උච්ච ස්වක්ෂේත්‍ර යෝගයන් ජීවිතයට උදාකරන සුබඵල

ජුනි 7, 2019

ග්‍රහයෙක් උච්ච හෝ ස්වක්ෂේත්‍ර තත්ත්වයට පත්වෙනවා යනු තම ශක්තීන් උපරිම අන්දමට පොළොවට පතිත කළ හැකි රාශියක ගමන් කිරීමයි. එබැවින් උච්ච හෝ ස්වක්ෂේත්‍ර ග්‍රහයින් වැඩි ප්‍රමාණයක් ළමයෙකු උපදින අවස්ථාවේ සෞරග්‍රහ මණ්ඩලය තුළ යෙදී තිබීම එම ජන්මියා මහ පොළොව මත බලවතෙකු ,ජගතෙකු ,වීරයෙකු බවට පත්කරන්නට හැකි බව ඡ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ ඉගැන්වෙන කාරණාවකි.

කේන්ද්‍ර වැඩි ප්‍රමාණයක් පරික්ෂා කර ඇති ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුට මේ පිළිබඳ අත්දැකීම් ද තිබේ.

මේෂ රාශියේ රවි

මෙම පිහිටීම් රවි උච්ච තත්වයට පත්වේ. රවිගේ අති උච්ච අංශකය මේෂ අංශක 10 වේ . මෙම යෝගයට මයුරපාල යෝගය යැයි සඳහන් වන අතර එම යෝගය සහිත ජන්මීන් රජයේ රැකියා හිමිවීම, රජයේ නිලධාරින් සමඟ යම් යම් සම්බන්ධතා සහිත කටයුතු හෝ ව්‍යාපාර ඇතිවීම, හොඳ පෞරුෂත්වය , සමාජ බලය මෙන්ම භූමිලාභ ඇතිවීම සිදුවේ.

වෘෂභ රාශියේ සඳු

සඳු උච්ච තත්වයට පත්වන්නේ වෘෂභ රාශිය තුළය. හරියට ම අති උච්ච වන අංශකය වෘෂභ රාශියේ අංශක 3 දීය. වෘෂභ රාශියේ සඳු සිටීම සස යෝගය වන අතර ජන්මියාට හොඳ පියකරු පෙනුමක් ඇතිවේ. මවගේ ආදරය කරුණාව ලැබෙන අතර මවටද යහපත් පිහිටීමකි. ඉඩකඩම් , සැප සම්පත් හිමිවේ.

මකර ලග්නයේ කුජ

මකර රාශියේ කුජ ස්ථානගතවීම සතර දීප ජය යෝගය වේ. මකරයට උච්ච වන කුජ එහි අංශක 25 දී අති උච්ච අංශකයට පිවිසේ. කෙසේ වෙතත් මෙම යෝගයෙන් උපන් අය රැකීරක්ෂාවලින් උසස්වීම් ලබන අතර තම ව්‍යාපාර ආදිය කරන්නෙ හොඳ ධනවතුන් බවට පත්වේ.

ඉවසීමෙන් එහෙත් ක්‍රියාශීලිව වැඩ කරයි. විවිධ ශිල්ප සඳහා දක්ෂ වේ. හැම දෙයකින්ම පහසු ජය ලබන තත්වයක් පවතින අතර විවාහය තුළින්ද උසස් තත්ත්වයක් ඇතිවේ.

කන්‍යා රාශියේ බුධ

න්‍යාවට බුධ උච්ච බලය මෙන්ම ස්වක්ෂේත්‍ර බලය යන දෙකම ඇතිකරයි. කන්‍යාවේ අංශක 15 අංශකයේදී අති උච්ච තත්වයට පත්වෙන අතර මෙය ‘විදුරවි’ යෝගය ලෙස හඳුන්වයි. ධාරණ ශක්තිය ඉහළ අය මෙම යෝගයෙන් උපදින අතර උසස් දැනුම බුද්ධිය යන දෙකම ඇතිවේ.

තමා උගත් දේට වඩා තමාට ඉගෙන ගැනීමට ඇති දේ වැඩි බව සිතයි. වයසට ගියත් ඉගෙන ගැනීමේ ආශාවන් තිබේ. උගත්කමින් ආඩම්බර වෙන්නේද නැත. හරි හම්බ කිරීමට වඩා චිත්ත සංවර්ධනයට වැඩි අවධානය යොමු කරයි.

කටක රාශියේ ගුරු

ගුරු, කටක රාශි ගතවීමෙන් ඇතිවන්නේ ජය සිඳු යෝගයයි. කටකයේදී ගුරු උච්ච අවස්ථාවට පැමිණෙන අතර අංශක 5 දී අති උච්ච අංශකයට පැමිණේ. මෙම යෝගය සහිතව උපන් ජන්මියා පි‍්‍රයමනාප රූප ශෝභාවලින් යුක්ත වන අතර වැරදි වලට පැටලෙන්නේ නැත. දරුවන්ගෙන් හොඳක්ම සිදුවන අතර සතුරු කරදර ඇති නොවේ. විවිධ ශිල්ප ශාස්ත්‍රවල මෙන්ම සාමාජික දැනුම වැඩිය. ගුණයහපත් සාධාරණ හැඟීම්වලින් යුත් අයෙකු ලෙස අන්‍යයන් පිළිගනී.

මීන රාශියේ සිකුරු

සිකුරු මීන රාශිගතවීමෙන් “මහෞෂධ යෝගය” සෑදේ. සිකුරු එහිදී උච්ච වන අතර අංශක 27 අති උච්ච අංශකය වේ. රූමත් භාවයට පත්වීම, දුබල දුර්වල අයට උදව් උපකාර කරන අයෙකු වීම නිරෝගිමත් වීම, අන් අයගේ ගෞරවාදරයට පත්වීම වැනි කරුණු යෙදීම සිදුවනු ඇත.

තුලා රාශියේ සෙනසුරු

සෙනසුරු තුලා රාශිගතවීම තුළින් සෙනසුරු උච්ච තත්වයකට පත්වේ. සේතක යෝගය” ලෙස මෙය හඳුන්වන අතර තුලා අංශක 20 දී අති උච්ච තත්වයට පත්වේ. මෙසේ ශනි, තුලා රාශිගත වී ඇති අවස්ථාවක උපදින ජන්මීන්ට දුක සැප එකසේ විඳ දරා ගැනීමේ ශක්තිය හිමිවන බව කියයි.

තවද කුජ, බුධ, ගුරු. ශුක්‍ර, යන පංච ග්‍රහයින් කේන්ද්‍ර ස්ථානවල උච්ච ස්වක්ෂේත්‍ර තත්වයන්ට පත්වීම සහ ගුරු . සිකුරු යන ග්‍රහ ද්විත්වය 5,9 ස්ථානවල දී එම තත්වයට පත්වීම ජන්මියා උසස් තත්වයකට ගෙන එන පංච මහා පුරුෂ යෝග සාදයි. කුජගෙන් ‘රුචක යෝගය ද , බුධගෙන් “භද්‍ර යෝගය” ද, ගුරුගෙන් “හංස යෝගය” ද සිකුරුගෙන් “මාලවී යෝගය” ද සෙනසුරුගෙන් “සස යෝගයද එසේ සාදන පංච මහා පුරුෂ යෝගයි.

එමෙන්ම ඕනෑම භාවයක ස්වක්ෂේත්‍ර තත්වයෙන් එනම් තමාට අයත් භාවයක ග්‍රහයින් සිටීමෙන් ඇතිවන යෝගද වේ. ග්‍රහයින් 7 දෙනාම මෙහිදී සුවිශේෂි යෝග හතක් සාදයි.

සිංහ රාශියේ රවි

කොතනක ගියත් ප්‍රධානත්වයක්, නායකත්වයක් හිමි වන පිහිටීමකි. තම මතය අනුවම කටයුතු කිරීමට පෙලඹෙන අතර එසේ කිරීමට අවස්ථාවද ලැබේ. නිතරම අන් අයගේ ගෞරවය සැලකිල්ල බලාපොරොත්තු වේ. මෙය “උපේන්ද්‍ර යෝගයයි”

කටක රාශියේ සඳු

ඕනෑම භාවයක කටක රශියේ සඳු සිටීමෙන් ගුණ යහපත් දූ දරුවන් ලබා හොඳින් ජීවිතය ගතකරයි. ධනය බලයට වඩා මනුෂ්‍යත්වය අගය කරයි. මෙම යෝගය කුලීර යෝගයකි.

මේෂ රාශියේ කුජ

නිදහසට ගරු කරන, ක්‍රියාශීලි ගති පෙන්වන සම්පත් හිමිවන අයෙකි. උපන් තත්වයට වඩා දිනෙන් දින දියුණුවක් ලබයි. මෙය “ගජ කේෂර යෝගයයි”

වෘශ්චික රාශියේ කුජ

විවාහයෙන් පසු දියුණුවට පත්වේ. තම කලබලකාරි බව ඉක්මන්කම නිසා හදිසි අනතුරුවලට ලක්විය හැකිය. රහසිගත කටයුතුවලට පෙලඹිය හැකිය. ලේ සම්බන්ධ රෝග පීඩාදිය ඇතිවිය හැකිය.ඉඩකඩම් දේපළ ලැබිය හැකි අතර ඒවායින් දියුණුව යෙදේ. මෙම යෝගය “මහීපාල යෝගයයි.”

මිථුන රාශියෙ බුධ

දැනුම සහිත තැනැත්තෙක් ලෙස සමාජය පිළිගනී. අන් අයට කරුණු තේරුම් කර දීමේ හැකියාව ඇත. නිර්මාණශීලි දේවල් බිහිවේ. කලා කටයුතුවලින්ද ජයග්‍රහණ ලැබේ. සිත් ඇදගන්නා සුළු කතා විලාසයක් තිබිය හැකිය. මෙම යෝගය “අමෘත යෝගය” වේ.

ධනු රාශියේ ගුරු

ධනයට වඩා ගුණයහපත්කම උතුම්කොට සලකයි. සැලකිය යුතු ධනයක් ද ලැබේ. පෙම්වතුන්, පෙම්වතියන් හෝ විවාහ එකකට වැඩි ගණනක්වීමේ ඉඩකඩ ඇත. මෙය “රණහංස යෝගයයි”

මීන රාශියේ ගුරු

මම යෝගය “භූමිපාල යෝගය” ලෙස හඳුන්වන අතර භූමිය සම්බන්ධ කටයුතුවලදී වැඩි ඵල ප්‍රයෝජන ලැබෙන අතර ඉඩකඩම් ද හිමිවේ. ආඩම්බර ගති ලක්ෂණ නොමැත. බොහෝ ගැටලු ඔලුවේ නොදමාගෙන පිරිසුදු සිතක් තබා ගනී.

වෘෂභ රාශියේ සිකුරු

වෘෂභයට සිකුරු ස්වක්ෂේත්‍ර වන අතර ජන්මියා පි‍්‍රයමනාප රුවැති අයෙකු වේ. විරුද්ධ පාර්ශ්වයේ සිත් ඇද බැඳ ගනී. විනෝදයට තරමක් බරවේ. ආදරය, සෙනෙහස උතුම් කොට සලකයි. විවාහය ද යහපත් වේ. දියුණුව සැපය, බලය ලබන අතර ජීවිතයේ හොඳ තත්වයන්ට පත්වේ. මෙම යෝගය විෂ්ණු යෝගය වේ.

තුලා රාශියේ සිකුරු

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

භාරත භාෂ්කර ඡ්‍යොතිෂ හා

වාස්තු විද්‍යා ශිල්පී සාමවිනිසුරු

ඩී.ආර්. කළුආරච්චි

මිනුවන්ගොඩ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.