ඇති දේ නැති කරන නැති දේ ඇති කරන පොරොන්දම

ජූලි 26, 2019

මෙහෙම ආරම්භයක් ගත්තට කලබල වන්ට හොඳ නැහැ. පොරොන්දම කිව්වේ ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේ විවාහය ගැන පරික්ෂාවක් බව දන්නවනේ. සමහර විවාහක අය ජීවත්වනවා හැමදාම එකවගේ. තවත් පිරිසක් දරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ලැබුවට පසු වෙන් වනවා. බොහෝ අය සිටිනව විවාහක දිනයේ විවාහ පින්තුර සිහිවටන පොත නිම (ඒතඡභථ) වනකම් වත් ඉන්නෙ නැතුව ඊටත් කලින් වෙන්වෙනවා. ඒක ඔප්පු කිරීම වස් ඔබගේ ඒ පින්තූර සිහිවටන පොත සකස් කරන ශිල්පියන්ගෙන් බොහෝ දෙනා අත්තිකාරම් මුදලක් නොගෙන සම්පූර්ණ මුදලම ගන්නෙ ඒ අය දන්නවා සමහර අය එතරම්වත් කාලයක් එක්ව නොඉඳින බව .

මේවා පුරාණ කාලයේ උනේ නැහැ. ඉතාම කලියුග කාලේ මෑතක සිට ශීඝ්‍රයෙන් වැඩි වුණා. මෙවැනි දේ බටහිර රටවලට ඇති විශේෂයක් නැහැ. ඒත් අපිට, එහෙම විවාහ කැඩෙන්නෙ ඇයි.? අපේ සිංහලයා මෙතරම්ම බටහිරට ගියේ ඇයි. ඒ සිරිත්විරිත් මෙතරම්ම වැළඳගත්තෙ ඇයි. උත්තර දෙන කෙනත් මේ ගැටලුවට මැදිවෙලා. මං හිතන්නෙ අපේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර වලින් ඈත්වන්න වන්න අපිට මේ විනය පලදෙනවා. ගොඩක් දුරට හිතන්න කාලයක් නැහැ. තිබුණත් හිතන්නෙත් නැහැ.

කීපයක්ම මුහුණු පොතින්ම හැදිලා මුහුණු පොතින්ම කැඩෙනවා. සමහර ජෝඩු මව්පියන්ට ඕනැ විදියට ජීවත්වන්න ගිහින් වෙන්වෙනවා. මේවා ලියන්නෙ වගකීමෙන්. වැඩිපුරම දීග කැඩෙන්නෙ නිදහස අනිසි විදියට ගත කරන්න ගිහිල්ලා. තවත් කීපයක් කාමුක යෝග වන සරාගි යෝග හා නටාංශක දෝෂ නිසා දීගය කැඩෙනවා. කාමුක නටාංශක යෝගවලින් වැඩිපුරම දීග නොමග යන්නෙ පවුලේ ප්‍රශ්න තිබියදී සමාජය හදන්න ගිහින්. සමහර මහිලා සමිති තිබෙනවා නිවෙස් ගානේ ගිහිල්ලා ඒ ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා විසඳීමට. පවුල් සංවිධානය කරන්න කතා කරනවා. පවුල් සමගි කරන්න උපදෙස් දෙනවා.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.