ඔබේ ධනස්ථානාධිපතියා කොතනද?

අගෝස්තු 16, 2019

අද වන විට සමාජයේ ඇති නැති පරතරය අහසටත් වඩා උස්වී ඇති අවදියක ඔබට ධනය ලැබෙන්නට වාසනාව ඇද්ද උත්සාහ කළත් ධනය ළඟට එන්නෙ නැද්ද? කරන තරමක් නරක කරන අයට පමණක් ධනය ලැබී යහපත් ලෙස ජීවත්වන අයට එදා වේල සරිකර ගන්නට බැරිව දිවිනහා ගන්න හිතෙන විදිය ගැන ඡ්‍යොතිෂයට අනුව බලමු.

බණ පොතට අනුව නම් කර්මය නැත්නම් ගිය ආත්මේ දුන් දේ මේ ආත්මයෙ ලැබීම ලෙස සඳහන් වේ. ජන්ම කේන්ද්‍රයට අනුව ලග්නාධිපතියා හා දෙවැන්නාධිපති එකට දෙවැන්නෙ සිටීම ධනවත් වීමට හොඳ පිහිටීමකි. එහෙත් ලග්නාධිපති හා දෙවැන්නාධිපති 6,8,12 යන ස්ථානයක නම් මේ ප්‍රතිඵල අහිමි වේ. එලෙසම දෙවැන්නාධිපති සෙනසුරු හා එකතුවී නම් බොහොම සකසුරුවම් අයකු වේ. ඉතා පරිස්සමින් උපයන ධනය පරිහරණය කරනවා පමණක් නොව ගෘහ ජීවිතයද යහපත්ව පවත්වා ගනිමින් යහපත් ජීවිතයක් ගෙවයි.

දෙවැන්නාධිපති ලග්නයේ සිටීම

දුර දිග සිතා බලා කටයුතු කරන උපයාගත් ධනය ඉතා අරපරිස්සමින් පාලනය කරන පාලකයකු වේ. වයස අවු 30 න් පසු ධනය අතින් ඉහළ තලයකට පැමිණෙන අතර විවාහයෙන් පසු ඉතා දියුණුවට පත්වේ. වැඩකිරීමට කම්මැලි නැතිකමත් කතාව ඉතා චතුරවන අතර සුදුසු දේ සුදුසු අවස්ථාවේ කරන අයකුවන අතර සිකුරු, ගුරු, සඳු තැන්පත් වීම තුළ මුදල් ඇත්තකු සේම හොඳ ශරීර සෞඛ්‍යයක් හා රූපකායක් ඇති අයකුවන අතර විවාහ ජීවිතයද සාර්ථක කරගනී. එහෙත් රවි , කුජ හා සෙනසුරු, තැන්පත් වීම තුළ මෙම ප්‍රතිඵල අවුල් විය හැකිය.

දෙවැන්නාධිපති

දෙවැන්නේ පිහිටීම

මෙය ඉතා වාසනාවන්ත තත්වයක් ජන්මියාට ගෙන දෙන අතර තම උත්සාහය නිසා දියුණුවට පත්වන අයකු වේ. ව්‍යාපාරික දියුණුවට ප්‍රධාන හේතුව වන්නේ මොවුන්ගේ කතාවට ඇති මනා දක්ෂතාවය නිසාය. විවාහය මොවුන්ගේ ජීවිතයට සෞභාග්‍යය ගෙන දෙන අතර දෙවැන්නෙ සඳු සිටීම තුළ කරුණාවන්ත කෙනෙකු වන අතර ව්‍යාපාරික ලෝකයෙ ජනපි‍්‍රය පුද්ගලයකු වනු ඇත. එහෙත් රාහු හෝ කුජ ග්‍රහයන් දෙවැන්න තුළ පිහිටීම තුළ ඉතා අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දෙන අතර ලෝකයට ණයකාරයකු වනු ඇත. විවාහ ජීවිතයද අවුල් වන අතර ගනුදෙනු වලදී අපහාසයට ලක්වන චරිතයක් වනු ඇත.

දෙවැන්නාධිපති තුන්වැන්නෙ පිහිටීම තුන්වැන්නේ යහපත් ග්‍රහයෙකු පිහිටීම තුළ ජන්මියා දුරදිග සිතා බලා කටයුතු කරන අයකු වන අතර මසුරුකමක් නැති සුදුසු දේට සුදුසු අයුරින් ධනය වියදම් කරන අයකු වන අතර ව්‍යාපාර වලදී ඉතා බුද්ධිමත් තීරණ ගන්නා අයකු වේ. බොහෝවිට මේ අය දිවා රාත්‍රී නොබලා වැඩකරන අතර අන් අයට ඇහුම්කන් දෙන අයකු වන අතර දියුණුවේ ඉහළට ගමන් කරයි. එහෙත් කේතු වැනි ග්‍රහයෙකු මෙහි තැන්පත් වීම තුළ සේවකයන්ට ඉතා පහත් අන්දමින් සලකන ගනුදෙනු වලදී වංචා සහගත කටයුතු කරන අයකු වේ.

දෙවැන්නාධිපති

හතරවැන්නේ සිටීම

ඉතා පි‍්‍රයමනාප පුද්ගලයෙකු වන අතර පරම්පරාගත ව්‍යාපාරික පිහිටීම දැකිය හැකිය. ව්‍යාපාරවලදි අවංක වන අතර හවුල් ව්‍යාපාරවලට අති දක්ෂ වේ. විවාහයෙන් පසු ඉතා තදබල දියුණුවක් ලබන අතර සැපවත් ජීවිතයක් ගෙවයි.

ගේ දොර වතුපිටි නොඅඩුව ලබන අතර බිරිඳගෙ පාර්ශ්වයෙන් වැඩි ප්‍රතිලාභ ලැබීමට වාසනාව ඇත. එහෙත් රවි වැනි ග්‍රහයෙකු තැන්පත් වීම තුළ පියාට අපල ගෙන දෙන අතර පියාගෙන් වෙන් වීමට බොහෝ ඉඩකඩ වැඩිය.

දෙවැන්නාධිපති

පස්වැන්නේ පිහිටීම

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී

රත්න ශ්‍රී සෙනරත්

හොරණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.