අධිරක්ත චාපය නැතහොත් අධිරුධිර පීඩනය

පෙබරවාරි 5, 2021

ආයුර්වේදයේ හඳුන්වනු ලබන අධිරක්ත චාපය අධිරුධිර පීඩනය නැතහොත් කා අතරත් සරල භාෂාවෙන් ව්‍යවහාර වන පෙෂර් එක අද සමාජයේ නිතර කතා බහට ලක්වන ප්‍රධානතම රෝගී තත්ත්වයකි. එම රෝගී තත්ත්වය සමාජය තුළ දිනෙන් දින වැඩිවෙමින් පවතී. එබැවින් ඒ පිළිබඳව අධිරුධිර පීඩනය ගැන දැනුවත්ව සිටීම ඉතාම වැදගත්ය. නූතන වෛද්‍ය විද්‍යාවේ කරුණුවලට අනුව රක්තය සිරුර පුරා බෙදා හැරීමට හෘදය වස්තුවට යම් බලයක් අවශ්‍ය වේ.

 

ඒ අනුව හෘදය මඟින් ලේ පොම්ප කරනු ලබන්නේ යම් නිශ්චිත පීඩන පරාසයක් යටතේ ය. හෘදය සංකෝචනය වන විට පීඩනය ඉරඵබධතඪජ පීඩනය ලෙසත් හෘදය විස්තාරණය වීමේ දී ඇතිවන පීඩනය ච්ඪචඵබධතඪජ පීඩනය ලෙසත් සඳහන්ව ඇත. මෙය සාමාන්‍යයෙන් තිබිය යුත්තේ ඉරඵබධතඪජ පීඩනය එකසිය විස්සක් සහ ච්ඪචඵබධතඪජ අසූව ලෙසත් ය. මෙම රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයෙන් ඉහළයාම අධික රුධිර පීඩනය ලෙස හඳුන්වයි. මෙහි ප්‍රභේද පෙන්වා දී ඇත. ප්‍රාථමික අධිරුධිර පීඩනය. ද්විතීයික අධි රුධිර පීඩනය ඉතා වේගයෙන් උත්සන්නවන අධි රුධිර පීඩනය, ප්‍රාථමික අධිරුධිර පීඩනය පරම්පරාවෙන් පරම්පරාවට යා හැකි සමහර විට වයස අවුරුදු හතළිහට වැඩි අය අතර පවතින රුධිර පීඩනයයි.

තරබාරුකම, ව්‍යායාම නොකිරීම, දියවැඩියාව, අධික මත්පැන් පානය, අධික ලුණු සහිත ආහාර ගැනීම, දුම්බීම, පොටෑසියම්, කැල්සියම්, ලවණ අඩුවීම, මානසික ආතතිය හේතු වන අතර ද්විතියික අධිරුධිර පීඩනයට වකුගඩු රෝග, මහා ධමනියේ අවහිරතා අන්තරාසත්ත ග්‍රන්ථි රෝග ද වේ. කෙසේ වුවද අධිරුධිර පීඩනය වැඩිවීමෙන් හෘදය ඉදිමී රුධිර නාළ පද්ධතියේ හා ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම රෝගී තත්ත්වයට පත් වේ. බොහෝ විට සැලකිය යුතු අපහසුතාවයන් නොදැනේ. එහෙත් සමහර අයට ක්ලාන්තය, කැරකැවිල්ල, අධික මහන්සි ගතිය, පපුවේ වේදනාව, හිසරදය, නිදිමත ගතිය, කන්වල ඝෝෂාව ඇතිවේ. මේ නිසා එය ගණන් නොගෙන සිටිමින් ප්‍රතිකාර නොගැනීමෙන් තත්ත්වය බැරෑරුම් වේ. මේ නිසා එහි සංකූලතාවයන් වන අංශභාගය, සිහි නැතිවීම, වකුගඩු දුර්වලවීම ආදී රෝගී තත්ත්වයන් ඇති වේ. එය සොයා ගැනීමට හැකිවන්නේ වෙනත් රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවකදීය.

එබැවින් සෑම වැඩිහිටියෙකුම අවුරුද්දකට දෙකකට වරක්වත් අධිරුධිර පීඩනය ගැන පරීක්ෂා කරගත යුතුය. එසේ රුධිර පීඩනය පරීක්ෂා කරවා ගැනීමට යෑමට පෙර කෝපි, තේ වැනි දෙයක් හෝ දුම්වැටියක් හෝ නැතහොත් වැඩපළක යෙදී මහන්සි වී සිටීනම් අඩු වශයෙන් විනාඩි පහක් හෝ විවේකීව සිට පරීක්ෂණය කරවාගත යුතුය. මේ පරීක්ෂණය උදේ වරුවක කරවා ගැනීම වඩාත්ම සුදුසුය. අධි රුධිර පීඩනය ඇති අයෙකුට පවතින හානිකර තත්ත්වයන් අතර දුම්පානය, කොලෙස්ට්‍රෝල්, මධුමේහය වයස අවුරුදු හැටට වැඩිවීම තවද අධිරුධිර පීඩනය නිසා හෘදය ඉදිමීම, හෘදයාබාධ, වකුගඩු දුර්වලවීම, ඇස් පෙනීම දුර්වල වීම, නහරගත රෝග ද ඇති විය හැකිය. අධිරුධිර පීඩනයේ දී ජීවන රටාව වෙනස් කරගත යුතුය. ශරීරයේ තරබාරුකම අඩුකර ගැනීම, ව්‍යායාම කිරීම, මධ්‍යසාරවලින් වැළකීම, දුම්බීම නවතාලීම, අධික තෙල් ආහාර පාලනය කර ගැනීම, ලුණු අඩු කෑමට හුරු වීම නිතැතින්ම කළ යුතුය.

තෙල් කෑම, බටර්, බිත්තර කහමදය, සත්ව තෙල් වැඩි මස් ආහාරයට නොගැනිම වැඩිපුර පළාවර්ග ආහාරයට ගැනීම, කිරි අඟුණ කොළ, අඟුණ කොළ, තෙබු දළු, කෝවක්කා කොළ, ආහාරයට ගැනීම වඩාත්ම සුදුසු ය. බාර්ලි, මුං ඇට, රතු කැකුළු ආදී තෙල් අඩු ධාන්‍ය වර්ග, ගස් ලබු, උගුරැස්ස වැනි කහටද යෝග්‍යය. කාමරංගා ගෙඩි යුෂට සීනි ස්වල්පයක් දමා බීම, බෙලි කොළ කෂාය, බැබිල මුල්, උළුහාල්, සුදුලූනු තම්බා බීම. කරපිංචා කොළ කැඳ බීම, යකිනාරං කොළ කැඳ උදෑසන බීම, හීං බෝවිටියා කොළ කැඳ බීමත් ගුණදායකය. කෙසේ වෙතත් අධිරුධිර පීඩනය වැලඳී ඇතැයි සැක පහළ කරන්නේ නම් අධි රුධිර පීඩනය සඳහා කෙරෙන පරීක්ෂණයකට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යා යුතුම ය.

ඌරු මස්, හරක් මස්, හැම් බේකන්, ඉස්සන්, පොකිරිස්සන්, බටර්, චීස්, බිත්තර, චොක්ලට් කේක්, බිස්කට්, අයිස්ක්‍රීම්, තෙල් බැදුම් ආහාර, පේස්ට්‍රි, රෝල්ස්, සුදු සහල් සම්බා බත් අඟුණය. රතු සහල් බත්, නිවුඩ්ඩ සහිත ධාන්‍ය වර්ග පාන් වෙනුවට පරළු පාන්, කුරක්කන් පිටි මිශ්‍ර ආප්ප, ඉඳි ආප්ප මෙන් රොටී ද බඩ ඉරිඟු, කෙසෙල් මැල්ලුම් වර්ග හා කෙඳි සහිත ආහාර වර්ග ද ඉතා ගුණදායකය.

 

බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර වෙද මැඳුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත්.එම්.පී. රාජපුර

 

සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.