සඳු,ශනි, සිකුරු සංයෝගය මහණ යෝගයක්ද?

ජුනි 28, 2019

මෙය මහණ යෝගයක් වශයෙන් ඡ්‍යොතිෂ විද්වත් මහතුන් විසින් පෙන්වාදී ඇත. නමුත් ඡ්‍යොතිෂ නිගමනය අනුව සඳු සහ සිකුරු සුකොමළ තරුණ ස්ත්‍රී ග්‍රහ දෙපලක් වශයෙන් පෙන්වාදී ඇති අතර ශනි වයස ඉක්මවා ගිය පුද්ගලයෙක් වශයෙන් හඳුන්වා ඇත. සිකුරුගෙන් හා සඳුගෙන් මෙම විශ්වයට මුදා හරින සිතට සැහැල්ලුව සැනසුම ගෙන දෙන කිරණ සමූහයාගේ ස්වභාවය අනුව ස්ත්‍රී ග්‍රහ දෙපලක් වශයෙන් හඳුන්වන අතර තරුණ ස්ත්‍රීන් තුළ පවතින ආකර්ෂණීය හැඟුම් බර විලාශයටද සිකුරු හා සඳු මුල් වන්නේය. සියලු සිතුම් පැතුම් තාවකාලික බව පෙන්වන සෙනසුරුගේ අඳුරු පැහැති මලානික කිරණ සමූහයාගෙන් වෙලී ගිය වයස ඉක්මවූ අයෙකුට සිකුරු හා සඳුගේ බලපෑම තදින් ඇති වුවහොත් වයසක බව මොහොතකට ඉවත්වී තරුණයෙකුගේ විලාශය ගන්නේ නැතිද? අද සමාජය තුළ බොහෝ අවස්ථාවල මෙය දකින්නට අසන්නට ලැබෙනවා නේද? වයස ඉක්මවා ගියත් අංකල් හෝ මාමා කියනවාට එසේම ආච්චි අම්මා කියනවාට අකමැති සමාජයක් අප අතරේ තියනවා නේද? මේවාට බලපවත්වන ග්‍රහචාරය සඳු, සිකුරු, ස්ත්‍රි ග්‍රහ දෙපලට එකතුවන සෙනසුරුගෙන් ඇති නොවන්නේද? එසේ නම් මෙම ග්‍රහ සංයෝගය මහණ දම් පිරීමට සංසාර සාගරයෙන් එගොඩවීමට උපකාරී වන්නේද, මෙය ලග්නය අනුව විස්තරකිරීමෙන් ඔබට පැහැදිලි වේ. විශේෂයෙන් උපතේදී ශනි , සඳු, සිකුරු සංයෝගය යෙදී ඇති භාවය අනුව සොයා බලමු.

මේෂ ලග්නය

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිර්වේදී

ජේ. ගුණපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.