ලග්න රැසකට සුබඵල දෙමින් බුධ සිකුරු බලවත් වේ

මැයි 17, 2019

ග්‍රහමණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා තමාගේ ස්වක්ෂේත්‍ර රාශි භවන වූ මිථුන රාශියට 2019 ජූනි මස දෙවන රවි දින පිවිස එම මාසයේ 21 වන කිවි දින දක්වාම බලවත් වූ ගමනක යෙදෙමින් ද ග්‍රහමණ්ඩලයේ මනාලිය වූ සිකුරු තමාගේ ස්වක්ෂේත්‍ර රාශි භවනක් වූ වෘෂභ රාශියට 2019 ජූනි මස 4 වන කුජ දින පිවිස එම මාසයේ 29 වන ශනි දින දක්වාම බලවත් වූ ගමනක යෙදෙනු ඇත.

විශේෂයෙන් බුධ, මිථුන රාශි ගතව ගමන් කිරීම තුළින් මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට භද්‍රයෝග බලයක් සිකුරු වෘෂභ රාශිගතවීම තුළින් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට මාලවි යෝග බලයත් යෙදෙනු ඇත. මෙම කාල වකවානුව තුළ ඉහත ලග්නවලින් උත්පත්තිය ලබන දූ දරුවන් ද ඉතා වාසනාවන්ත වන අතර භද්‍රා හා මාලවි යෝග බලයන් සහිතව උත්පත්තිය ලබනු ඇත.

ඡ්‍යොතිෂවේදී
රේණුක වික්‍රමසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.