ඌව වෙල්ලස්ස මහ දිසාපති කැප්පෙටිපොළ නිලමේ

සැප්තැම්බර් 17, 2021

ක්‍රි.ව. 1866 නොවැම්බර් 3 වෙනි සඳුදා පූ.භා 08.09 ට ශක රාජවර්ෂ 1688 ක් වූ ඉල්මස පුර දියවක තිථිය ලත් සඳු දින උදයාදී හය පැයට සා නැකතේ දෙවෙනි පාදයෙන් රාහු මහ දශාව උපන් ඉදිරියට වර්ෂ 6 මාස 9 ක් විය.

රාහු තුන්වැන්න බලවත්ය. තෙජො පරාක්‍රමයෙන් යුක්තයි. වීර්යය ඇත්තෙකි. කැප්පෙටිපොළ නිලමේ සමඟ නෑදෑයෝ විරුද්ධ වෙති. මව්පිය පාර්ශවවල දේපළ අහිමිවේ. බොහෝවිට දේපළ නැති කර ගනී. ජීවිතයේ පසු කාරයි.

ශනි අටවැන්න ඉතාම නරක තැනකි. දුෂ්ඨ ගති ඇතිවේ. මව්පිය දේපළ විනාශ කරයි. රාජකාරී හරියට කරයි. එහෙත් බාධා පැමිණේ. බිරිඳ රෝගිවේ. විවාහයෙන් පසුව ධනය නැතිවේ. සාහසිකයි. හදිසි මරණයකි.

කේතු නවවැන්න යහපත් වේ. දියුණුව පෙන්වන්නේ ධනය ලැබේ. මෙම පිහිටීම මව්පිය ධනය විනාශ කරයි. මව්පියන් හට පීඩාකරයි. අවසානයෙ හිස ගසා මරා දැමීම තීර්ණ විය.

ගුරු දහ වැන්න ඉතා හොඳයි. ස්ථිර වෘත්තියක නියැලේ හෝ රැකියාවක් කරයි. ස්ථිර රැකියාවක් ඇත. රාජකාරිය කරයි. ඉදිරියෙහි භයානක සිදුවේ. ගුරු දහයට බලවත් වේ. කාර්ය ශූරයි. ලස්සන රුවකට හිමිකම කියයි.

රවි 11 වැන්න ගතවිය එය යහපත් වේ. ධනය ලැබීමට යහපත් වේ. පෙර පින් ඇත. ලස්සන අය වේ. බුධ 11 වැන්න යෙදීම ඉගෙනීමට දක්ෂ වේ. හොඳ උගත්කමක් ඇත. බුද්ධිය ඇත. දියුණුවේ හිස ගසා දැමීමට තීරණය විය. සඳු එකොළහ යහපත් වේ. ධනය ලැබේ. හිත හොඳ කෙනකි. කාටත් උදව් කරයි. හිතේ නපුරුකම ඇතිවේ. ධනය යහපත් වේ. හොඳ පියකරු ශරීරයක් වේ. ශුක්‍ර 11 වීම මෙම ග්‍රහ පිහිටීම ඉතා වැදගත් වේ. වකුටු හිසකේ ඇත. අන්ත දිගවේ. උදරය ඉදිරිය නෙරා ඇත. පස්ස මහතය. උසට සරිලන මහත වේ. යහපත් සේ වැඩුණු අතපය වේ. දකුම්කළු ශරීරයකි. එඩිතරයි. අවංකයි. ඕනෑම වැඩකට දක්ෂතා ඇත. තරමක් රාගාධිකයි. එයින් නින්දා නැත. රහසිගත කාම ජීවිතයක රහසක් නැත. ලෝභත් නැත. අවංකයි. හිත හොඳ මිනිසෙකි. රාජ්‍ය විරෝධියකු ලෙස ඉංගී‍්‍රසි නම් කළේ අපේ සිංහලයන් එකතු විය. දේපළ හම්බ කරන්න ආශාවක් නැත. ස්ථිර එඩිතර හිත මෙතුමාගේ හිස ගසා දැම්මේ 1818 නොවැම්බර් 26 වෙනි බ්‍රහස්පතින්දා එවිට වයස අවුරුදු 52 කි.

හයසිය එක් දහස් එක දහස අට සක විසින

හිස දිය වකට පුර ඉල්මස තරිඳු දින

සය පය නුහුසු රැස යා ලැබ අග සෙ දින

මෙය විය මොණරවිල කැප්පෙටිපොළ උ පන

 

ගොඩගම ජයසේන ජයසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.