නව උපත් වලට බලවත් දිනයක්

අගෝස්තු 16, 2019

2019 ඔක්තෝබර් මාසයේ 04 දින සිට ඔක්තෝබර් 17 දක්වා යෙදෙන යෝග බලයකි. බුධ – ශුක්‍ර යෝගයක්. කන්‍යා ලග්නයෙන් උපනුන්ට පමණක් බලවත් වේ.

කන්‍යා ලග්නයෙන් උපත ලබන අයට 1-2 අධිපතියෝ එක්වීමෙන්ද 9-10 අධිපතියෝ එක්වී 2 වැන්නේද යෙදී අතිවන සුවිශේෂ බලයකි. තවද “ධර්ම කර්මාධිපති යෝගය” 2 වැන්නේ පිහිටා ඇත. එම කාල සීමාවේ අළුයම උපත් වලට එනම් සූර්ය උදාවටත් පෙර සිදුවන උපත් අදාළ වේ.

කන්‍යා ලග්නයෙන් උපත ලබා ලබන මෙම බලය කලා ක්ෂේත්‍ර නිපුණතා ග්‍රන්ථ ලේඛන කටයුතුවලට බලය දෙන රැකියා බලය, උගත් බව, එයින්ම ලබන ධන බලය, ප්‍රසන්නතාවය, වෙහෙස මහන්සියකින් තොරව නිරායාශයෙන් ලැබෙන ලැබීම්, සමාජයේ කීර්ති ප්‍රශංසා, ආගිය තැන්වල කැපී පෙනෙන, පිළිගන්නා බව ආදී යහපත් කරුණු ජීවිතයට යෙදේ. එසේම කන්‍යා ලග්නයට බුධ – ශුක්‍ර යෝගය වටිනා යෝගයකි. ඵලදායක යෝගයකි.

ඔක්තෝබර් 18 රවි තුලා රාශිගත වීමට ප්‍රථම 17 වැනි ගුරු දිනයේද යෙදී ඇතත්, නැකැත් බලය අනුව, ඉහත දිනයන් තරම් ප්‍රබල නොවුවත්, දුර්ලභ යෝග බලය ලබනු ඇත.

ඡ්‍යොතිර්වේදිනී

එස්.එච්. වංසා ද සිල්වා

මාදින්නාගොඩ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.