ක්‍රි.ව. 2019 සංවත්සර පත්‍රය

අප්‍රේල් 12, 2019

ශ.ව. 1941

ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් පීතර යුග පංචාබ්දයෙහි තෙවන ඉඩාවත්සර භේදනාමධාරී චන්ද්‍ර දේවාධිපති ‘විකාරි’ නම් සංවත්සරය වනාහි මේෂ රවි 01 භාග බක් මස පුර නවවක වරා දසවක නම් තිථිය ලත් රවි දින මධ්‍යම උදයාදී පැය 19 විනාඩි 57 තත්පර 30 ට නොහොත් ශුද්ධ සූර්යෝදයාදී පැය 20 මිනි. 15 තත්පර 00 ට හෙවත් ක්‍රි.ව. 2019 ක් වූ අප්‍රේල් මස 14 වෙනි රවි දින ලංකා සම්මත ඔරලෝසු වේලාවෙන් අපර භාග 02 මිනිත්තු 09 ට අංශක 27 කලා 07 ක් ගත සඳු හිමි කටක ලග්නය ද, රවි හිමි සිංහ රාශියාර්ධය ද , ගුරු හිමි මීන දෙර්කාණාංශකයද, සඳු හිමි කටක සප්තාංශකයද, ගුරු හිමි මීන නවාංශකයද, කිවි හිමි වෘෂභ ද්වාදසාංශකය ද, කුජ හිමි වෘශ්චික ත්‍රිංශාංශකය ද යන මෙකී සප්ත වර්ගය ද, රවි හිමි තත්කාල හෝරාවේ, ගුරු හිමි පංචම කාල හෝරාව ද, බුධ හිමි අස්ලිස නක්ෂත්‍රයෙහි අංශක 04 කලා 40 ගත දෙවන පාදයද, ශූල යෝගයද, තෛතිල කරණය ද, ‘වජුක’ නම් මහා යෝගයද, සම්භව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ආරම්භ වන්නේ ය.

මෙකී සංවත්සර චුති ප්‍රතිසන්ධික්ෂණයෙහි පවත්නා ලග්නානුසාරයෙන් වර්ෂයාගේ ශුභා ශුභ විපාක ලක්ෂණ දක්වනු ලබන දේවතා රූපාකාරයක් සංඥා කොට ඇති කාල පුරුෂ තෙම මහමෙර යාම්‍ය දිග් භාගයෙහි වූ රුවන්ගිර පර්වතයෙහි බ්‍රහ්ම දිව්‍ය පුත්‍රයෙක්ව ඉපිද රාක්ෂ ‘රාක්ෂසී’ යන නාමයෙන් ප්‍රසිද්ධ ද්වාදශමාස නැමැති ද්වාදශාංගයකින් සමන්විතව දොළොස්රියන් උස මැවී රන්සුනු යාලක් ඇඟ උලා ඇලි ගඟින් ස්නානය කොට ගෝරෝවන ගොසික සඳුනෙන් ශරීරය ආලේපකර ඝන රන් දුහුලක් ඇඳ බදු වදමල් සහිත පළොල් මල් මාලාවක් පැළඳ දිවයහන පිට සිට වේදය කියා සතර දිගට ගිනිදැල් පතුරුවා හෝම දෙමින් පුෂ්පාහරණයක් සහිත නවරියන් පුන නූලක් කරලා සත්රියන් මල් ඔටුන්නක් හිසදරා යොදුනක් උස ඝණ රන් රථයක් මවා එහි දිව යහනෙක දිවමල් යාලක් අතුරුවා පුප සහිත රන් කිරි පික්ෂු ඇසින් බලා රථයක ගද්‍රභ වාහනයක් යොදා ජත්‍රයක් නංවා ප්‍රදීපයක් අතින් ගෙන දස දිගට පංචතූර්ය නාද පතුරුවා ඌර්ධමුඛව දක්ෂිණ වෘතයෙන් ඉහත කී සංවත්සරාරම්භ මොහොතින් මෙලොවට පහළ වන බව ශාස්ත්‍රයෙහි නියමය වෙයි.

ඡ්‍යොතිර්වේදී- මාකෙහෙල්වල කරුණාපාල

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.