ජන්ම නැකත් 27 පිළිබඳ තොරතුරු

මාර්තු 8, 2019

නැකත් පිළිබඳව අපි විස්තරාත්මකව බලන විට හැඩතලය, වර්ණය, හැසිරීම හා ප්‍රතිඵල පිළිබඳව විවිධාකාරයි. නැකත් පාද 108 රාශි 12 බෙදී යන්නේ කෙසේද? යන්න ගැන තොරතුරු සොයා බලමු.

අස්විද

හැඩය අශ්ව මුහුණකි තරු 3 කින් යුක්තය. කාල වර්ණ පුංලිගු 4 වන පාදය ශීඝ්‍ර ගති ලක්ෂණ ඇත. මේ නැකතින් උපන්නේ චන්ද්‍රයා මේෂ රාශියේ වේ. 1 පාදය කුජ 2 පාදක ශුක්‍ර 3 පාදය බුධ 4 වැනි පාදය චන්ද්‍ර මේ නැකතේ මුල විනාඩි 24 අසුබ යැයි සැලකේ.

බෙරණ නැකත

ස්ත්‍රී ලිංග ක්‍රෑර ගති ඇති අධෝ මුඛ පඨවි භූත නැකතකි. නැකත ලබා පැය 24 කින් පසු ඉතාම ක්‍රෑර වේ. මෙය සුබවැඩට සුබ නොවේ. මෙම නැකතින් උපන්විට සඳු මේෂ රැසේ සිටී. 1 පාදය කිවිය 2 පාදය බුධය 3 වන පාදය කිවි වන අතර 4 පාදය කුජය මෙහි උපන්නෝ කිවි මහදශාවට අයත් වේ.

කැති නැකත

දැළි පිහියක හැඩැති තරු 6 කින් සෑදී ඇත්තේය. රක්තවර්ණ පුංළිගු අධෝමුඛය. සාධාරණ නැකතක් ලෙස සැලකේ. එහෙත් මුල 33 පැයෙන් පසු අශූභයි. නපුරුය විෂමයි. මේ නැකතින් උපන් අයට රවිගේ මහ දශාව වන අතර 01 පාදයේ නම් චන්ද්‍රයා මේෂ රැසේය. ඉතිරිපාද නම් වෘෂභ රැසේය. 1 පාදය සහ 4 පාද දෙක ගුරුට හිමි වන අතර 2 ,3 පාදයන් ශනිට අයත් වේ.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ටී.හෙන්රි

0771892842

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.