අහිමි දරුඵල දැක්වෙන ග්‍රහ තත්ත්ව හා ශාන්ති කර්ම

මාර්තු 8, 2019

අනවරාග්‍ර වූ සසර ගමනේ යෙදෙන ජන්මියාගේ ජීවිතය කෙරෙහි විවාහය බෙහෙවින් බලපාන බව ප්‍රකට කරුණකි. හත්වැනි කොටුවෙන් ජන්ම පත්‍රය තුළින් විවාහය ගැන කියවේ. මේ ලෝකය පවතින්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය නිසාමය. මේ දෙදෙනාම නැත්නම් ලෝකය නැත. විවාහයෙන් මේ දෙදෙනා බලාපොරොත්තු වන උසස්ම දෙය නම් දරුවන් ලැබීම ය. සමහර අයට මේ සම්පත නොලැබී යන්නේ කර්ම චක්‍රය හා සම්බන්ධ ග්‍රහ චක්‍රය එයට අදාළව පින් පල දෙන ග්‍රහ බලය නොයෙදීම නිසා ය.

ජන්ම පත්‍රයක දරුවන් පිළිබඳව 5, 4, 6, 11, 10, 12 යන ස්ථාන බලපාන බව ඡ්‍යොතිෂය පෙන්වා දෙයි. මෙයිනුත් 5 හා 5 අධිපති ග්‍රහයා දරුඵල ග්‍රහ තත්ත්ව අතර ප්‍රධාන වෙයි. ස්ත්‍රීන්ට වැඩියෙන් ම බලපාන්නේ සඳු ග්‍රහයා ය. සෞඛ්‍යයට ද දරු උපත්වලට ද සඳු බලපාන බව කිව යුතු ය ලග්නාධිපති හා පස්වැන්නාධිපති දෙදෙනා, එකම තැනක සිටීම පුත්‍ර ප්‍රතිසන්ධි යෝගයකි. එසේම ඒ දෙදෙන ඔවුනොවුන් දැකීමද එකිනෙකාගේ ක්ෂේත්‍ර රාශි මාරු කොටගෙන සිටීමද පුත්‍රයින් පිළිසිඳ ගන්නා යෝග වෙයි. පහ අධිපති ග්‍රහයා බලවත් වීම පුතෙක් පිළිසිඳ ගැනීමට හේතු වේ. සඳු සිකුරු දෙදෙන 5, 10 ස්ථානයක යෝගව සිටීම ගැහැනු දරු උපතකට හේතු වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ශාස්ත්‍රශූරි කිවිපති අමුවල අමරසේන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.