සුබ මුහුර්තයක බලය

අප්‍රේල් 5, 2019

ශ්‍රී ලාංකීය සමාජය තුළ ජීවත්වන අය තමන්ගේ ජීවිතයේ වැදගත් ශූභ කටයුතු ආරම්භ කිරීම සඳහා එයට සුදුසු යහපත් වේලාවක් හෙවත් සුබ මුහුර්තයක් ඡ්‍යොතිෂවේදියෙකු ලවා සකසාගෙන එම කටයුත්ත ආරම්භ කිරීම සිදුකරණු ලබයි. සුබ වේලාවකට නැකතක් යනුවෙන් හැඳින්වීමට වඩා සුබ මුහුර්තයක් යනුවෙන් හැඳින්වීම වඩා සුදුසුය. ඡ්‍යොතිෂයට අනුව නොයෙකුත් අවස්ථාවලට උචිත සුබ මුහුර්ත වෙන වෙනම සකසා ගත යුතු වේ.

එක් කටයුත්තකට යොදාගත් සුබ මුහුර්තය වෙනත් කටයුත්තකට යොදාගත නොහැකිය. එමෙන්ම සුබ මුහුර්තයට අදාළ වේලාවට යෙදී ඇති නැකත ශුභ කටයුත්ත ආරම්භ කරන පුද්ගලයාට ගැලපෙන නැකතක් විය යුතුය. සුබ මුහුර්ත සෑදීමේදී ශුද්ධ තත්වයෙන් තබාගත යුතු මූලික අංග සහ සැළකිලිමත් විය යුතු කරුණු ගණනාවක්ම ඡ්‍යොතිෂයේ සඳහන් කර ඇත. එම කරුණු පාඨකයන්ගේ දැනගැනීම පිණිස මෙසේ සඳහන් කරමි.

මුලින්ම අපි සුබ මුහුර්තයක් යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි විමසා බලමු. සුබ මුහුර්තයක් ලෙස අප සකස් කර ගන්නේ යම්කිසි වැදගත් ශුභ කටයුත්තක් ආරම්භ කරන අවස්ථාවේදි ඒ සඳහා විශ්වයේ ඇති අයහපත් ග්‍රහ කිරණ පවතින වේලාවන් මගහැර යහපත් ග්‍රහ කිරණ පවතින වේලාවකි. එම වේලාව ශුභ කටයුත්ත ආරම්භ කරන පුද්ගලයාට ගැලපෙන වේලාවක් විය යුතුය. එක් පුද්ගලයෙකුට ගැළපෙන වේලාව තවත් පුද්ගලයෙකුට නොගැළපෙන අතර එය ඔහුට හෝ ඇයට ඉතාම අශුභ විය හැකිය.

ඡ්‍යොතිෂවේදී ඉඳුනිල් හපුඅච්චිගේ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.