එදා අපේ කාලේ මඟුල් කෑ හැටි

දෙසැම්බර් 4, 2020

අපේ කාලේ ඒ කියන්නේ නවසිය හතළිස් පනස් ගණන්වලදී මංගල කටයුතු කරන්නේ හරියට නැකත් බලලා හොඳම හොඳ සුබම දිනයක. මාස තුනකට පමණ ඉස්සර දවසක බුලත් හුරුල්ලක් ගෙනත් හෙප්පුවෙ තියල ගෙදර ඉන්න වැඩිහිටියො ගණනට බුලත් කොළය බැගින් ගන්නවා. එදා අපි කොල්ලො ඇඟිලි ගැන ගැන ඉන්නෙ මගුල් ගෙදර දා එනකං බීරංඟ ගහන්නයි රතිඤ්ඤ පත්තු කරන්නයි. මගුල් ගෙදර ළංවෙනකොට ගේ සුද්ද කරලා බිත්තිවල තීන්ත ගාලා හරියට ලස්සන කරනවා. මනමාලයගෙ පැත්තට වැඩිය මනමාලිගෙ පැත්තෙ මගුල් ගෙදර හරිම ජයට ගන්නවා.

 

මගුල් මඩුවට නැකතට කණු හිටෝල මගුල් ගෙදර දවසට කලින් දවසේ මගුල් මඩුව හදලා සැරසිලි කරනවා.

මගුල් පෝරුව ගහන්නේ ගොක්කොළවලින් කෙසෙල් කොට, තල් අත්ත රැගෙන ලස්සනට මල් කැටයම් කපලා අලෝනවා. මගුල් දවසේ අපි ළමයි සේරම මගුල් ගෙදරට එනවා. ශබ්ද විකාශන යන්ත්‍ර වලින් සින්දු අහනවා. මනාල මහත්තයා පෙරහරින් ඇවිත් මනාලිගෙ ගෙදරට ගොඩ වෙන කොටම රතිඤ්ඤා වැල් පත්තු කරනවා පළාතම ගිගුම් දෙන්න.

මනාල මහත්තයා පිළිඅරගෙන පෝරු චාරිත්‍ර සුබ නැකත් වේලාවට කරනවා. අෂ්ඨක කියලා අතපැන් වත්කරලා අත්නූල් බැඳල තැළි පිළි ගහල හුරුලු හුවමාරු කරලා පෝරුවේ චාරිත්‍ර අකුරටම කරනවා.

මනාල යුවළ සහිත දෙපක්ෂයේම ප්‍රභූ නෑයින්ට වතුර ඇල්ලීමෙන් පසු මේසය ඉඳුල් කරලා කෑම කනවා.මඟුල් මේසය ඉතාම ප්‍රණීත අන්දමේ රසකැවිලි වලින් පිරිලා.

මේ අතර මධුවිත තොලගාන අය පිරිමි තැන්තැන්වල එයින් සප්පායම් වෙනවා. පොල් රා, කිතුල් රා සහ හැලි අරක්කු ද හොර රහසේ බුක්ති විඳිනවා. සවස් ජාමේ ආගන්තුක නෑයින් සහ මනාලියගේ පැත්තේ නෑයින් දෙපැත්තෙන්ම එකඟතාවය අනුව මනාලිය කැන්දක් යාමේ උත්සව සභාව පවත්වනවා. වැඩිහිටි අයගේ දේශනවලින් විවාහයේ ඇතුළු පැත්තේ පැවැත්ම ගැන කතා පවත්වනවා. ඒවා හරබර දේශන වෙද මහත්වරු පාසල් ගුරුවරු වැනි සම්භාවනීය අමුත්තන්ගෙන් සභාව දැනුවත් කිරීමෙන් සිදුෙවි.

එදා මනාල යුවළ ගියේ ගමන් කරත්තවලින් මනාල ජෝඩුව ඇතුළුව ගමන් කරත්ත 7 ක් ගමනට එකතු වෙනවා. හරිම විනෝද ගමනක් දිග ගමනක් නම් කැවුම්, අතිරස, කොකිස්, ආස්මී ,කෙසෙල් කැනක් ගමන් කරත්තවල පටවා ගන්නේ අතරමගදී සප්පායම් වන්න. හරිම විනෝද ගමනක් මනාල ජෝඩුව යන ගමන් කරත්ත චාරිකාව අතරමගදී මනාලියගේ නෑයින් මිත්‍රයින් ගම තුළදී පිළිගෙන කෑම් බීම්වලින් සංග්‍රහ කරල ආශිර්වාද කරනවා.

මනාලයාගේ ගමට ඇතුළුවන විටම නෑ හිතවතුන් තොරන් ගහල පිළිගන්නෙ. මනාල යුවල තොරන් අභියස බුලත් හුරුලු පිරිනමා පිළිගෙන කවි ගායනා කර දෙදෙනාට ආශීර්වාද කරනු ඇත. වැඩිහිටි දෙපක්ෂයම නව යුවළට සෙත්පතා රන් තැඹිලි තෙල් හිසේ ගානු ලැබේ.

නව යුවළට තෑගි බෝග පිරිනමන අවස්ථාද එමට ඇත. ගමන් කරත්තවලට හැල් මෙනේරි කුරහන්, මුං ඇට, වැනි ධාන්‍ය වර්ග පටවනු ඇත්තේ සහෘදයින් විසිනි.

මනාලිය සිය නිවසට කැන්දාගෙන ඒමෙන් පසුව දෙදෙනාට එදින රැය පහන් වන තුරුම නිදහසේ රැය පහන් කිරීමට වැඩිහිටි අය වෙනත් ළඟ නෑ නිවසකට ගොස් එදින ලැගුම් ගන්නා ලදී.

දෙමාපියන් නැවත සිය නිවසට පැමිණෙන්නේ (ඉසදිය) දෙවැනි දිනයේය.අපේ සාම්ප්‍රදායික විවාහ දිවියට බද්ධ වූ විවිධ අන්දමේ චාරිත්‍ර රැසක්ම ඡ්‍යොතිෂ විද්‍යාව පාදක කොටගෙන නිර්මාණය වී තිබිණ. එදා සුබ නැකත්වලින් තොර විවාහයක් නොමැත. මගුල් බුලත් දීමේ සිට ඉසදිය (දෙවැනි ගමන) දක්වාම සුබ ප්‍රශස්ත වූ නැකත් අනුගමනය කරන ලදී.

අම්මා, තාත්තා වැඩිහිටියො සහභාගි වෙන්නේ පෝරුවෙ සෙරමනි එකට විතරයි. විචිත්‍රතම පොටෝ ඇල්බමයක් හදනවා දරුවෙක් හදන්න වසරක් පහක්ම ප්‍රමාද කරනවා. කොහොම හරි දරුවෙක් ස්වභාවිකව මෙලොව දකින්න කලින් ඡ්‍යොතිෂ වේදියෙක් මේ ක්‍රමයට කැමති වෙන්නේ නෑ. ලංකාවේ කිසිම කෙනෙක් ඒ කියන්නේ විශේෂයෙන් ගර්භිණී මාතාවන් දිනකට ජලය විශාල ප්‍රමාණයක් පානය කළ යුතුයි. දරුවාට (වෝට බෑගයේ) පිහිනීමට කිසිම ගර්භිණී මාතාවක් වතුර බොන්නෙම නෑ. දරුවාට එය ඉතාම අහිතකරයි. කෙසේ හෝ දරුවා ඉපදුනහම පැරණි කාලෙ නම් දින ගණන ගත වුණාම රතගායට රත කල්කෙ දෙනවා . දරුවාට ......දැමීමක් නොකොළොත් බීපු සමහර දියර පිටනොවන නිසා එය ශරීර සෞඛ්‍යයට අහිතකර බැව් වෛද්‍ය මතයකි. හණ මිටි කියලා මේවා අහක දමන්න කිසිසේත්ම බෑ.

ගර්භිණී කාලේ කළ යුතු වත් පිළිවෙත් මනා රාශියක්ම තිබේ. ඒ එකක් වත් අද කරන්නෙත් නෑ. පිළිගන්නෙත් නෑ. ලොව කිසිම කෙනෙකුට නැති නැකත් (දෝසතරත්) ශාස්ත්‍රයත් සිංහල වෙදකමත්,වාස්තු විද්‍යාවත්, යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ශාන්තිකර්ම ගුප්ත විද්‍යාවකුත් අප සතුව තියෙනවා. ඒ උතුම් දැ අපි ඉවත් කරන තැනට පත්වෙලා “තුත්තිරි” ගසත් අපේ සිංහල වෙදකමට ගන්නවා ඇසේ නගනයක් ඇති වූ විට තුත්තිරි ගහේ ඉස්ම ගානවා සුවවෙනවා.

අද වෙන කොට අපේ සද්ධර්ම කනපිට හැරිලා හැමෝම දුවන්නට වෙලා තියෙන්නෙ මොනරු පස්සෙ. අද කාලේ මංගල උත්සවයක පස්වැනි ශික්ෂාපදය කැඩීමට මොනරු දහස් ගණන් වැය කරනවා. ඒ මගුල් නැකතක් ඉතාම දුෂ්කරතා මැද සෑදීමට මොනරු එකහමාරක් කිව්වත් මූණ ඇඹුල් වෙනවා. අදනම් නැකත් සෑදෙන්නේ ඔය චාරිත්‍රයක් හැටියට කවුරුත් හදන නිසා විය හැකියි.

කවුරු කොහොම මොන විදියට කිව්වත් පැරණි කාලේ විවාහය මැරෙන තුරාම විවාහය ගෙන ගියා. අද වෙන කොට සමහර විට විවාහය මරණයක් වෙලා විවාහය ගැන කොපමණ කතා කළත් ඇති වැඩක් නෑ. අහන්නෙ නෑ ඇහෙනවා විතරයි. බලන්නේ නැ පේනවා විතරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.