ලග්න පලාඵල මත විග්‍රහය

මාර්තු 15, 2019

ජන්මියෙකුගේ කේන්දරයක් නැත්නම් ජන්මපත්‍රයක් කිව්වේ ඒ ජන්මියා උපදින අවස්ථාවේ නැගෙනහිර ස්තිජයෙන් මතු වූ රාශිය ලග්නය ලෙසත්, විශ්වය පුරා විහිදී ඇති ග්‍රහලෝකවලින් විහිදෙන ග්‍රහ කිරණ ජන්මියාට බලපාන ආකාරය කියල සරල භාෂාවෙන් කිව්වොත් නිවැරදියි.

ඡ්‍යොතිෂය ප්‍රායෝගිකව කරන අයට කොපමණ වැදගත් ලොකු ලොකු උපාධි තිබුණට වැඩක් නැහැ. ඔය කිසි උපාධියක් නැති ගමේ ගොඩේ ජොතිෂ ගුරුන්නාන්සේට තිබෙන දැනීම නැත්නම්. සමහර අය විවාහය ගැන ප්‍රශ්න කළ විගස 22 වැනි දෙර්කාණාධිපතියා ගැන විස්තර කරනවා විවාහය ගැන විස්තර කරන හත්වැනි රාශිය හා දරුවන් ගැන විස්තර කරන 5 වැනි රාශිය නොබලාම. ඒක හරියට උගත් ශෛල්‍ය වෛද්‍යවරයෙකුගෙන් හෙම්බිරිස්සාවට ප්‍රතිකාර කරගන්නව වගේ වැඩක්. අපේ මිනිසුන්ටත් සුළුවෙන් හැදෙන හෙම්බිරිස්සාව කිව්වොත් ගණන් ගන්නෙ නැහැ. ඔය මැරිච්ච සුද්දෙකුගේ නමක් වගේ වචනයක් කිව්වාම තමයි හරියන්නෙ.

මේ ළඟදී එක්තරා නෝනා කෙනෙක් තව නෝනා කෙනෙකුට කියනවා ඇයට බයිපාස් එකකට රුපියල් ලක්ෂයක් වියදම් වුණාලු. අනික් නෝනා කියනවා ඇගේ බයිපාස් එකට ලක්ෂ දෙකක් වියදම්වුනාලු. හරි සතුටින් කිව්වේ මේ දෙන්නටම වැටහුනේ නැද්ද මන්දා දෙන්නම රෝගින් බව. “ආරෝග්‍යා පරමා ලාභා” අමතක උනාද මන්දා. අද සමාජ තත්ත්වය ඒකයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ගුප්ත විද්‍යාධර භාරත භාෂ්කර ශිරෝමනි සම්මාන

ඡ්‍යොතිෂ විද්‍යා සහතික ලාභි මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

මොරටුව

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.