ග්‍රහ මණ්ඩල තුළින් හෙළිවන අනාවැකි

මාර්තු 22, 2019

අත්ල බලා පලාපල ප්‍රකාශ කිරීමේදී අත්ලේ ඇති රේඛාවල පිහිටීම මෙන්ම ග්‍රහ මණ්ඩලවල ප්‍රබලතාවය හා දුබලතාවය පිළිබඳවද පරික්ෂා කිරීම වැදගත් වෙයි. එහිදී එම ග්‍රහ මණ්ඩලවල තත්ත්වය මෙන්ම එම ස්ථානවල දැකිය හැකි ශුභ අශුභ ලකුණු පිළිබඳවද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ග්‍රහ මණ්ඩල යනු රවි, චන්ද්‍ර,ගුරු, බුධ, සිකුරු ආදි ග්‍රහයන්ගේ බලපෑම් ලබන අත්ලේ සුවිශේෂි ස්ථානයන් වේ.

මේ අයුරින් සිකුරු මණ්ඩලය මහපටඟිල්ලේ මුල ප්‍රදේශයත් ගුරුමණ්ඩලය දබරඟිල්ලේ මුලත්, ශනි මණ්ඩලය මැද ඇඟිල්ලේ මුලත්, රවි මණ්ඩලය වෙදඟිල්ලේ මුලත්, බුධ මණ්ඩලය සුලඟිල්ලේ මුලත් පිහිටා ඇති අතර අත්ලක කුජ මණ්ඩල දෙකක් වෙයි. ඒවා ගුරු මණ්ඩලයට සහ සිකුරු මණ්ඩලයට මැදිවත්, බුධ මණ්ඩලයට සහ චන්ද්‍ර මණ්ඩලයට මැදිවත් දැකිය හැකිය. අත්ලේ මැද කොටස කුජ තලාව වන අතර එම ස්ථාන තුනම කුජ ග්‍රහයාට අයත් වෙයි. දැන් අපි බලමු. එම මණ්ඩලවල පිහිටීම අනුව අත්ල හිමියාට ලැබෙන ශුභ අශුභ ඵල කෙසේද කියා.

හිඹුටානේ පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.