බලගතු නැකතක මහිමය !

අගෝස්තු 30, 2019

අවුරුදු ගණන් පමා වූ චරිතාපදානය මාස තුනෙන් එළි දැක්වීමට කළුකොඳයාවේ නාහිමියන්ට අඹුවන්ගල මහතා දුන් විස්මිත නැකත

‘‘මේ අවුරුද්ද මහානායක හාමුදුරුවන් හැත්තෑපස් වැනි විය ලබන අවුරුද්දනේ. එදාට මහානායක හාමුදුරුවෝ ලියපු චරිත කතා පොත පිටවෙනවද හාමුදුරුවනේ’’? යැයි නවගමුවේ සුගතබිම්බාරාම පුරාණ විහාරස්ථානය වෙත ගිය දිනෙක මම එහි විහාරාධිකාරී පූජ්‍ය මාදන ජිනරතන නායක හිමියන්ගෙන් විමසීමි.

“හරි වැඩේනෙ කස්තුරි මහත්තයෝ. මහානායක හාමුදුරුවෝ කොච්චර බලාපොරොත්තු තියාගෙන ඒ පොත ලිව්වත් දැන් ඒක එදාට පිට නොකෙරෙන වගයි කියන්න තියෙන්නේ” යනුවෙන් මගේ ප්‍රශ්නයට උත්තර වශයෙන් උන්වහන්සේ කීවේ බලවත් විස්සෝපයකින් යුතුව බව පෙනිණ.

“ඒ මොකද නායක හාමුදුරුවනේ?”

“ගුණසේනලා අවුරුද්දක් තියෙද්දී පොතේ මුද්‍රණයට කල්මදියි කියලා කියනවා. නායක හාමුදුරුවන්ගෙන් අහලා අපේ පිඹුරේ සෝරත ස්ථවිරයෝ ලේක්හවුස් ඉන්වෙස්මන්ට් සමාගමෙන් අහලා තියෙනවා, දස මාසයක් තියෙද්දි. ඒ ගොල්ලොත් කියා තියෙන්නේ කල් මදියි කියලයි. ඉතින් පොත අච්චු ගහන්න කෙනෙක් නෑ. දෙසැම්බර් තිහට පොත පිටවෙන්නෙ නෑ’යි උන්වහන්සේ කාරණය විස්තර කර සිටියහ.

මම තරමක් දුර මේ පිළිබඳ කල්පනා කළෙමි. මුද්‍රණ ශිල්පය පිළිබඳ ඒ වන විට මට තරමක දැනුමක් ද තිබුණු හෙයින් මේ ගැන යමක් කළ යුතු යැයි සිතිණ.

“ඔබ වහන්සේට මුලින්ම මුදලක් වියදම් කරන්න පුළුවන් නම් නායක හාමුදුරුවන්ගේ චරිත කතාව නියම දිනයට නිකුත් කරන්න මට වැඩපිළිවෙළක් යොදන්න පුළුවන්.” මම කීවෙමි.

“ඒ කොහොමද කස්තුරි මහත්තයා. කොහොමද ඒ වැඩේ කරන්නේ?” යි මගේ කීමෙන් උද්‍යෝගමත් වූ උන්වහන්සේ පැවසූහ.

‘‘මෙහෙමයි නායක හාමුදුරුවනේ’’, පොතක් මුද්‍රණය කරවීමේ දී වැඩිපුර කාලය ගත වෙන්නේ අකුරු ඇමිණීමටයි. කිහිප දෙනෙකු යොදලා අකුරු අමුණලා සකස් කරව ගතහොත් මුද්‍රණාල කීපයකට ඒවා මුද්‍රණය කරවලා අවශ්‍ය දවසට පොත නිකුත් කරවන්න පුළුවන්. ඒ ගැන මට තරමක අවබෝධයක් තියෙනවා කරන්න තියෙන්නේ” මුලින්ම අකුරු කොම්පැනියෙන් අකුරු අරගෙන කිහිප දෙනෙකු ලවා අකුරු අමුණවලා පොතේ මුල් මුද්‍රණ කටයුතු සකස් කරගන්න එකයි.” මම විස්තර කළෙමි.

‘‘ඒක හොඳයි්’’, මහත්තයා හෙටම මේ ගැන මහානායක හාමුදුරුවන්ට කියලා බලන්න. මම මුලින් උදව් කරන්නම්’ යි ජිනරතන නාහිමියන් කියා සිටියේ ඉන් ඇති වූ ප්‍රබෝධය අනුවය. පසුවදා උදේම මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ දී මම මහානායක හාමුදුරුවන් හමුවීමි.
 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සෝමසිරි

කස්තුරිආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.