අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පිටත්ව යාමට සුබ මුහුර්ථ

ජූලි 19, 2019

ඉහත විභාග පරීක්ෂණ කටයුතු ආරම්භය අගෝස්තු මස 05 වැනි සඳුදා දිනයේ සිට අගෝස්තු මස 31 වැනි සෙනසුරාදා දක්වා වේ. අගෝස්තු 05 වැනිදා සිට අගෝස්තු 22 දින දක්වාම සූර්ය උදාව 06.05 ට වන අතර, ඉතිරි සියලුම දිනවල 06.04 ට වේ.

විභාගයේ ආරම්භය ලෙසට යෙදෙන සඳුදා, සඳහන් කරන ලද පහත සඳහන් වේලාවේම යා හැකි නම් වඩාත් සුදුසු ය. මන්ද, ආරම්භයට ගත් වේලාවන් අභිවෘද්ධියට අදාළ වීමත්, එම කාලය තුළ මෛත්‍රී හා චක්‍රවාන මුහුර්ථ කාල ඇතුළත් වීම නිසා ය. ඒ අනුව සුදු මල් වට්ටියක් තබා පහන් දල්වා තමා අදහන ආගම දහමක ආශිර්වාද ලබා පිටත්ව යන වේලාවේ,

“ජයෝ මුනින්දස්ස - සුබෝධි මූලේ

අහෝසි මාරස්ස පරාජයෝහී

උග්ඝෝස යුං දේව ගණා පසන්නා

ඒතේන සච්චේන ජයස්සු මය්හං”

යන ගාථාව සිහිපත් කොට තමා තෝරාගත් ශුභ වේලාවේ, ශුභ දිශාව බලා පිටත්ව යන්න. සියලුම දූ දරුවන්ට ඵලදායක ජයක්ම ලැබේවා.

අගෝස්තු 05 සඳුදා 06.56 - 06.59, 07.03 - 07.05 06.05 11.44 - 11.47, 12.07 - 12.10 ඊසාන දිග බලා

අගෝස්තු 06 අඟහරුවාදා 06.20 - 06.23, 07.20 - 07.23, 07.44 - 07.47 06.05 11.56 - 11.59 නැගෙනහිර බලා

අගෝස්තු 07 බදාදා 06.21 - 06.23, 07.32 -07.38 06.05 11.20 - 11.22 - 11.44 - 11.54 දකුණ බලා

අගෝස්තු 08 බ්‍රහස්පතින්දා 06.20 - 06.23, 07.20 - 07.23 06.05 11.32 - 11.34, 11.53 - 11.56 නැගෙනහිර බලා

අගෝස්තු 09 සිකුරාදා 06.44 - 06.46, 07.20 - 07.23 06.05 12.20 - 12.23 , 01.08 - 01.11 ඊසාන දිග බලා

අගෝස්තු 10 සෙනසුරාදා 06.56 - 06.59, 07.20 - 07.23 06.05 11.08 - 11.10, 11.20 - 11.22 ඊසාන දිග බලා

අගෝස්තු 13 අඟහරුවාදා 06.20 - 06.23, 07.20 - 07.23, 07.44 - 07.47 06.05 11.56 - 11.59 නැගෙනහිර බලා

අගෝස්තු 15 බ්‍රහස්පතින්දා 06.20 - 06.23, 07.20 - 07.23 06.05 11.32 - 11.34, 11.53 - 11.56 නැගෙනහිර බලා

අගෝස්තු 16 සිකුරාදා 06.44 - 06.46, 07.20 - 7.23 06.05 12.20 - 12.23, 01.08 - 01.11 දකුණ බලා

අගෝස්තු 17 සෙනසුරාදා 06.56 - 06.59, 07.20 - 07.23 06.05 11.08 - 11.10, 11.20 - 11.22 දකුණ බලා

අගෝස්තු 19 සඳුදා 06.56 - 06.59, 07.03 - 07.05 06.05 11.44 - 11.47, 12.07 - 12.10 උතුරු දිශාව බලා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදිනී

එස්.එච්. වංසාද සිල්වා 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.