විසි දෙවැනි දෙර්කාණාධිපති ඔබට සුබද?

අප්‍රේල් 19, 2019

වර්තමානයේ ඇසූ පමණින් ම යම් චකිතයකට පත්වන මෙම විසි දෙවැනි දෙර්කාණාධිපති පිළිබඳ සැළකීමේ දී මෙම ග්‍රහයා සර්ව අශුභ ඵල දෙන්නේ යයි ද ලෙඩ රෝග, අනතුරු, මාරක ආදිය ඇති කරවන්නේ යයි ද මෙම ග්‍රහයාගේ මහ දශා අතුරු දශා ආදිය විනාශකාරී යයිද බොහෝ දෙනෙකු තුළ බියක් පවතියි.

කෙසේ වෙතත් මෙම විසිදෙවැනි දෙර්කාණාධිපති සොයා ගැනීමට පළමුවැනිවම අදාළ කේන්ද්‍රයේ ලග්න ස්ඵුටය සොයාගත යුතු ය. (එනම් අදාළ ජන්මියා උපන් අවස්ථාවේ අදාළ ලග්නයේ නැගෙනහින් උදා වී තිබූ අංශක ගණනයි) ඒ අනුව මෙම විසි දෙවැනි දෙර්කාණාධිපති මෙසේ වෙයි. ලග්න ස්ඵුටය පළමු අංශක දහය ඇතුළත නම් මෙම ග්‍රහයා වනුයේ ජන්ම ලග්නයෙන් අටවැන්නාධිපති වන ග්‍රහයා ය. ලග්න ස්ඵුටය දෙවන අංශක දහය (දහයේ සිට විස්ස දක්වා) තුළ වී නම් විසි දෙවැනි දෙර්කාණාධිපති වනුයේ ජන්ම ලග්නයෙන් දොළොස්වැන්න අධිපති ග්‍රහයා ය. ලග්න ස්ඵුටය තුන්වැනි අංශක දහය තුළ (විස්සේ සිට තිහ දක්වා) වන්නේ නම් මෙම ග්‍රහයා ජන්ම ලග්නයේ සිට සතරවැන්න අධිපති ග්‍රහයා වේ.

මෙලෙස විසි දෙවැනි දෙර්කාණාධිපති සෙවීමට හැකි වේ. නමුත් ලග්න ස්ඵුටය සොයා ගැනීමට අපහසු නම් තවත් ක්‍රමයක් මෙසේ ය. අදාළ ජන්මියා උපන් ලග්නයේ නවාංශක ගණින පිළිවෙළ අනුව ගත් විට ජන්මියාගේ නවාංශකය වනුයේ පළමු නවාංශක තුනෙන් එකක් නම් විසි දෙවැනි දෙර්කාණාධිපති ලග්නයෙන් අටවැන්න අධිපති ග්‍රහයා වේ. පිළිවෙළින් සතරවැනි, පස්වැනි හෝ හයවන නවාංශක වලින් එකක් නම් ජන්ම ලග්නයේ සිට දොළොස්වැන්න අධිපති ග්‍රහයා වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

රුවන් එච් අත්තනායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.