ඊසැර වෙඩි සැර බලැති නැකතක් කෝටිපති ව්‍යාපාරිකයන් සහ ඤාණවන්ත දූ පුතුන් බිහි කරයි

අගෝස්තු 23, 2019

කන්‍යා රවි 09 භාග බිනර මහේ අව එකොළොස්වක තිථිය ලත් සැප්තැම්බර් 25 වෙනි බුධ දින පෙරවරු 06.05 ට බුධ හිමි කන්‍යා රාශියෙන් බ්‍රහස්පතිට හිමි මීන නවාංශකයෙන් බුධ ගුරු ෂඩ්කෝණ දෘෂ්ටිය ද පිංගල පක්ෂියාගේ රජ අවස්ථාව ශනි හිමි පුෂ නැකතක බුධ හිමි කන්‍යා රාශි උදාව බ්‍රහස්පති හිමි මීන නවාංශක උදාව අටවිසි මහා යෝගයන් අතරින් මාතාංග නම් වූ අති විශිෂ්ට යෝග බලය එසේම සිඟිති දරු දැරියන්ට අත්පොත් තැබීමෙන් මහා බලගතු ඤාණකාරක මානසිකත්වයකටද ව්‍යාපාරික ලොවෙහි කෝටිප්‍රකෝටිපතියන් වී මෙහිලා ද ධනාත්මක මෙන්ම ගුණාත්මක ඉෂ්ඨාර්ථ සිද්ධිය ගෙනදෙන ලබන සෞභාග්‍යය ළඟා කෙරෙන ධාරණ ස්මෘතියෙහිලා ගණදෙවි සරස්වතියගේ බැල්ම ලබාදෙන ශුභ නක්ෂත්‍ර යෝගයෙකි.

රවි, බුධ, සිකුරු උදා රාශි ලග්නයක වීමෙන් නීච භංග රාජයෝග බලයද දහ වැන්නට කර්ම ස්ථානගත උච්ච ක්ෂේත්‍ර රාහු ග්‍රහයාගෙන් මෙන්ම අයස්ථාන වූ 11 වැන්නාධිපති චන්ද්‍රයා ස්වක්ෂේත්‍ර බලයෙන් ද වික්‍රමස්ථානය වූ තුන් වැන්නේ මිත්‍රශීලී බ්‍රහස්පති ග්‍රහයාට චන්ද්‍රයාගේ පූර්ණ දෘෂ්ටිය ලැබීම ද 05 වැන්න වූ විද්‍යාස්ථාණාධිපති වූ සෙනසුරු සමව කේතු මිත්‍රශීලීව දිට්ඨ ධම්මවේදනීය කර්මඵල විපාකය ගෙනදෙනු ලබන හතර වැන්නේ තැම්පත්වීමද අට වැන්නාධිපති අඟහරු විපරිත යෝග බලයෙන් මිත්‍රශීලීව 12 වැන්නෙහි තැම්පත්වීමද අතිශය ප්‍රශස්ත ග්‍රහ පිහිටීම්වෙයි.

07 පිටුවට...

ඡ්‍යොතිෂවේදී-කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.