ග්‍රහ ලොව සෙන්පති නීචයෙන මිදී බලවත් ගමනක

අගෝස්තු 2, 2019

ලග්න රැසකට සුබ ඵල

මේෂ, සිංහ, කන්‍යා, වෘශ්චික හා ධනු යන ලග්නවලට සුබ පල උදා වන අතර

ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටුවනු ඇත.

ග්‍රහ ලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ලෙයට අධිපති කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළඹෙන 2019 අගෝස්තු මස 09 වන සිකුරාදා දින පාන්දර 04.47 ට මෙතෙක් ගමන් ගත් සිය නීච දුබල රාශිය වූ සඳු හිමි කටක රාශියෙන් මිදී සිය මිතුරු රාශියක් වූ රවි හිමි සිංහ රාශියට පිවිසෙයි.

එම කුජ ග්‍රහ තාරකාව එතැන් සිට 2019 සැප්තැම්බර් මස 25 වෙනිදා දක්වා ම සිංහ රාශියේ මෙම ග්‍රහ චලිතය පවත්වා ගැනීමත්, රවි සමඟින් යෝග වීමත් අනුව මෙම ග්‍රහ ලොව බලවතාගේ සිංහ හා රාශි ගත ග්‍රහ චලිතය මත සලකා බැලීමේ දී පොදු වශයෙන් මෙම මාස 2 කට ආසන්න කාලයේ දී මේෂ, සිංහ, කන්‍යා, වෘශ්චික හා ධනු යන ලග්නවලට සුබඵල උදාවන අතර ඔවුන්ගේ බොහෝ සිතුම් පැතුම් ඉටුවනු ඇත. වෘෂභ, මිථුන, කටක, තුලා, මකර, කුම්භ හා මීන යන ලග්නවලට තරමක් අසුබ ඵල ද උදාවනු ඇත.

අප රට දෙස අවධානය යොමු කිරීමේ දී මෙම කාලය තුළ රටේ ආරක්ෂක අංශවල ප්‍රමුඛ වර්ධනයක් දක්නට ලැබෙනු ඇත.

07 පිටුවට...

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී- බණ්ඩාරගම

සම්පත් එස්. කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.