අසුබ ඵල දෙමින් යුරේනස් ආපසු හැරේ

ජූලි 12, 2019

විවිධ වූ පෙරළිකාර සිදුවීම් ඇති කිරීමට සමත් ඉන්ද්‍ර හෙවත් යුරේනස් අඟහරුට අයත් මේෂ රාශියෙහි ගමන් කරමින් සිටියදී 2019 අගෝස්තු මස 12 වන සඳු දින කේතුට අයත් අස්විද නැකැත් 4 වන පාදයේදී සුපුරුදු ගමන් නවතා ආපසු හැරී ගමන් කිරීමට අරඹා 2020 ජනවාරි 11 වන ශනි දින අස්විද නැකැතේ 3 වන පාදය තෙක් එසේ වක්‍රව ගමන් කර නැවත සුපුරුදු ලෙස ගමන් කිරීම සිදුකරයි.

මෙම කාලවකවානුව අප රටට එතරම් ශුභදායි නොවනු ඇත. රට තුළ බලාපොරොත්තු රහිත වූ ක්ෂණික කරදර ඇති වන අතර විශේෂයෙන් මෙම වකවානුව තුළ රිය පැදවීම් කිරීමේදීත් මහ මග ගමන් කිරීමේදිත් කල්පනාකාරි විය යුතු අතර රථවාහන ආශි‍්‍රතව සිදුවන අනතුරුවල වර්ධනයක් සිදුවන කාලයකි. බිහිසුනු දුම්රිය අනතුරක් ඇතිවීමක් එකිනෙක දුම්රිය ගැටීමක් හෝ පෙරළීමක් පිපිරීමක් සිදුවන නාවික, ධීවර යාත්‍රා අනතුරට එක්වීමත් තැපැල් සේවක ප්‍රශ්නයක් ඇතිවීමක් වැඩ වැරීම් සිදුවීමක් සිදුවන්නාවූ වකවානුවක් වනු ඇත. මෙම වකවානුව තුළ දුම්රිය , බස්රථ, මෝටර් රථ, ගුවන් යානා වන්හිත් ධීවර යාත්‍රා මෙන්ම යාත්‍රා වන්හිදී ගමන් කිරීමේදි ප්‍රවේසම් විය යුතු අතර හදිසි බිහිසුණු සිදුවීමක් සිදුවිය හැක.

ඡ්‍යොතිෂවේදී

රේණුක වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.