‍රත වෙළඳාම මෙන්ම වෙනත් කලා අංශයේ රැකියා ලැබේ.

ශනි ග්‍රහයා බලවත්වීනම් හිරගෙවල්, ආරෝග්‍යශාලා, සමාජසේවා ,කළමනාකරණ සේවා රැකියා ලැබීමට වාසනාව උදා වේ.

ඇතැම් අය රැකියා එකිනෙක කීපයක්ම කරති. එකකින්වත් දියුණු නොලැබේ. එයට හේතුව ග්‍රහයා උච්ච වීම ආදී බලය නිසා සුදුසු රැකියාවක් නොවී වෙනත් රැකියා කිරීමය.

මෙලෙස බොහෝ රැකියා කරමින් එකිනෙක තමාගෙන් ගිලිහී ගිය පසු ඡ්‍යොතිර්වේදී තැන වෙත පැමිණ රැකියා හරි නොයන ලෙසින් ප්‍රකාශ කරන බොහෝ රැකියා අපේක්ෂාවෙන් ආ අයට නිසි රැකියාව තෝරා දුන් විට එම රැකියාවෙන් වඩා දියුණු වූ බව අපට පෙනී ගිය අවස්ථා එමටය. මේ නිසා රැකියා නිසි අයුරින් තෝරා දීම නිසා එවැන්නන්ට පිහිටවීමේ ක්‍රමයක් ඡ්‍යොතිෂයේ දැක්ම අපට කෙනෙකුට රැකියාවක නිරත කරවීමට මහඟු කාර්යක් වන්නේය.

මවක් සිය පුතා සමඟ පැමිණ අපට පැවසුවේ මගේ පුතා මෙවර විභාගයෙන් සාමාන්‍ය පෙළ ඉතා උසස් ලෙස සමත් වූ බවත්, ඒ නිසා කලින් පොරොන්දුවක් නිසා පුතාට මෝටර්සයිකලයක් මිලට අරන් දුන්නා යන්නය.

මේ අතර මේ දරුවා උසස් පෙළ සමත් වුවහොත් කාර් එකක් රැගෙන දෙන ලෙස මවගෙන් ඉල්ලා ඇත. ඒ නිසා පුතා සාමාන්‍යපෙළ සමත්වීම නිසා උසස් පෙළත් සමත් වෙයි. මට ඇති ගැටලුව වන්නේ කාර් එකක් රැගෙන දෙන්න වත්කමක් නැති බවය.

මා මෙම දරුවන් ගේ කේන්දරයේ උසස් අධ්‍යාපනය කෙසේ වෙයිද යන්න බැලූවිට දක්නට ලැබුණේ උසස් පෙළ අසමත් වන බවය. මම මවට පැවැසුවේ පුතා උසස් පෙළ අසමත් වෙන බවය.

මාස ගණනකින් මව මා හමුවට පැමිණ පැවසුවේ පුතා අසමත් වුණා . මා පොරොන්දුව ඉටුකරන්න වෙන්න ඕනෑ නෑ. එහෙත් පුතා කියනවා නැවත පාසල් යන්නෙත් නෑ උසස් පෙළ ලියන්නෙත් නෑ යන්න. එයා රැකියාවක් කරන්න ඕනෑ යැයි පවසා ඇත.

දැන් මේ ළමයාට රැකියාවට මාර්ගයක් හදලා දෙන්න හැකිද එම මව මගෙන් ඉල්ලුවාය.

මෙම දරුවාගේ කේන්ද්‍රය අධ්‍යාපනය හා රැකියාව ගැන සෙවීමි.

කේන්දරය අනුව දක්නට ලැබුණේ දරුවා කාර්මික අංශයෙන් ඉතා උසස් තත්ත්වයකට පත්වෙනවා යන්නය.

එවිට එවැන්නක් කරන්නේ කෙසේදැයි අසත්ම මා පැවැසුවේ දරුවා වාහන සාදන ගරාජයක පුහුණුවට යවන්න යන්නය. එසේ නැත්නම් රජයේ කාර්මික විද්‍යාලයේ වාහන කාර්මික විෂය උගන්වන තැනකට යොමුකරන්න කීවෙමි.

එම අවදියේ කාර්මික විද්‍යාලයට බඳවා ගන්නා කාලයක් බව දැනගත් මම එම විද්‍යාලයට ඇතුළත් කරන ලෙසට මවගෙන් ඉල්ලීමක් කළ නිසා ඇයද එසේ කළාය.

දරුවා කාර්මික විද්‍යාලයට ඇතුළත් කර ටික කාලයකින් මෙම දරුවා දක්ෂ ලෙස ඉගෙන ගත්තේය. දැන් එම කාර්මික විද්‍යාලයේ මෙම විෂය උගන්වන ගුරු මහතා නිවාඩු ගිය විට මෙම දරුවා පන්තියේ උගන්නන්නටත් පත්විය.

කාලයක් ගෙවී යත්ම එම දරුවා ඉගෙනුම අවසන් කර ලංකාවේ ප්‍රසිද්ධ වාහන ආයතනයක රැකියාවට පත්විය.

පසුව මෙම දරුවා හමුවී මා සමඟ කථාකරමින් සිටි විටක මා පැවැසුවේ පුතා ජපානයට යන්න. හොඳ රැකියාවක් කරන්න පුළුවන් යැයි මා යෝජනා කළෙමි. දරුවාද ජපන් භාෂාව ද ඉගෙන ගෙන ජපානයට ගියේය. ඉදිරියේදී ජපානයේ කාර්මික ඉංජිනේරුවරයෙකු ලෙස පැමිණීමේ අදහසින් ඉගෙන ගත් මොහු දැන් ඉගෙනීමට අමතරව සවසට ජපානයේ වාහන විකුණන ආයතනයක රැකියාවද කරමින් ඉගෙන ගෙන ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවද පසුගියදා දැනගන්නට ලැබිණි.

දක්ෂයා තෝරා ගැනීම ඡ්‍යොතිෂයේ දැක්වෙන බලවත් ග්‍රහයා මෙන්ම දක්ෂයෙකු බවද ඡ්‍යොතිෂයෙන්ම සොයාගෙන මෙවැනි කාර්යයන් ඉටුකිරීමට හැකිවීම ඡ්‍යොතිෂයේ මහත් ප්‍රාතිහාර්යක් බව පසක් වේ.

අද පාසලේ බාල පන්තියක සිටින ළමයකුගෙන් පුතා ඉගෙන ගෙන කවුරු කෙනෙක්ද වෙන්නෙ කියා’ ඇසූ විට දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් ආදී උසස් තනතුරක් කරන කෙනෙක් වෙන් ටය.

එනිසා කුඩා ළමයින්ගේ පාසල් යන බාල කාලයේම ඡ්‍යොතිෂයෙන් සොයා ගන්න ඕනෑ ළමයන්ගේ කේන්ද්‍රයෙන් හෙළිවන හැකියාව.

ඒ අනුව ළමයා කුමකටද දක්ෂ යන්න මෙන්ම කරන රැකියාවද ඒ තුළින්ම පෙනෙන නිසා අධ්‍යාපනය , හැකියාවන් ආදිය ඡ්‍යොතිර්වේදියාගෙන් අසා දැනගත යුතුය.

මෙසේ දැනගෙන අධ්‍යාපනය හොඳින් කරගෙන යාමට මං පෙත් විවෘතවන ලෙස අතිරේක ඉගැන්වීම් කළ යුතුය.

ළමුන් අතිරේක පන්තිවලට යැවීමේදි රටේ පවතින විවිධ පන්තිවලට නොයවා කේන්දරයෙන් හෙළිවු අංශයට අදාළ දැනුම ලැබෙන ලෙස කුඩා අවදියේ සිට කළ යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.