පස් දෙනෙක් සිංහාසනයට සුබ දායක කාලයක්

අගෝස්තු 9, 2019

දේශපාලනයේ නව මුහුණුවරක් ඔබේ ලග්නයට මෙතෙක් තිබූ පීඩා දුරුවීමක්

අගෝස්තු 12 වෙනිදා බ්‍රහස්පති නිවෘත වී ධනුවට පැමිණීම ඇරඹේ. අගෝස්තු 17 රාජ්‍ය කාරක රවි සිංහයට පැමිණ බලවත් වන අතර, කුජ ද සිංහයේ ගමන්ගනී. අගෝ. 26 බුධ ද, අගෝ. 16 සිට සිකුරු ද අගෝ. 30 සඳුද සිංහයට පැමිණීමත් සමඟ රවි, කුජ, සිකුරු, බුධ, සඳු යන ග්‍රහයින් පස්දෙනෙක් සිංහයේ ගමන් ගැනීම.

රාශි අටක ග්‍රහයින්ගේ සංයෝගය ඉදිරියේ දී ලග්න කීපයකටම ධනයෝග, රාජ යෝග, ඇතුළු සුබ පල උදාකරන කාලයකි. විශේෂයෙන් ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රය අනුව හවුල් කටයුතු, සහ සම්බන්ධතාවයන් ගැන කියවෙන හත් වැන්නේ මෙම ග්‍රහ ගෝචරය සිදුවන අතර, අගෝ. 31 දා සිට සැප්. 03 දා දක්වා හත අධිපති රවි වර්ගෝත්තම බලයෙන්ද බලවත්වීම ප්‍රබල දේශපාලකයින්ගේ එකමුතු වීමකට පොදු ජනතා ආශීර්වාදය හිමි වේ. මෙතෙක් වක්‍රව ගමන් ගත් ශ්‍රී ලංකා කුම්භ ලග්න, ලග්නාධිපති සෙනසුරු සැප්තැම්බර් 18 වක්‍රයෙන් මිදී නිවෘත වීම, බුද්ධි කාරක බුධගේ උච්චවීමත්, නැවත වරක් කන්‍ය වේ. සැප්. 29 දා බුධ, රවි, සඳු, කුජ, සිකුරු සංයෝගයක් බුද්ධිමත් නිවැරැදි තීරණ ජය ලබන කාලයකි. එහි ප්‍රතිඵලය 2020 ජනවාරි 24 ශ්‍රී ලංකා කුම්භ ලග්න ලග්නාධිපති සෙනසුරු, අවුරුදු 30 කට පසු මකර රාශියේ බලවත් වීමෙන් පසු, රටට ද ජනතාවට ද පසක් වනු ඇත.විශේෂයෙන්, මේෂ, මිථුන, සිංහ, තුලා, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්න වලට සුබයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.