බුධ-තුලා රාශිගත වීමෙන් ජන ජීවිතයට නව ගමන් මඟක්

සැප්තැම්බර් 6, 2019
 
තුලා රාශිය, තුලා නවාංශකය, සිත 03 පාදය ආශි‍්‍රතව කන්‍යා රවි 13 භාග සැප්තැම්බර් 29 රිවිදින මධ්‍යාහ්න 12.56 ට  ගුරු, ශුක්‍ර ෂඩ්කෝණ දෘෂ්ටියෙන් බුධ ග්‍රහයා තුලා රාශියට සම්ප්‍රාප්ත වෙන්නේ ය. 
 
බ්‍රහස්පති හිමි ධනු රාශි උදාවේ වෘශ්චික නවාංශකය ද නවග්‍රහ මණ්ඩලයම රාහු, කේතු ඡායා ග්‍රහයණට ආවරණය වෙමින් කාල සර්ප නම් අශුභවාදී යෝගයද 01 - 10 ත්‍රිකෝණ දාෂ්ටි අශුභවාදී බවද ඉදිරි කාල පරාසය තුළ ත්‍රාසය, භීතිය ද සමඟ උදා කෙරෙන්නේ ය. ග්‍රහ මණ්ඩලයම වාමාවෘතවීම ජනජීවිතය කෙරෙහි ග්‍රහණය වෙන්නා වූ පැතිකඩෙහි ප්‍රබල නවතාවයක් ආශ්චර්යමත් ලෙස විද්‍යාමාන වෙන්නේ ය. 07 -10 ස්ථානාධිපති වූ බුධ ග්‍රහයා මිත්‍රශීලීව 11 වැන්න වූ අයස්ථානගතව ඇත. 01 - 04 ස්ථානාධිපති ගුරු මිත්‍රශීලීව 12 වැන්න වූ වැය ස්ථානගතව ද වක්‍ර යුරේනස් සමග 05 වැන්නෙද 07 වැන්නේ මිත්‍රශීලීව රාහුද 08 වැන්න වූ මෘත්‍යු ස්ථානාධිපති වූ චන්ද්‍රයා මිත්‍රශීලීව දහ වැන්න වූ කර්ම ස්ථානගතවූයේ සතුරු අඟහරුද සමවූ රවිද නීච සිකුරු ද සමරා යෙදීමෙනි. වක්‍ර වූ  ප්ලූටෝ මිත්‍රශීලීවද නිවෘති සෙනසුරු සමවද මිත්‍රශීලී කේතු ද ධනු උදා රාශි ලග්නගතව පිහිටා ඇත. 
07 පිටුවට...
ඡ්‍යොතිෂවේදී-කොත්මලේ 
විජිත ඩී. ලියනආරච්චි
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.