විශේෂයෙන්ම කාන්තාවන් 40 පහුවුණාම කළ යුතුම දේවල්

නොවැම්බර් 6, 2020

කාන්තාවකගේ ජීවි‌තේ ලස්සනම කාලේ විදියට සලකන්නේ අවුරුදු 21 සිට 25 දක්වා අවදියයි. අවුරුදු 25න් පස්සේ බොහෝ කාන්තාවන් වයස කියන්නත් අකමැතියි. අවු.40 පැන්නම මේ තත්ත්වය තවත් වර්ධනය වෙනවා. මෙහෙම වෙන්නේ ‌ගොඩාක්ම අපේ වගේ ආසියාතික රටවලයි. බටහිර රටවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. ඒ රටවල කාන්තාවන්ගේ ජීවිතේ ස්වර්ණමය දශකය ලෙස සලකන්නේ අවු. 40 – 50 අතර දශකයයි. ඊට ‌බොහෝ හේතු තියෙනවා.

අවුරුදු 40 න් පස්සේ ජීවිතේ දශක 4ක් ඉවරයි. උපරිම ආයුෂ අවු.80ක් කියලා හිතුවොත් ජීවිත කාලෙන් භාගයක්ම ගත කරලා ඉවරයි. දැන් තියෙන්‌නේ ඉතිං යන තැනකට පිනක් දහමක් කර ගන්න එක. ඔහොම තමයි ලංකාවේ අපිත් හිතන්නේ. ඒත් බටහිර රටවල කාන්තාවෝ ජීවිතේ පටන් ගන්නේ අවු. 40න් පස්සෙයි. දරුවො ලැබිලා විවාහ කරලා දීලා අස්ථාවර සිතුවිලි වලින් මිදිලා මිනිස්සු හඳුනාගෙන ජීවිතේ පරිපූර්ණ වෙච්ච කාලයක් ලෙසයි ඔවුන් එම අවදිය සළකන්නේ. ඉතිං ඒ කාලෙ ජීවිතේ විඳීන්න පුළුවන් කාලේ කිව්වොත් ඕනම කෙනෙකුට එකඟ විය හැකියි. බුද්ධිමත් කාන්තාවන් සියලු ප්‍රශ්න මැද නීරෝගී ජීවිතයක් ගත කරනවා. ඒ සඳහා මේවාගේ දේවල් සුදුසුයි.

 

නිසි ශාරීරික ව්‍යායාමයක යෙදීම.

සමබල ආහාර වේල් දිනපතා ගැනීම.

ශරීරයට අහිතකර හානිදායක ආහාර වලින් සම්පූර්ණයෙන්ම වැළකීම.

පිටි ආශ්‍රිත ආහාර පාලනය කිරීම.

තද අව්වට නිරාවරණය නොවී සිටීම.

අධික මානසික ආතතියෙන් යුත් බැඳීම් වලින් ඉවත් වීම.

කල්පනා කිරීම හා පසුතැවීම් අඩු කිරීම.

විවිධ සමාජීය ක්‍රියාකාරකම් වල නිරත වීම.

ඒ වගේම 40න් පස්සේ

මේ උපදෙස් අනුගමනය කරන්න.

කාන්තාවකට අවශ්‍ය විටමින් හා ෆෝලික් අඩංගු බහුකාර්ය පෙත්තක් භාවිතයට ගන්න.

මානසික පීඩනය (ස්ට්‍රෙස් - ඵබපඥඵඵ) එක වැඩි නම් වහාම ඔබේ වෛද්‍යවරයා හමු වන්න.

අවුරුදු 40න් පසු කෙනෙකු‌ගේ අස්ථි දිරාපත් වෙන්න ගන්නවා. ආතරයිටිස් වැනි රෝග ඇති වෙන්නේ මේ අවදියේදී. එම නිසා කැල්සියම් සහ විටමින් ච් ශරීරයට දිනපතා ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. මේවා බාහිර පෙති වශයෙන් නොව හාල් මැස්සන්, කුඩා මසුන්, අලුත් එළවළු, මුහුදු මාළු වැනි ආහාර මඟින් ලබා ගැනීම සුදුසුයි.

මාස 03කට වරක් රුධිරගත සීනි හා කොලෙස්ටරෝල් පරීක්ෂා කර ගන්න.

දිනපතා ආහාර ගැනීමෙන් පසු හොඳීන් ඉඳුණු කෙසෙල් ‌ගෙඩියක් කන්න. මෙය බඩවැල් වල සංකූලතාවයන් මෙන්ම මළ බද්ධයටත් ඉතාම හොඳයි.

දිනපතාම කොළ ඇපල් ගෙඩියක් කන්න. “ඇපල්‌ ගෙඩියක් කන්න දොස්තරව ඈතින් තියා ගන්න.” මේ කථාව නිකම්ම කියමනක් නොවේ. (නමුත් බෙහෙත් එන්නත් නොකළ ස්වභාවික ඇපල් වල මේ ගුණ ඇති බව සළකන්න.)

අවු. 40 න් පසු ඇස්දෙක පරීක්ෂා කර ගන්න. අනිවාර්යනේම කියවීමේදී අඥචඤඪදඨ ඨතචඵඵ පාවිච්චි කරන්න.

ජීවිතය හා අවට ලෝකය දෙස ඉරිසියාවෙන් කුහකකමින් බැලීමෙන් වළකින්න. සෞම්‍ය ලෙස ජීවිතේ දෙස බලන්න පටන් ගන්න.

ආහාර වල පිෂ්ඨය, මේදය අඩුකර ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරගන්න. ප්‍රෝටීන් වල ඇමයිනෝ අම්ල වයස්ගත වීම නිසා ඇතිවන බොහෝ ප්‍රශ්න අවම කරනවා.

සීනි නැති කහට කෝප්පයක්, කෑමෙන් පැයකට පසු බොන්න. එය ඔබේ කෑම වේලෙහි අනවශ්‍ය තෙල් අඩු කරාවි. දිනපතා එළවළු 04ක් ආහාරයට ගන්න. එක් එළවළුක් නොපිසූ එකක් විය යුතුයි. (සලාද හෝ සම්බෝල)

බිත්තර සුදු මදය ආහාරයට ගන්න. අධික කොලෙස්ටරෝල් ඇත්තේ කහ මදයේයි. බොයිල් කළ සුදු මදය ලුණු, ගම්මිරිස් ඉස කෑමට ගන්න.

දිනකට වතුර බෝතල් 06ක් බොන්න. එය රාත්‍රී නින්දට පෙර කරන බවට ඔබ ඔබටම අභියෝග කර ගන්න.

බත් කන විට රතු ලූණූ ගෙඩියක් හපලා කන්න. අවු. 40න් පස්සේ මෙය ඉතාම සුදුසුයි. රතු ලූණූ ශරීරයේ විෂ ඉවත් කරයි.

උදෑසන සීනි නොදා දොඩම් යුෂ වීදුරුවක් බොන්න. එය ඔබේ පෙනුම රැක ගන්න වැදගත් වෙනවා. ගෑස්ට්‍රයිටීස් රෝගය ඇති නම් පමණක්

වෛද්‍ය උපදෙස් අනුව මෙය පානය කරන්න. නින්දට පෙර දෙහි යුෂ දැමූ වතුර වීදුරුවක් පානය කරන්න. එය දවසේ අධික නොසන්සුන් බවත්, තෙල් කෑම වල අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයත් පාලනය කරනවා.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.