බුදුන්ටත් අපල ගෙනදුන් බ්‍රහස්පති

මැයි 17, 2019

 

අවුරුද්ද ඉවරයි. නමුත් සමහර අය තවමත් අවුරුදු සමරනවා. සමහරු දුක්වෙනවා. ඒ යම්කිසි කරුණක් නිසා. පසුගිය 17 වැනිදා බදාදා උදේ 7.40 උදාවූ සඳුගේ, හෝරාවේ බ්‍රහස්පතිගේ පංචම කාලහෝරාවෙන් හිස තෙල් ගෑවා මතකනේ. නිරෝගිකම පළමුව ලැබෙන්න ඕනෑනේ.

ඒකනේ ආරෝග්‍යා පරමා ලාභා කිව්වේ. කොහොඹ කොළවලින් හිසතෙල් ගෑවේ කොහොඹ කොළ බුද්ධියට අධිපති බුධට අයත් නිසා. පොළොවට අධිපති අඟහරුවට ගරු කරන්න තමයි කොළොං කොළ පයට පෑගෙව්වේ. නැගෙනහිර දිශාව බලා මේ නැකැත් කළේ එදින මරුට පිටුපාන්න ඕන නිසා. බදාදාට මරු ඉන්නෙ නිරිතෙ දිශාවේ බව දන්නවනේ.

වෙසක් මාසේ පුර පසළොස්වක් දිනයක සියලු ලෝ වැසියන් දුකින් එතෙර කිරීමට අපේ බුදුහාමුදුරුවො විසා නැකතින් සිදුහත් නමින් ඉපිද එවැනිම දවසක ගෞතම නමින් බුදුවී පිරිනිවන් පෑ බවත් දන්නවනේ. උන්වහන්සේගේ උත්පත්ති දශාව එහෙනම් පිහිටියේ සුරගුරුට නැත්නම් බ්‍රහස්පතිට. උපතෙදි උදව්කළ නැතිනම් මිත්‍රව සිටි මේ ගුරු බ්‍රහස්පති බුදුවීමට උත්සාහ දරන කාලයේදී උන්වහන්සේට හතුරු වුණා. ඒක නිසා තමයි මූලික ගුරුවරු වූ පස්වග මහණුන් ඇප උපස්ථාන නොකර හැරදාළා ගියේ. බ්‍රහස්පති හතුරු වුනාම මටයි ඔබටයි කියල වෙනසක් නැහැ. බ්‍රහස්පති ග්‍රහයා හතුරු වුණාම සිදු වූ ගොඩක් දේවල් අපේ පැරණි ඡ්‍යොතිෂ පොත්වල සඳහන් වනවා. තව එකක් කියන්න ඕනෑ. බ්‍රහස්පති හතුරු වූ විට ටිකකින් නවතින්නෙ නැහැ. ටිකක් රිදෙන්න පාඩුවක් කරනවා.

බ්‍රහස්පති, සෙනසුරු වගේ රෝගය කලින් පෙන්වනවා අඩුයි. එයා හරියට පාඩුකරනව .නරක් වුණොත් අධ්‍යාපනය කරන දරුවන්ට. විභාගය සමත් වුනා කියලා දරුව විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා. දරුවත් දක්ෂයි. ප්‍රතිඵල බලනකොට අසමත්, නවනාථය යන්ත්‍රය කිව්වත් ස්කෝන් නවනාථය තිබෙන්නෙත් මේ දුර්වලතාවයටමයි. ස්කොන් නවනාථය සොයාගැනීමත් ටිකක් දුර්ලභයි.බ්‍රහස්පති නරක් වුණාම නරක ප්‍රතිඵල දෙන්නෙ හරියට විදුලි බල්බයක් දීප්තිමත් ආලෝකය දීලා එක පාරටම නිවාදමනව වගේ.

අපි පුංචි කාලේ ඉගෙන ගත්තේ එහෙමයි. ඒ කිව්වේ දීප්තිමත්ව පැවැති ජීවිතයක් එක පාරටම කළුවර දෙනව වගේ. බ්‍රහස්පති රවි සමඟ පැටලුනොත් ඔලුවේ සියුම් ස්නායුවකට යනවා. මොකද රවි අවුරුද්දේ මාස 4 යි යහපත්. ඉතිරි 8 ම නරකයි. බ්‍රහස්පති කළ තවත් නරක දෙයක් කියන්නම්. පුංචිම උදාහරණයක් තමයි අහිංසක කුමාරයාට දන්නා ශිල්පය අකුරටම ඉගැන්නුවා. බ්‍රහස්පති හතුරුවුණා විතරයි. කේලමක් පෙරටුකරගෙන ගුරු පඬුරු ඉල්ලා අංගුලිමාල කළා. අපේ බුදුසාදු නොහිටියානම් මව්තොමෝත් ඉවර කරනවා. එතකොට වැටහෙනව නේද බ්‍රහස්පති හතුරු වුණාම මව්පියෝ කියලවත් සමාවක් නැහැ. ශිල්පදානය නරක් උනාම උගත් පිස්සෙක් රටට බෝවෙනවා. රටම වනසනවා.

ඔබ දන්නා කේන්දරවල ප්‍රතිඵල සමඟ සසදා බලන්න. වැඩිපුරම මේ සටහන් ලියන්නේ ඔබ පා තබන්නේ වසරේ යහපත්ම මාස දෙක නිසා. වෙසක් හා පොසොන් ගමේ ගොඩේ අය කිව්වේ බුදුරැස් විහිදෙන මාස කියලනේ. ඒකේ නැත්තකුත් නැහැ. නරක ගුරුකම් බොහෝමයක්ම අහක යනවා. එච්චර සපල නැහැ. හැබැයි යහපත් ගුරුකම් නම් හරියට හරි. වැඩිපුර මතුරන්න අවශ්‍ය වන්නෙත් නැහැ. හැබැයි. රවි වෙසක් වලට සුබ වුනාට පොසොන්වල හතුරුයි. මැයි 15 සිට ජුනි 14 දක්වා නම් සිංහ ලග්න අයට නරකයි. හැබැයි දශාව මහ දශාව ,8 අතුරුදශාව කියන ඒවත් නරක් වුණොත් විතරයි. වෙසක් පුර පසළොස්වක යෙදෙන්න මැයි 18 වන සෙනසුරාදා යන අතර පොසොන් පුර පසළොස්වක යෙදෙන්නෙ ජුනි 16 වැනි ඉරිදා මේ අපේ ලිත් ක්‍රමේ. මේ මාස දෙක තුළ ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරනව නම්, අළුතින් නිවසකට යනව නම් ඔබට ජයයි.

ඔබ ව්‍යාපාරයක් අරඹනව නම් දවසේ උපයන ආදායමෙන් කීයක් හරි, ඔබ සම්බන්ධ නැති කෙනෙකුට පරිත්‍යාග කිරීමට හිතාගෙන එකතු කරන්න. ඒ බව විශ්ව ශක්තියට හඟවන්න. වසරකට පසු ඒ පරිත්‍යාගය කරන්න. අලුත් නිවසකට යනව නම් නිවසේ තැන්පත්කරන ආරක්ෂක මුට්ටි වලට අලුත් සිංහල කැකුළු හාල් ටිකක් ඊතන සමඟ තැන්පත් කරන්න. අර මුට්ටිවල තිබෙන දේට අමතරව සර්පයෝ ගැවසෙන ප්‍රදේශයක නම් කතා නොකර එලවරා පුංචි කැබැල්ලක් අමුකහ සමඟ දමන්න. ප්‍රතිඵල දායක බව ඔබටම වැටහේවි. විශේෂයෙන් කියන්න දෙයක් තිබෙනවා. මේ මාස දෙක තුළ ළිං කැපීම කළාට ළිං වැහීම කරන්න එපා.

 

ගුප්ත මන්ත්‍රාචාර්ය
ඡ්‍යොතිෂ විද්‍යා – සහතික
භාරත භාෂ්කර ශිරෝමණි සම්මාන

මොරටුවේ
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.