බුධ කන්‍යාවට ලග්න 4 කට භද්‍ර යෝගය

අගෝස්තු 16, 2019

අධ්‍යාපන කටයුතුවලට නව නීති

බලවත් යෝග බලයක් වූ පංච මහා පුරුෂ යෝග අතරින් භද්‍ර යෝග බලය 2019 සැප්තැම්බර් මස 11 වන බුධ දින පාන්දර 4.59 ට බුධ ග්‍රහයා තමාට උච්ච රාශි භවන වූ කන්‍යා රාශියට පිවිසීමෙන් යෙදෙන අතර භද්‍ර යෝග බලය 2019 සැප්තැම්බර් 29 වන ඉරු දින දවල් 12 පසු වී විනාඩි 56 දක්වා බුධ ග්‍රහයා කන්‍යා රාශිගතව ගමන් කිරීම සිදුවනු ඇත

මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට භද්‍ර යෝග බලයේ ඵල අත්වන අතර මෙම වකවානුව තුළ ඉහත ලග්නවලින් උපදින දූ දදරුවන් ඉතා පින්වන්ත හැදි දැඩි සිරුරක් සහිතව බුද්ධිමත් වූත් රටට වැඩදායි වූත් ඉංජිනේරු මෙන්ම උපදේශකවරුන් සියුම් බුද්ධිමත් පුද්ගලයන් ලෙසට රටතුළ කැපී පෙනෙන ලෙස ජීවත් වීමට වරම් හිමි අය බවට පත් වනු ඇත. අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ අත්වන අතර සාහිත්‍ය වේදීන්ට ලේඛකයන්ට මාධ්‍යවේදීන්ට පුවත් ප්‍රකාශ කරන්නන්හට ඉතා අයහපත් වන අතර මාරක ඇතිවන කාලයක් වේ. අධ්‍යාපන කටයුතු පිළිබඳව නව නීති ඇති වන්නාවුන් වකවානුවක් ද වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.