සිකුරු නීචවීමත් සමඟ නීච භංග රාජ යෝගයක්

අගෝස්තු 30, 2019

ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාට නීචරාශි භංග වූ බුධට අයත් කන්‍යා රාශියට 2019 සැප්තැම්බර් 10 වන කුජ දින 01.42 ට පිවිස 2019 ඔක්තෝම්බර් 04 වන කිවිදින දක්වා නීචව සිකුරු ගමන් කරනු ඇත.

කන්‍යා රාශියට උච්ච වූ බුධ 2019 සැප්තැම්බර් 11 වන බුධ දින පාන්දර 4 පසු වී විනාඩි 59 ට පිවිස 2019 සැප්තැම්බර් 29 ඉරු දින දහවල් 12 පසුවී විනාඩි 56 දක්වා බුධ කන්‍යාවේ උච්චව ගමන් කරනු ඇත. නීච වූ සිකුරුත් උච්ච වූ බුධත් එක්ව ගමන් කරන්නා වූ කාල සීමාව තුළ නීච භංග රාජ යෝග බලයක් ක්‍රියාත්මක වනු ඇත. විශේෂයෙන් වෘෂභ, මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, මකර, මීන ලග්න හිමියන්ට ඉතා ශුභඵල අත්වන අතර ඉහත ලග්න වලින් මෙම වකවානුව තුළ උත්පත්තිය ලබන්නා වූ අය ක්‍රමයෙන් ඉතා උසස් තත්ත්වයට පත්ව උසස් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලබන අය බවට පත්වනු ඇත.

රටේ ආර්ථික වර්ධනයක් සිදුවන කාල සීමාවක් වන අතර ව්‍යාපාරිකයන්ට ද යහපත් ඵල ගෙනදෙන කාලයකි. රට තුළ කුඩා දරුවන්ට හා තරුණ පිරිස් හට විවිධ අනතුරු වැඩි වශයෙන් යෙදෙන අතර චිත්‍ර හා සංගීත ක්ෂේත්‍රයේ නිරත ශිල්පි හෝ ශිල්පිනියකට මාරක ඇතිවනු ඇත.

සිකුරු නීචවීමත් සමඟ

නීච භංග රාජ යෝගයක්

ඡ්‍යොතිෂවේදී-
රේණුක වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.