නැකතක බල මහිම

මැයි 31, 2019

දකුණු සිරිලක හික්කඩුව ග්‍රාමයේ පවුලකට ලැබුණු තුන්වැනි දරුවාගේ උත්පත්තිය පල්ලියේ පොතේ සඳහන් කරන්නට ගිය පියාණන්ට එහි පාදිලිතුමාගෙන් දරුවාට ලැබුණු නාමය නිකුලස්ය. 

ඉංගී‍්‍රසි පාලන යුගය වූ හෙයින් එසේ පල්ලියෙන් ලැබෙන නාමයක් හොඳ හිතින් ලබාගෙන සතුටුවීම සිංහල බෞද්ධයන්ගේ යුතුකමක්ව පැවතිණි. පියා එම ගමන ගොස් නිවස බලා එන ගමන්ම තම දරුවා උපන් වේලාව හිතවත් ගුරුන්නාන්සේ  වෙත දීගෙන ආවේ පුරුද්දට වාගේය. වැඩිමහල් දෙදෙනාට වඩා මේ දරුවා උත්පත්තියෙන්ම කෙසඟයෙකි. එහෙත් නිරෝගී බව දක්නට ලැබිණි. තියුණු නෙත් ඇති දරුවා පිනැත්තකු බව දෙමාපියන්ටද සෙසු නෑදෑයන්ටද ඒ ටිකටම හැඟී තිබිණි.
දින ගණනාවකට පසුව ගුරුන්නාන්සේ හමුවූ පියාණන්ට පුස්කොළයක ලියන ලද වේලාපත්කඩය ලැබිණි.
 “මේ දරුවා මන්ද ආයුෂ්කයි. ඉගෙන ගැනීමේ දක්ෂතාවක්ද දැක්වෙන්නේ නෑ. හතර කේන්දරෙත් පාළුයි. ඒ නිසා මහණකමට නම් සුදුසුයි.” 
යනුවෙන් එසේ වේලාපත්කඩය තමන් අතට දුන් පසු ගුරුන්නාන්සේ කියා සිටියේ ය. ඒ බව නිවසට විත් සිය බිරිඳට කියා සිටි වේලේ එතුමිය කළේ දරු සිඟිත්තා බදාගෙන “මයෙ දරුවාට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආධාරේ ලැබෙන්න ඕනෑ. දීර්ඝායුෂ ලැබෙන්න ඕන. සප්ත මහා සාගරය වගේ ඉගෙන ගන්න ඉඩ ලැබෙන්න ඕන” යනුවෙන් ගුරුන්නාන්සේගේ ප්‍රකාශයට හාත්පසින්ම විරුද්ධ ප්‍රාර්ථනයක් ආශිර්වාදයක නියායෙන් කියාගෙන යාමය.
කුඩා නිකුලස් දරුවා ගමේ පන්සලේ ආශ්‍රයට වැඩි කැමැත්තක් දැක්වූයේ ය. එහි වැඩ සිටින නායක හිමියනුත් කුඩා සාමණේර හිමිවරුනුත් සමඟ වඩාත් ඇඟෑලුම්කම් දැක්වූ නිසාම දිනෙක එහි පැමිණි පියාණන්ට නාහිමිපාණන් කියා සිටියේ ‘මේ දරුවා මහණ කරන්නට හොඳයි.’ හෙට එනකොට වේලාපත්කඩය ගේමු බලන්න’ කියාය. 
වේලාපත්කඩය අනුව හතර කේන්දරය පාළු වී තිබීම ගැන නායක හාමුදුරුවන්ට සතුටක් ලැබුණේ එය ශ්‍රමණයකුට ගැළපෙන සංසිද්ධියක් හෙයිනි. ඒ සමඟම ඉතිරි ග්‍රහයන් රැඳී සිටින තැන් ගැන බැලූ විට උන්වහන්සේ දුටුවේ මේ කෙසඟ දරුවා තුළින් මතුවට රටට, ජාතියට පමණක් ද නොව භාෂා ශාස්ත්‍රයටද වැඩදායක ශ්‍රමණයකු බිහිවන බවය. සෑහෙන වේලාවක් තිස්සේ එම ග්‍රහයෝගය මැනැවින් විග්‍රහ කර බැලූ උන්වහන්සේ දරුවා තමන් අසලට ගෙන බලවත් සෙනෙහසින් යුතුව ඔහුගේ ඔළුව අතගෑහ.
“මේ දරුවා මතු දිනෙක අපේ රටට, ජාතියට පමණක් නොව සංඝ සාසනයටද මහා සම්පතක් වෙනවා. අපි හොඳ දවසක් බලලා මේ දරුව මහණ කරමු.” යි ඉන් අනතුරුව පියාණන්ගේ මුහුණ බලා කී නායක හාමුදුරුවෝ, “නිකුලස් මහණ වෙන්න කැමැතිද?” යි විමසූහ.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සෝමසිරි 

කස්තුරිආරච්චි 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.